Beauty
ඔබගේ කළු පැහැයට හැරුනු තොල් වල වර්ණය නැවත ලබාගන්න.
සමහර පුද්ගලයන්ගේ තොල් අඳුරු හෝ කළු පැහැයට හැරිල තියනව දැකගන්න පුළුවන්. ඔබගේ තොල් එසේ වී ඇත්නම් ඔබ තවත් කණගාටු නොවිය යුතුයි. මෙම තත්වය අසාමාන්‍ය තත්වයක් නොවේ. මෙම ලිපියෙන් ඔබට එම තත්වය නැතිතර ගැනීමට නිවසේදීම සිදුකල හැකි ක්‍රම කිහිපයක් ගැන දැනගන්න පුළුවන්..
එසේනම්, තොල් වල වර්ණය අදුරු වන්නේ ඇයි?
මෙම තත්වය හට ගැනීමට බලපාන්නේ නිසිලෙස සැලකිල්ලක් නොමැති වීම සහ සෞඛ්‍යයට අහිතකරවන ජිවන රටා අනුගමනය කිරීමයි. දෙතොල් වල ස්වාභාවික වර්ණය සගවා අඳුරු හෝ කළු පැහැයට හරවන එවන් හේතු කිහිපයක් තියනවා. එම තත්වයන් මග හරවා ගැනීමට පහත සදහන පියවරයන් අනුගමනය කරන්න පුළුවන්.
1. දුම් පානයට තිත තබන්න.
ඔබ නොකඩවා දුම්පානය සිදුකරද්දී ඔබගේ දෙතොල් අඳුරු පැහැයට නොනවත්වා හැරේවි. එපමනක් නොව දුම් පානය පිළිකා සහ වෙනත් ආබාධ ඇති කරයි. එම නිසා දුම් පානයෙන් වලකින්න.
2. අඩුවෙන් කෝපි පානය කරන්න.
ඔබ කෝපි වැඩියෙන් පානය කිරීමෙන් ඔබගේ තොල් අඳුරු පැහැයට හරවයි. මෙම තත්වය මග හරවා ගනිමට කෝපි පානය සිමා කරන්න.
3. හිරු එළියට නිරාවරණය වීම අවම කරන්න.
ඔබ හිරු එළියට අධිකව නිරාවරණය වීමෙන් මෙම තත්වය ඇතිවේ. එම නිසා හිරු එලියට අධිකව නිරාවරණය නොවන්න.
4. ඔබගේ තොල් සායම් පරික්ෂා කරන්න.
ඔබ ඔබගේ තොල් සායම් අඩුවෙන් පාවිච්චි කරන්න. තොල් සායම් මිලදී ගැනීමේදී පිළිගත් නිෂ්පාදිතයක් මිලදී ගන්න. ඔබ දිවා කාලයෙදී පිටතට යනවානම් පාර ජම්බුල කිරණ වලින් ආරක්ෂා වන නිස්පාදිත පාවිච්චි කරන්න.
5. දෙතොල් වල මැරුණු ෙසෙල ඉවත් කරන්න.
ඔලිවි තෙල් බිංදු පහකට සිනි තේ හැන්දක් එක් කර මිශ්‍රණයක් සාදා තොල් වල අලේප කරන්න. ඉන්පසුව ඔබ පාවිච්චි කරන සම වියලීම නැවත්වීමට ගල්වන ආලේපය තොල්වන ආලේප කරන්න. අවම වශයෙන් සතියකට වතාවක් දෙතොල් වල මැරුණු ෙසෙල ඉවත් කරන්න. එමගින් රුධිර සංසරණය වැඩි දියුණු කරාවි.
6. වර්ණය ඇති කිරීම.
කුඩා දත් බුරුසුවක් ගෙන එහි වැස්ලින් තවරා තොල් මෘදුව අතුල්ලන්න. මෙය දිනපතා සිදුකල හැකිය.
7. සෑම විටම පහසක් ලබා දෙන්න
සෑම විටම ඔබගේ තොල් තෙත්ව තබා ගන්න. තොල් වල ස්වභාවික වර්ණය නැවත ලබා ගැනීමට දවස පුරාවටම ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීම තුලින් තොල් වල තෙතමනය තබා ගත හැකිය. එම නිසා ජලය සැලකිය යුතු ප්‍රමාණයක් පානය කරන්න. කොමඩු, දොඩම්, ලෙමන් වැනි ජලය අන්තර්ගතය වැඩි පළතුරු ආහාරයට ගන්න. අපගේ ශරීරයේ ඇති අනෙත් ස්ථාන වලට වඩා තොල් සියුම් නිසා එහි තෙතමනය රදවා තබා ගත යුතුය.
8. ඔබගේ තොල් උරා බීම නවත්තන්න.
තොල් වල ස්වාභාවික තත්වය රදවා තබා ගැනීමට තොල් සැපීම සහ උරා බිම නවතා දමන්න.
9. සෞඛ්‍යය සම්පන්න ආහාර වේලක් පවත්වා ගන්න.
විටමින් වල අඩුපාඩු නිසාවෙන් තොල් වල වර්ණ වෙනස්කම් සිදුවේ. විටමින් ක වැනි දෑ අඩංගු පළතුරු සහ එළවළු වැඩියෙන් ආහාරයට ගන්න.
10. ක්ලෝරීන් ජලය පානය නවතන්න.
ක්ලෝරීන් අඩංගු ජලය පානයෙන්ද මෙම තත්වය හට ගනී. එම නිසා ක්ලෝරීන් අඩංගු ජලය පානය නොකරන්න.
11. ජානමය තත්ත්ව
යම් පුද්ගලයන්ගේ තොල් උපතින්ම කළු පැහැයට හරි ඇත. එසේ සිදුවන්නේ ජානමය තත්ත්ව නිසායි. එම තත්වය නැතිකර ගැනීමට සැත්කම් සිදුකල යුතුය.
තොල් වල කළු වර්ණය නැතිකර ගැනීමට ස්වාභාවික සත්කාර කිහිපයක්
1. ඔබ ආමන්ඩ් තෙල් නිදාගැනීමට පෙර තොල් මත ආලේප කිරීමෙන් තොල් වල දීප්තිමත් පැහැයක් ලබා ගත හැකිය.
2.ඔබට ලෙමන් සහ ආමන්ඩ් ඔයිල් කවලම් කර ආලේප කිරීමෙන් මෙම අරමුණ ඉටු කර ගත හැකිවේ.
3. පිපිඤ්ඤ යුෂ පානය කරන්න.
4. දෙහි යුෂ, මී පැණි හා ග්ලිසරින් කවලම් කර මිශ්‍රණයක් සාදා ආලේප කර රැයක් පහව යනතුරු තබන්න.
curtesy :
http://www.wishmaya.com
(under the courtesy of goodhousekeeping.lk web)