iranama
ඔබත් වාහන හිමියෙක්ද? සැක හැර දැනගන්න
වර්තමාන ජන සමාජය දෙස අවධානය යොමු කිරීමේදී අපට පෙනෙන දෙයක් තමා කෙනෙක් අධි සුඛෝපභෝගී ඉතා මිල අධික යාන වාහනවල ගමන් කරනවා තවත් කෙනෙක් සාමාන්‍ය වාහනයක ගමන් කරනවා. ඒ වගේම මේ සමාජයේ විශාල පිරිසක් බස්වල තෙරපි තෙරපි දහදුක් විඳිමින් තම තමන්ගේ ගමන් අවශ්‍යතා සපුරා ගන්නවා. මේ තුළ විශාල විෂමතාවක් අප දකිනවා. සියලු දෙනාටම සමාන අවස්ථා ලැබී නැහැ. එසේ නම් ඇයි මෙවැනි විෂමතාවක් පැවතීමට හේතුව? එය ජ්‍යෝතිෂ විද්‍යාත්මකව පැහැදිලි කළොත් කෙනකුට වාහනයක් ලැබීම හෝ නොලැබීම පිළිබඳව අපට කේන්දරයෙන් නැත්නම් ඔහුගේ හෝ ඇයගේ ජන්ම පත්‍රය තුළින් නිවැරදිවම දැනගැනීමේ හැකියාව තිබෙනවා. ඒ පිළිබඳව හොඳින් ම දැන ගැනීමේ හැකියාව තිබෙන්නේ පුද්ගලයාගේ හඳහන තුළින් පමණයි. කෙනකු උප්පත්ති මොහොතේ නැගෙනහිර ක්ෂතිජයේ පායන ග්‍රහ තාරකා පදනම් කරගෙන ගොඩනගන ජන්ම පත්‍රයේ ග්‍රහ හැසිරීම් රටාව අනුව පුද්ගලයෙකුට වාහනයක් හිමිවේද නැද්ද යන්න ජ්‍යෝතිෂ විද්‍යාත්මකව පැවසිය හැකියි. ඒ වගේම උපන් මොහොතේදීම මේ පිළිබඳව නිවැරදි අනාවැකියක් පැවසීමේ හැකියාව ද තිබෙනවා.
සමාජය දෙස අවධානය යොමු කිරීමේ දී ඉහත සඳහන් කළ කාරණයේ ඉතා පැහැදිලි සත්‍යතාවක් තිබෙනවා. ඇත්තටම අපි මේ කාරණය ජ්යෝතිෂානුකූලව සලකා බැලීමේ දී ඉතාමත් පැහැදිලිව තේරුම් ගත හැකි වන්නේ පසුගිය ආත්ම භාවයේ අප කළ පින් පව් අනුව ඉහත සඳහන් කළ මේ සියල්ල සිදුවන බවයි. මෝටර් රථයක හිමිකරුවෙක් වීමටද වාසනාවක් තිබිය යුතු වෙනවා. මේ ලෝකයේ උපදින සෑම කෙනකුටම ගෙවල් දොරවල් යාන වාහන හිමිකම ලැබෙන්නේ නෑ. කෙනකුට ඒ සඳහා මුදල්මය ශක්තිය නැතිවෙන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනකුට මුදල් හා අනෙකුත් ශක්තීන්ගෙන් බලවත් වූවත් යාන වාහන හිමිකම සිය ජීවිත කාලයටම නොලැබී යැමේ හැකියාව ද තිබෙනවා. නමුත් එතරම් ආර්ථික ශක්තියක් නොමැති අය පවා විටෙක යාන වාහන හා ගෙවල් දොරවල් හිමිකම ලබා ඇති බව අපට මේ සමාජය දෙස අවධානය යොමු කිරීමේදී පෙනෙන්නට තිබෙන කාරණයක් වනවා. එසේ සිදුවෙන්නේ පුද්ගලයාගේ පූර්ව ආත්ම භාවයේ ඔහු හෝ ඇය විසින් සිදු කළ පින් හා පව් අනුව බව තමයි අපට පෙනී යන්නේ. අපට සැප සම්පත් ලැබීමට නම් පෙර පින තිබිය යුතු වෙනවා. ඉතින් ඇත්තටම පෙර පින පෙන්නුම් කරන හොඳම ලේඛනය තමා තමන්ගේ ජන්ම පත්‍රය. එය ජීවිතය විනිවිද පෙනෙන කැඩපතක් හා බඳු වෙනවා. යාන වාහන, ගේ දොර ලැබීම අර මම මුලින් සඳහන් කළා වගේ අප උපදින විටම රැගෙන එන බව තමයි කිව හැක්කේ.
