Life
ඔබේ කොණ්ඩයට ගැළපෙනම පනාව
කැරැලි කොණ්ඩයට ඔවුන් කියන විදියට නම් පිරිමි කාන්තා භේදයක් නැතිව හැම කෙනෙක්ටම තමන්ට ආවේණික හිස පීරන පනාවක් තියෙන්න ඕනෙ. හරියට දත් මදින බ්‍රෂ් එක වගේ. ඒ වගේම හිස පීරන පනාව අඩුම ගානෙ දවස් හතරකට සැරයක් වත් සෝදලා ඒකෙ තියෙන කෙස් ගස් ඉවත් කරලා පිරිසුදු කර ගන්න ඕනෙ.
කැරැලි කොණ්ඩයට
ඔවුන් කියන විදියට නම් පිරිමි කාන්තා භේදයක් නැතිව හැම කෙනෙක්ටම තමන්ට ආවේණික හිස පීරන පනාවක් තියෙන්න ඕනෙ. හරියට දත් මදින බ්‍රෂ් එක වගේ. ඒ වගේම හිස පීරන පනාව අඩුම ගානෙ දවස් හතරකට සැරයක් වත් සෝදලා ඒකෙ තියෙන කෙස් ගස් ඉවත් කරලා පිරිසුදු කර ගන්න ඕනෙ.
ඊට අමතරව වුමන්ස් හෙල්ත් සයිට් එකේ කියන ප්‍රධානම කරුණ තමයි තම තමන්ගේ හිසකෙස්වල ස්වභාවය අනුව පාවිච්චි කරන පනාව වෙනස් වෙන්න ඕනෙ කියන එක. ඒ කියන්නේ ඹචමඥඵ වගේ රැලි රැලි කොණ්ඩයක් තියෙන අය හිස පීරද්දී තල පනාවක් පාවිච්චි කරන්න හොඳ නැහැ. එයාලා 'තල පනාව' කියලා කියන්නේ අඟල් හයේ කෝදුවක් වගේ එකක දැති දැති වගේ තියෙන පනාවලට. ඒ වගේ පනාවලින් හිස පීරුවාම කොණ්ඩයේ තියෙන රැලි ස්වභාවය නැති වෙලා යනවා. ඒ නිසා රැලි රැලි කොණ්ඩයක් තියෙන අය කොණ්ඩය පීරන්න පාවිච්චි කරන්න ඕනෙ ප්‍රමාණයෙන් විශාල රවුම් බ්‍රෂ් එකක්. (01 රූපය)
රවුම් බ්‍රෂ් එක
ඒ වගේම උරහිසේ ප්‍රමාණයට කොණ්ඩය දිග අයටත් කොණ්ඩය පීරන්න ඉතාම සුදුසු පනාව විදියට හඳුන්වලා දෙන්නේ කලින් කියපු ප්‍රමාණයෙන් විශාල රවුම් බ්‍රෂ් එකක් තමයි. ඒකට හේතුව විදියට ඒ අය කියන්නේ මේ වගේ පනාවකින් පීරද්දි හිස් කබලට තදින් වදින්නේ නැති නිසාත් දිග කොණ්ඩය පහසුවෙන් පීරන්න පුළුවන් නිසාත් පනාවෙ පැටලිලා කෙස් ගස් කැඩී යන එක අවම වෙනවා කියලයි. ඉතින් ඒ වගේ අයට අනුමත කරන්නේ පරිධිය අඟල් තුනත් පහත් අතර ප්‍රමාණයකින් යුතු බ්‍රෂ් එකක්. ඒ කියන්නේ බ්‍රෂ් එකේ වටප්රමාණය අඟල් 3ත් 5ත් අතර ප්‍රමාණයකින් විය යුතුයි.
