iranama
ඔබේ කටයුතු සාර්ථකත්වයට ප්‍රබල ගාථා රත්නයක්
කෙළෙස් මහෝගය මුලිනුදුරමි නේ
සොඳුරු සැපත දිසි තිලොවග නැණිනේ
නිමල ගතැති රන් පියුම සෙ නොමිනේ
දිලෙන සුගත හිමි නමදිමි බැතිනේ
එසැණින් මොහඳුරු දුරු කර ලමිනේ
මරු බිඳහළ සඳදිය ගොස නැඟුණේ
අමසුව පිණිස පැතු පැතු සැණිනේ
නමදිමි සදහම් හදබැති පෙමිනේ
කෙළෙසුන් නසා සිත අවි බිය මිදුණේ
ගොරතර සසරෙ දුක් සෝ බැමි බිඳුණේ
නිවනෙහි සුවය දැක පරතෙර රැඳුණේ
මහ සඟ ගණගෙ පා නමදිමි බැතිණේ
බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අප්‍රමාණ ගුණ සඳහන් ඉතා බලගතු මෙම ගාථා ත්‍රිත්වය නිතර භාවිත කිරීම මෙලොව ආරක්ෂාව සඳහා බොහෝ සෙයින් උපකාරී වන බුද්ධ මන්ත්‍රයක් වශයෙන් සඳහන් කළ හැකිය.
ත්‍රිවිධ රත්නයේ ගුණ වන්දනා කරන ගාථා බොහොමයක් ඇති අතර මේ සෑම ගාථාවක්ම අර්ථය පිළිබඳව දැනුවත්ව නිවැරදිව භාවිත කිරීමෙන් මන්ත්‍රයක් මෙන් අපටද සිද්ධි වේ.
මෙලෙස දිනපතා ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිකරන ඕනෑම අයකුට සොරසතුරු බිය, දිය - ගිනි, සුළං ආදී ස්වාභාවික විපත්, යක්ෂ, ප්‍රේත, භූත ආදී අමනුෂ්‍ය බලවේග, නවග්‍රහ, ඒරාෂ්ටක, මාරක ආදී සියලු පීඩාවන් දුරුවී යහපත ආරක්ෂාව සැලසෙන්නේය.
දිනපතා උදේ සවස අති ප්‍රබල මෙම ගාථා භාවිත කරමින් ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ ගුණ සිහිකිරීමෙහි යෙදෙන්නේනම් පහත සඳහන් ආකාරයෙන් සියලු දෙනාට එහි ආනිශංස ලැබිය හැකිය.
ෆ සතුරු කරදර සතුරු බිය දුරුවේ.
ෆ සර්වජන වශිය ඇතිවේ.
ෆ ඕනෑම ගමනක් යැමට පෙර මෙම ගාථා කියා පිටත්වීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල හිමිවේ.
ෆ හදිසි අනතුරු විපත්වලින් වැළකේ.
ෆ අධ්‍යාපනය ලබන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය වී අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත්වේ.
ෆ ඕනෑම සාධාරණ ව්‍යාපාරයක් දියුණුව කරා ළඟාකර ගැනීමේ හැකියාව ඇතිවේ.
ෆ එදිනෙදා කරන කියන සෑම කටයුත්තක්ම කිසිදු බාධාවකින් අවහිරයකින් තොරව සිදුකර ගැනීමට හැකිවේ.
ෆ පවුලේ සමගිය වර්ධනය වේ. අඬදබර, මතබේද දුරුවී සිතේ සතුට ඇතිවේ.
ෆ ඊර්ෂ්‍යාකාරයන් හා සතුරන් විසින් සිදුකරන අණවින හදි හූනියම් ආදී උපද්‍රවවලින් හානි සිදු නොවේ.
ෆ තම නිවසට ව්‍යාපාරික ස්ථානවලට බලපාන්නා වූ භූත, ප්‍රේත දෝෂ ද එකී ස්ථානවල පවතින්නා වූ භූමි දෝෂ ද දුරුවේ.
ෆ විවාහ ප්‍රමාදයට හේතු වන සියලු දෝෂ දුරුවී ගැළපෙන සහකරුවකු - සහකාරියක ලැබ සාර්ථක යුග දිවියකට ඇතුළත් වීමේ භාග්‍යය හිමිවේ.
ෆ කොපමණ ප්‍රතිකාර ලැබුවද සුව නොවන කර්ම රෝග ආදියට මහඟු ඖෂධයක් වේ.
ෆ පෙර අකුසල් හේතුවෙන් ඇතිවන්නා වූ සියලු ග්‍රහදෝෂ දුරුවී සහනය උදාවේ.
ෆ අන්‍යයන්ගේ ඇස්වහ කටවහ අඬෝවැඩියා ආදී දෝෂයන් නිසා හටගන්නා සියලු බලපෑම්වලින් වැළකී ආරක්ෂාව ඇතිවේ.
ෆ ගේ දොර ඉඩකඩම්, වස්්තු ලාභ, ධන ධාන්‍ය තම අපේක්ෂාව පරිදිම ලැබී සෞභාග්‍යය උදාවේ.
ෆ කොපමණ සැප සම්පත් හිමි වුවද නොයෙකුත් හේතු නිසා සිතේ ඇතිවන්නා වූ අසහනකාරී තත්ත්වයන් දුරුවී සාමය සැපත උදාවේ.
ෆ එතෙර ගමන් සාර්ථක වී බලාපොරොත්තු වන්නා වූ දියුණුව ඇති වේ.
ෆ යන එන සැම තැනකදීම කීර්තියට පැසසුමට ලක්වේ.
ෆ මිත්‍ර ලාභ හා උසස් අයගේ ඇසුර ලැබීමට හේතුවේ.
ෆ දෙවියන්ට ප්‍රිය වී දේව බැල්ම ආරක්ෂාව ලැබීම හේතුවෙන් සෑම අතින්ම සාර්ථක පුද්ගලයකු බවට පත්වනු ඇත.