Beauty
ඔබේ අත් දෙකත් ලස්සනට තියා ගන්න උපදෙස් 6 ක්
අපි මූනට නම් ගොඩක් සත්කාර කරනවා. හම වයසට යාම අඩු කරන්න ආලේපන, හමේ තෙතමනය රකින්න ආලේපන , විශේෂ සත්කාර කරනවා. හැබැයි ඔබේ මූණ විතරක් ලස්සනට තිබිල මදි. අත පය දුර්වර්ණ වෙලා, අකාලේ වයසට ගිහින් නම් මුහුණේ ඇති ලස්සනෙන් වැඩක් නැති වෙනවා. පිරිමි පාර්ශවය බොහෝ විට අවිඥානිකවම අපේ වයස සහ පිරිසිදුකම මනින්නේ අතේ ,පයේ ස්වභාවයට අනුව.
අත් දෙක ඉක්මනට වයසට යන්න හේතු
අත් දෙක තමයි ඉක්මනින්ම වයසට යන්නේ. අවලක්ෂණ වෙන්නේ. මොකද ඔබේ අත් දෙක නිතරම් හිරු එලියට නිරාවරණය වෙනවා. සමේ තද බව , ඇදෙන සුළු බව සහ කොලජන් (collagen) විනාශ කරන්නට හිරු එලිය සමත්. රිය පදවනවා නම් මේ ප්රශ්නය උග්‍ර වෙනවා. රෙදි හෝදන detergent powder නිසා අත් දෙක රසායන වලට ලක් වෙනවා. ආහාර පිසිද්දී නිතරම කැපෙනවා. සුළුවෙන් පිළිස්සීමට භාජනය වෙනවා. ඊට අමතව දවසේ කොච්චර වතාවක් නම් අපි අත් දෙක සොදනවද? එතකොට අතේ හම වියලි බවට පත් වෙලා ඉක්මනින්ම රැලි ගැසෙනවා. ඊට අමතරව කාලෙත් එක්ක වයස වැඩි වෙද්දී අත් වල තිබෙන මේද තට්ටු ක්ෂය වෙන්න බලනවා. එතකොට පිරුන ස්වභාවය පහව ගිහින් නහර මතු වෙලා අවලක්ෂණ වෙනවා.
මෙවුවට පිළියම්
එලියට යන හැම විටම ඉතා හොඳින් අත් දෙකේ sun screen එකක් හොඳින් ආලේප කරන්න අමතක කරන්න එපා.
රිය පදවන විට හැම විටම අත් ආවරණයක් පළඳින්න. එයින් ඔබේ අත් දෙක හිරු එලියට නිරාවරණය වීම අවම වෙනවා.
අත හෝදන හැම වතාවකම නැවත සමේ තෙතමය රකින moisturizer එකක් ආලේප කරන්න අමතක කරන්න එපා
ආහාර පිසින විට gloves පාවිච්චි කරන්න පුරුදු වෙන්න.
රාත්‍රියට නිදියන්න පෙර antioxidant සහිත අලෙපනයක් ගලවා හොඳින් මසාජ් කරන්න. විනාඩියක් පමණ වුවත් ප්‍රමාණවත්.
ඒ වගේමයි අපේ වෙබ් අඩවිය හැම විටම බාහිර සුන්දරත්වය වගේම අභ්‍යන්තර සුන්දරත්වයත් අගය කරනවා. වයසට යාම පාලනය කරන්න නම් ඔබ හැම විටම නිසි පරිදි ව්‍යායාම කරන්න, සමබල ආහාර වේලක් ගන්න, හිත හොඳින් තබා ගන්න මහන්සි වෙන්න ඕනේ. අන්න එතකොට කොහොමත් වයසට යන එක පාලනය වෙනවා.
goodhousekeeping.lk
(under the courtesy of goodhousekeeping.lk web)