Life
ඔබත් පුරුද්දට කෝපි බොන කෙනෙක්ද ?
ඔබ පුරුද්දක් විදියට කෝපි බොන කෙනෙක්ද? ඇත්තටම ඒ පුරුද්ද කොයි තරම් හොඳද කියලා ඔබ හිතුවාද?
කෝපි යනු කැෆේන් අන්තර්ගත පානයකි. කැෆේන් අන්තර්ගත පාන බොහෝ පුද්ගලයන් විසින් භාවිත කරනු ලැබේ.
නමුත් ඉන් අහිතකර බලපෑම් ඇතිවිය හැක.
ඔබ දිනපතා කෝපි බීමට හුරු වී ඇත් නම් ඉන් ඔබේ සිරුරට සැලකිය යුතු කැෆේන් ප්‍රමාණයක් ඇතැළු වේ.
කැෆේන් ක්‍රියා කරන්නේ කෙසේද?
කැෆේන් මගින් ආතතියේදී ඇති වන ප්‍රතිචාර වැඩි කරන බව ඇතැම් පර්යේෂණ මගින් හෙළි වී ඇත.
සෛල මට්ටමෙන් කැෆේන් සිදු කරනුයේ ඇඩිනෝසින් මගින් උත්තේජනය වන ප්‍රතිග්‍රාහකයට බාධා පැමිණ වීමයි.
ඇඩිනොසින් යනු මොළයේ ඇති රසායනික ද්‍රව්‍යයක් වන අතර ඉන් සිදු කරනුයේ ස්නායු සෛල අධි උත්තේජනය වීම වැළකීමයි.
එබැවින් අඩිනෝසින්වල ක්‍රියාකාරිත්වය වැළකුවහොත් ස්නායු පද්ධතියේ සෛල අධි උත්තේජනය වීම වැළකීම සිදු නොවේ.
එමෙන්ම ඇතැම් පුද්ගලයන් කැෆේන්වලට ඇබ්බැහි වෙනු දක්නට ලැබෙන අතර කැෆේන් නොගත හොත් යම් යම් ලක්ෂණ මෙම පුද්ගලයන්ගේ පෙන්නුම් කරනු දක්නට ලැබේ.
මෙම ද්‍රව්‍යට ඇබ්බැහි වීමට හැකියාවක් ඇතත් බොහෝ පුද්ගලයන් කැෆේන් වලට ඇබ්බැහි වී තිබෙනු දක්නට නොලැබේ.
කැෆේන් මගින් ඇතිවන වාසිදායක තත්ව මොනවාද?
පර්යේෂණ මගින් පහත කරැණු පෙනී ගොස් ඇත.
මතක ශක්තිය වැඩි දියුණු වීම.
මහන්සි ගතිය අඩු කිරීම
මානසික ක්‍රියාකාරිත්වය වැඩි කිරිම.
ඔබේ කෙටිකාලීන මතක ශක්තිය වැඩි විම සිදුවිය හැක.
උත්තේජනවලට ප්‍රතිචාර දැක්වීමට වේගය වැඩි වීම.
දිනකට කෝපි කෝප්ප 3
Wmqgd .ekSu taIshka