රීබොන්ඩ් කොණ්ඩයට
රීබොන්ඩ්, එහෙමත් නැත්නම් ස්ට්‍රේට් කරපු කොණ්ඩයක් තියෙන අයට කොණ්ඩෙ පීරන්න සුදුසුම පනා වර්ගය විදියට හඳුන්වලා තියෙන්නේ එක් පැත්තක විතරක් කෙඳි තියෙන (02 රූපය) බ්‍රෂ් එකක්. රීබොන්ඩ් කරපු කොණ්ඩයක් තියෙන අයට මේ වගේ බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න කියලා කියන්නේ හේතු දෙකක් නිසයි. එකක් තමයි ඕනෙම කෙනෙක් කැමැතියි කොණ්ඩය රීබොන්ඩ් කළාට පස්සේ ඒ රීබොන්ඩ් එක ගොඩක් කාලයක් තියා ගන්න. ඉතින් මේ වගේ බ්‍රෂ් එකකින් වෙන්නේ කෙස් ගස් බොහොම සිනිඳුවට පීරන එකයි. ඒ නිසා සිනිඳුවට පීරන එකෙන් රීබොන්ඩ් කරපු කෙස් ගස්වලට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා වැඩි කාලයක් තියා ගන්න පුළුවන්. අනෙත් කාරණය තමයි රීබොන්ඩ් කරපු කොණ්ඩ අවුල් වීම හෝ ගැට ගැසීම සිදු වන්නේ ඉතාම අඩුවෙන්. ඒ නිසා දත්මිටි කාගෙන ගැට කඩන්න ඕනෙ වෙන්නෙ නැහැ. ඉතින් මේ බ්‍රෂ් එකෙන් සිනිඳුවට කෙස් පීරලා දෙන නිසා කෙස් ගස් මැදින් කැඩී යෑම වළක්වා දෙනවා.
තෙත කොණ්ඩය පීරන පනාව
ටෑන්ගල් ටීමර් කියලා හඳුන්වන මේ බ්‍රෂ් එක (03 රූපය) හරි යන්නේ තෙත පිටින් කොණ්ඩෙ පීරන්න වුණොත් පාවිච්චි කරන්නයි. සාමාන්‍යයෙන් ඕනෑම කේශාලංකරණ ශිල්පියෙක් කියන්නේ තෙත පිටින් කොණ්ඩෙ පීරන්න එපා කියලා. ඒකට හේතුව තෙත පිටින් කොණ්ඩෙ පීරුවාම කෙස් ගස් ඩැමේජ් වීමේ සහ ගැලවී යෑමේ සම්භාවිතාව සීයට හැත්තෑවකින් විතර වැඩියි. ඒ නිසා තෙත පිටින් හිස පීරීම හොඳ පුරුද්දක් නෙවෙයි. නමුත් ඔබට මොකක් හරි හේතුවක් නිසා තෙත පිටින් කොණ්ඩෙ පීරන්න ඕනෙ වුණොත් මේ ටෑන්ගල් ටීමර් කියන බ්‍රෂ් වර්ගය තමයි සුදුසු වන්නේ. මේ බ්‍රෂ් එකෙන් කෙස් ගැලවී යෑම සීයට හැටකින් විතර අඩු වෙනවා. ඒ කොහොම වුණත් තෙත පිටින් කොණ්ඩෙ නොපීරන්න වග බලා ගන්න කියලත් වුමන්ස් හෙල්ත් වෙබ් සයිට් එක කියනවා.
ටීසිං බ්‍රෂ් කියලා හඳුන්වන මේ බ්‍රෂ් එක (04 රූපය) හරි යන්නේ ඉතාම කුඩා කෙස් ගස් ප්‍රමාණයක් පීරන්නයි. උදාහරණයක් විදියට හෙයා ස්ටයිල් එකක් දැම්මට පස්සෙ ෆින්ච් එක පීරන්න මේ බ්‍රෂ් එක සුදුසුයි. ඒ වගේම හෙයා ස්ටයිල් එකක් දාලා ජෙල් කළාට පස්සෙ යන්තම් උඩින් උඩින් කොණ්ඩෙ පීරන්න ඕනෙනම් මේ වගේ බ්‍රෂ් එකක් තමයි භාවිත කරන්න ඕනෙ. ටීසිං බ්‍රෂ් එකෙන් කොණ්ඩෙ ඉතා සුළු ප්‍රමාණයක් පීරන්න හරිම පහසුයි. මේකෙන් පීරද්දී කොණ්ඩයේ අනෙත් හරිය අවුල් වෙන්නෙත් නැහැ.