පුද්ගලයෙකුට වාහනයක් ලැබීමේ අවස්ථා රාශියක් තිබෙනවා. කෙනකුට තමන් උපයා ගත් මුදලකින් වාහනයක් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ තනතුරු දරන විටදී නිල රථ ලෙස වාහන ලැබීමේ හිමිකම පවතිනවා. ඊට අමතරව ලොතරැයි වාසනාවක් ලෙස හෝ වෙනත් පරිත්‍යාගයක් මත පවා වාහන ලැබීමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත් කුමන ආකාරයක් හරහා හෝ වාහනයක් ලැබීම මහත් වූ භාග්‍යයක් ලෙස තමා අපට හඳුනා ගැනීමට හැකි වන්නේ. සමහර පුද්ගලයන්ට ජීවිතයේ කිසියම් කාලපරිච්ඡේදයකදී යාන වාහන ලැබීමේ හිමිකම ලැබෙනවා. ඒ තම තමන්ගේ කර්ම ශක්තිය අනුව. ඒ අනුව අදාළ සුබ ග්‍රහයන්ගේ මහ දශා අන්තර් දශා මෙන්ම ග්‍රහ ගමන අනුවද මේවා ක්‍රියාත්මක වීමේදී මෙම තත්ත්වයන් උදා වෙනවා. සමහර අවස්ථාවල අප දැක තිබෙනවා ධනවත් පවුල්වල ඉපදුණු සමහර අය පසුව දුක් විඳින අතර, දුගී පවුල්වල උපදින සමහර අය සැප සම්පත්, යාන වාහන, ගෙවල් දොරවල් රැගෙන ජීවිත ගත කරන ආකාරය. මෙය තමා තම තමන් රැගෙන ආ පින් පව් අනුව ජීවිතය ගලා යන ආකාරය.
වාහන හිමිවීම හෝ නොවීම පිළිබඳව අපේ ජන්ම පත්‍රයේ විමසිය යුතු ප්‍රධාන රාශිය ජන්ම පත්‍රයේ කේන්ද්‍රස්ථානයක් වන 4 වන රාශියෙන් මේ පිළිබඳව විග්රහ කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම 5 වැන්නත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම මව ගැන කතා කරන කේන්දරේ සිව්වැන්න වාහන ලැබීම සම්බන්ධවත් අයිතියක් දරනු ලබනවා. මීට අමතරව මේ සඳහා මූලික වන රාශිය ත්‍රිකෝණස්ථාන වන 9 වැන්න හා 11 වැන්නත් ඉතාම වැදගත් වෙනවා. වාහන කාරකත්වය හිමි ග්‍රහයා වන්නේ සිකුරුය. මේ සිකුරු ග්‍රහයා සැප සම්පත් ලබා දෙන ග්‍රහයා මෙන්ම වාහන කාරක ග්‍රහයාද වනවා. සුබව චන්ද්‍රයා හෙවත් සඳු 4 වැන්නේ සිටීම වාහන ලැබීමට සුබදායක පිහිටීමක් වෙනවා. සිකුරු ග්‍රහයාගෙන් උදාවන මාලවී වැන යෝගයන් පිහිටා තිබීමත් එවැනි සුබ යෝග කේන්ද්‍රයක කේන්ද්‍රස්ථානයක උදාව පැවතීමත් ඉතාමත් හොඳයි. ගුරු ග්‍රහයා බලවත්ව හා සුබව පිහිටීම මෙන්ම සුබ රාශියක සිටීමත් බෙහෙවින් වැදගත් වනවා. කටක, ධනු, කුම්භ, ලග්නය වී සුබව සිකුරු 4 වැන්නේ තැන්පත් වීම හෝ බලවත් වීම. සිකුරුට 4 වැන්න පෙනීම වාහන ලැබීමේ ප්‍රබල යෝගයක්.
තවත් එවැනි සුබවාදී වූ ග්රහපිහිටීම් ලෙස
ෆ 4 හා 5 අධිපති උච්චව හෝ ස්වක්ක්ෂේත්රව සිටීම හා භාග්‍යස්ථානාධිපති හෙවත් 9 වැන්න අධිපති බලවත්ව සුබ දෘෂ්ටි ලැබ 4 වැන්නේ හෝ 5 වැන්නේ සිටීම.
