Health
ඔබේ දෑස් අන්ධ කරවන දියවැඩියාව
ර්ණඩයිබිටික් රෙටිනෝපති”
නොවැම්බර් 14 වැනි දිනට යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් පළවන සුවිශේෂි අතිරේකය
විවිධ වූ ඉන්ද්‍රියයන්ට පමණක් නොව මුළු සිරුරටම බැටදෙන දියවැඩියාව පාලනය නොකළහොත් සිරුරේ ඉන්ද්රියයන් අකර්මන්‍යභාවයට පත්කිරීමට තරම් දියවැඩියාවට හැකියාවක් ඇති බව අමුතුවෙන් පැවසිය යුතු නැතග එබැවින් දියවැඩියාව පාලනය කරගැනීම අතිශයින් වැදගත් කටයුත්තකිග
දියවැඩියාවට සෘජුව බලපාන ඉන්ද්රියයන් අතර ප්රමුඛ ස්ථානයක් ගන්නා වූ ඉන්ද්‍රියයක් වන්නේ අපේ දෑසයිග දියවැඩියාවට ඔබගේ දෑස් ඔබ නොසිතන අවස්ථාවක අන්ධ කිරීමට තරම් හැකියාක් පවතීග මෙයට හේතුවන්නේ ර්ණඩයිබිටික් රෙටිනෝපති” නමැති තත්ත්වයයිග
මෙම තත්ත්වය උදාවන්නේ ඇසේ දෘෂ්ඨිවිතානයේ ඇතිවන වෙනස්කම් මතයග
දෘෂ්ඨි විතානය යනු ඇසේ රූප ඇතිවන තිරයයිග ඇසේ ඉතා සංවේදී ස්නායු පටකවලින් මෙය සෑදී ඇති අතර දියවැඩියාව නිසා මෙම ඉතා සංවේදී කුඩා රුධිර නාල බිත්තිවලට හානි සිදුවේග
එවිට පටකවලට රුධිර සැපයිම අඩාලවේග මේ හේතුවෙන් දෘෂ්ඨි විතානය ඉදිමීමට ලක්වේග කාලයක් මේ තත්ත්වය පැවැතීම නිසා ඒවා පහසුවෙන් බිඳීමකට ලක්වී ඇස තුළට ලේ ගැලීම සිදුවේග මෙහිදී ඇස තුළ මෙලෙස බිඳී ගිය කැබැලි පාවීම හේතුකොට හදිසියේ දෑස් නොපෙනී යාමට ඉඩ ඇතගග මෙම රෝගී තත්ත්වය පාලනය නොකළහොත් දෘෂ්ඨි විතානයේ සිවිය ගැලවී සදාකාලික අන්ධ භාවයට රෝගියා පත්වේග
ඕනෑම දියවැඩියා රෝගියකුට මෙම රෙටිනෝපති තත්ත්වයක් උදාවිය හැකග විශේෂයෙන් දීර්ඝ කාලීනව පවතින දියවැඩියාව සහ පාලනය නොවූ දියවැඩියාව මෙයට හේතුවිය හැකග
මෙම තත්ත්වයේ භයානක භාවය වන්නේ මුල් අවස්ථාවේදී කිසිදු රෝග ලක්ෂණයක් පහල නොවීමයිග එබැවින් මෙවැනි තත්ත්වයක් උදා නොවීමට ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය වනුයේ යම් පුද්ගලයකුට දියවැඩියාව තිබෙන්නේ නම් එවැනි රෝගීන් වසරකට වරක්වත් අක්ෂි වෛද්‍යවරයකු ලවා ඇස් පරීක්ෂා කරගැනීමයිග රෙටිනෝපති තත්ත්වය
තිබේදැයි සැක හැර දැනගැනීම මෙය වඩාත් යෝග්‍ය පියවරකිග රෙටිෆෝපති පාලනය නොකළහොත් කෙලවර වන්නේ රෝගියා අන්ධයකු බවට පත් කරවමිනිග
රෙටිෆෝපති තත්ත්වය ඇතිවුවහොත් රුධිරයේ සීනි මට්ටම හා ලිපිඩ හුවමාරුව පරීක්ෂා කර එය පාලනය කළ යුතුවේග මෙවැනි රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම 110ථඨ රැඤට අඩුව පවත්වාගත යුතු අතර රුධිර පීඩනය 120රැ80 ථථ රැ බඨ ප්‍රමාණයට අවමකර ගත යුතුයග
රුධිරය සීනි පාලනය සඳහා ඖෂධ නිරන්තරයෙන් ලබාගැනීම අවශ්යවේග ආහාර පාලනයල චර්යා රටාල ව්‍යායාම අනිවාර්්‍යය වේග රෙටිනෝපති තත්ත්වය මගහරවා ගැනීමට සිදුකෙරෙන ප්‍රතිකාර අතර ලේසර් ප්‍රතිකාර ප්රමුඛයග
ලේසර් ක්‍රමය සිදුකරනුයේ ඇසට ඖෂධ බිංදු කිහිපයක් එක්කර කනිකාව :ඇසේ බබා- විශාල කර විශේෂිත ආලෝකයක් :ලේසර් කිරණ- ඇසේ දෘෂ්ඨි විතානයට යොමු කිරීමයිග
ලේසර් ප්‍රතිකාර කළ පමණින් රෙටිනීපති නිට්ටාවට සුව වේ යැයි නොසිතන්නග ලේසර් ප්‍රතිකාරයෙන් ලද සුවය දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට නම් රුධිරයේ සීනි මට්ටම අනිවාර්්යයයෙන්ම පාලනය කළ යුතුයග ලේසර් ප්‍රතිකාර කළ යුතු වාර ගණන රෙටිෆෝපති තත්ත්වය අනුව වෙනස් වේ
curtesy :
dinamina.lk