වින්ග්ස් බ්‍රෂ්
ටිකක් ලොකු මුදු වගේ තියෙන මේ බ්‍රෂ් එකට කියන්නේ වින්ග්ස් බ්‍රෂ් කියලා. (05 රූපය) මේ වගේ බ්‍රෂ් එකක් පාවිච්චි කරලා කොණ්ඩෙ ගැට ඉවත් කර ගන්නෙ කොහොමද කියලා ඔබට හිතෙන්නත් පුළුවන්. මේ වගේ බ්‍රෂ් එකක් හරි යන්නේ කර්ලි කොණ්ඩයකට. කර්ලි කියලා කියන්නේ හරියට අප්‍රිකානු ජාතිකයන්ගෙ වගේ තද මුදු සහිත කර්ල් කොණ්ඩයකට. ඒ වගේ අයට සාමාන්‍යයෙන් කොණ්ඩෙ ගැට ගැහෙනවා වැඩියි. ඒ වගේම පීරන්නත් අමාරුයි. ඒ නිසා කෙස් ගස් කැඩී යෑමේ සම්භාවිතාවත් වැඩියි. නමුත් මේ වින්ග්ස් බ්‍රෂ් එකකින් කොණ්ඩෙ පීරද්දි කෙස්වලට හානියක් නැතිව බොහොම පහසුවෙන් කෙස්ගස්වල ගැට කඩා ගන්න පුළුවන් කියලා තමයි වුමන්ස් හෙල්ත් වෙබ් සයිට් එක කියන්නෙ.
තවත් පනා රැසක්
ඝනකමින් වැඩි වියළි කොණ්ඩයක් තියෙන කෙනකුට ගැළපෙන්නේ පෙඩ්ල් බ්‍රෂ් නමින් හඳුන්වන බ්‍රෂ් එක. ඒකෙන් හිස පීරද්දී වියළි කෙස් ගස්වලට හානියක් ඇති වන්නේ නැහැ. ඒ වගේම කොණ්ඩයේ අගිස්ස ප්‍රදේශයත් හොඳින්ම පීරන්න පුළුවන්. සෙරමික් රවුන්ඩ් බ්‍රෂ් එක සුදුසු වන්නේ ටිකක් විශාල ප්‍රමාණයේ කර්ල්ස් සහිත කොණ්ඩයක් තියෙන අයට. ඒ වගේම කෘත්‍රිමව කොණ්ඩය කර්ල් කරපු අයටත්, සෙරමික් රවුන්ඩ් බ්‍රෂ් එක පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. වඋඩ්න් බ්‍රෂ් එක හදල තියෙන්නේ ලී හැන්ඩ්ල් එකකින්. ඒ නිසා ටිකක් බරින් වැඩියි. නමුත් ප්ලාස්ටික් බ්‍රෂ්වලට වඩා සෞඛ්‍යාරක්ෂිතයි. ලාජ් වයිඩ් ටූත් කෝම්බ් කියලා කියන්නේ දුරින් දුරින් දැති තියෙන තල පනාවට. ඒ වගේ පනාවක් හරියන්නෙ ලාජ් කර්ල්ස් තියෙන කොණ්ඩයකට. ඒ කියන්නෙ කෘත්‍රිමව ජම්බො කර්ල් කරපු කොණ්ඩයක් පීරන්න සුදුසු වෙන්නෙත් මේ වගේ පනාවක්.
ටෝල් කෝම්බ්
කොණ්ඩා විලාසිතා දාන අයට පහසුම පනා වර්ගය තමයි මේ ටෝල් කෝම්බ් කියන්නෙ. සිහින් දිග හැන්ඩ්ල් එකක් තියෙන නිසා කොණ්ඩය බෙදා ගන්න පහසුයි. ඒ නිසා හෙයා ඩේරසිං කරන ගොඩක් අය මේ වගේ ටෝල් කෝම්බ් පාවිච්චි කරනවා. හීට් රෙසිස්ටිං කොම්බ් එක අපේ රටේ වැඩිපුර පාවිච්චි කරන්නෙ නැහැ. බ්ලෝ ඩ්‍රයි කරපු කොණ්ඩයකට වගේම රිලැක්ස් කරපු කොණ්ඩයකටත් මේ බ්‍රෂ් එක ඉතාම සුදුසුයි. මේ බ්‍රෂ් එකෙන් කොණ්ඩය පීරද්දි පුංචි හීට් එකක් දැනෙනවා. ඒ හීට් එක නිසා තමයි කොණ්ඩය හරියාකාරව සෙට් වෙලා තියෙන්නෙ.
Wmqgd .ekSu u