ෆ 4, 5 හා 9, 4 හා 11, 4 හා 10 යන රාශි අධිපතීන් රාශි මාරු කරගෙන පරිවර්තනය වී සිටීම.
ෆ 4 වැන්න ඉතාම බලවත්ව උපතේදී එකී ග්‍රහයාගේ දශාව ලැබීමෙන් ජන්මියා අනපේක්ෂිත අන්දමට වාහන අයිතිකරුවෙකු වීමේ හැකියාව පවතී.
එසේම ජන්ම කේන්ද්‍රයේ ලග්නාධිපතිගේ තත්ත්වය ඉතාම ප්රබලව බලපානවා. ලග්නාධිපති බලවත්ව 4, 5, 9 යන රාශි හෝ 11 වැන්නේ සිටීම වාහන ලැබීම සම්බන්ධව ඉතාම සුබදායක වෙනවා. මෙම කාරණාව සම්බන්ධයෙන් වැදගත් වන මහ දශා හා අන්තර් දශා අතර 5 වැන්න අධිපති, 9 වැන්න හෝ 10 වැන්න අධිපති සුබ ග්රහයෙකුගේ මහ දශාවක් හෝ අන්තර් දශාවක් ලැබීම ඉතාම සුබදායක වෙනවා. කෙනකුට වාහන කීපයක් ලැබීමේ භාග්‍ය පවා හඳහනින් හඳුනා ගත හැකියි. එවැනි ග්‍රහ පිහිටීම් පැහැදිලිවම හඳහනේ හඳුනා ගත හැකියි. සිකුරු හෙවත් ශුක්‍ර ග්‍රහයා බලවත්ව 4 හෝ 5 වැන්නේ සිටීම ඉතාම සුබදායක ග්‍රහ පිහිටීමක් වෙනවා. සිකුරු බලවත්ව 4 වැන්නේ හෝ 5 වැන්නේ සිටීම ඉතාම සුබ පිහිටීමක් ලෙස හඳුනා ගත හැකියි.
අපි හිතමු යම් හඳහනක 4 වැන්න අධිපති ගුරු හෝ සිකුරු යන ග්‍රහයන් යෝගව සුබ දෘෂ්ටි ලබා කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක සිටීම මොන ආකාරයෙන් හෝ ජන්මියාගේ වාහන ලැබීම සම්බන්ධව බලපානවා. 4 වැන්න අධිපති ගුරු හෝ සිකුරු සමඟ යෝගව සුබව කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක සිටීම එම ජන්මියාට යාන වාහන ලැබීම සම්බන්ධව ඉතාම සුබවාදී පිහිටීමක් වනවා. කේන්ද්‍රයේ 4 වැනි භාවයේ හෝ 4 වැන්නාධිපති 22 වැනි දෙර්කාණාධිපති හා 64 වැනි නවාංශකාධිපති වීම වාහන වාසනාව කෙරෙහි බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ විමසා බැලීමේදී හඳහනක 22 වැනි දෙර්කාණාධිපති හා 64 වැනි නවාංශකාධිපති කියන්නේ එම කේන්ද්‍රයට අසුබම ග්‍රහයා වෙනවා. ඉතින් ඒ අසුබ ග්‍රහයා මේ ස්ථාන තුළට සම්බන්ධ වීම මත වාහන ලැබීම පිළිබඳ යම් යම් ප්‍රශ්න හා ගැටලු උදා වීමේ අවදානමක් තිබෙනවා.
වාහන සඳහා කාරකත්වය ලබන සිකුරු ග්‍රහයා යම් කේන්ද්‍රයක 22 වැනි දෙර්කාණාධිපති වීම ඉතාම අසුබයි. ඒ වගේම මෙම පිහිටීම 4 වැන්නේ තිබෙන විට එය වඩාත් අසුබ වීමේ ප්‍රවණතාවයයක් තිබෙනවා. වාහනයක් ගැනීමට අපේක්ෂා කරනවා නම් නිවැරදි ජන්ම පත්‍ර පරීක්ෂාවක් කළ යුතු අතර ඔබත් ඒ සඳහා නිවැරදි ජන්ම පත්‍ර පරීක්ෂාව කරගැනීම තුළින් ඔබටත් කෙදිනක හෝ වාහනයක් හිමිවීමේ වාසනාව හිමි දැයි සැක හැර දැන ගත හැකිය.
Wmqgd .ekSu