Beauty
එක රැයෙන් මුහුණේ බ්ලැක් හෙඞ්ස් නැති කර ගමු
හුගක් අයට තියෙන කරදරයක් තමයි බ්ලැක් හෙඩ්ස්. සමහරු තමාට නොදැනීම, පිරිසක් ඉදිරියේදි පවා තමාගේ නහය මත ඇති බ්ලැක් හෙඞ්ස් ස්පර්ශ කරමින් ඒවා ඉවත් කරන්නට වෙහෙසෙනවා අපි දැක තිබෙනවා මෙම ක්‍රියාව නිසා ඔබ වගේම අවට සිටින අයත් අපහසුතාවයට පත්වෙන්න පුළුවන්, ඉතිං මේ බ්ලැක් හෙඞ්ස් නැතිකරගන්න මේ ප්‍රතිකාර ක්‍රමවේදයන් අනුගමනය කරලා බලන්න. එක රැයකින් බ්ලැක් හෙඞ්ස් සම්පුර්ණයෙන් නැති වී යාවි.
මෙය කුරුලෑ වල මූලික අවදියද වන නිසා බ්ලැක් හෙඩ්ස් ඇතිවීම පාලනය කරන්නට පුලුවන්නම් වඩා හොදයි. බ්ලැක් හෙඩ්ස් සෑදීමට ප්‍රධාන හේතු ලෙස දක්වන්නේ දුම්පානය, දහදිය, ආතතිය, සමේ රෝග, කැෆේන් හෝ මද්‍යසාර හෝ රුපලාවන්‍ය අලේපනයි. අසාමාන්‍ය ලෙස ස්නෙහය ශ්‍රාවය හා නොයෙක් රුපලාවන්‍ය ආලේපන සමේ විවර අවහිර කර බ්ලැක් හෙඩ්ස් ඇතිවීම ආරම්භ කරයි. ඔන්න එහෙනම් ඔයාලත් බ්ලැක් හෙඩ්ස් වලින් කරදර වෙනවනම් ගෙදරදීම හදා ගන්න පුළුවන් ඒ වගේම ඉතා ඉක්මනින් බ්ලැක් හෙඩ්ස් නැතිකර ගන්න පුළුවන් ක්‍රම කීපයක් අද කියලා දෙනවා. හදලා බලලා කියන්නකෝ ප්‍රතිපල.
1. ලුණු ලෙමන් සහ වතුර
ලෙමන් යුෂ මේස හැදි 1/2 ක් වතුර මේස හැදි 1ක් සහ ලුණු මේස හැදි 1ක් එකට මිශ්‍ර කරන්න.
බ්ලැක් හෙඩ්ස් ඇති තැන්වල ආලේප කර විනාඩි 2-4ක් මසාජ් කරන්න. ඉන්පසු මද උණු වතුරෙන් සෝදා හරින්න.ඉන්පසු ටික වෙලාවකින් මුහුණ සිසිල් වතුරින් සෝදන්න
මෙයින් සමේ ඇරුණු කූපයන් නැවත වසා දමයි. ලුණු සහ ලෙමන් වල ආම්ලික සහ බැක්ටිරියා විරෝදී ගුණ සමේ කූපයන් අවහිර වීම වලක්වයි.
2. තක්කාලි
තක්කාලි ගෙඩියක් මිරිකා යුෂ ගෙන ආලේපනය ලෙස යොදන්න. එයින් බ්ලැක් හෙඩ්ස් වියලීමට පත්වී ගැලවී යයි.
3. බිත්තර සහ මීපැණි
බිත්තර සුදු මදය සමග මීපැණි මේස හැදි 1ක් මිශ්‍ර කර ආලේපනයක් සාදා ගන්න. අවශ්‍ය තැන්වල ආලේප කර විනාඩි 30ක් වේලෙන්නට හරින්න. ඉන්පසු මද උණු වතුරෙනුත් සෝදා හරින්න.
4. බේකින් සෝඩා.
වතුරෙන් බින්දු කිහිපයක් බේකින් සෝඩා ටිකකට එකතුකර ආලේපනය සාදා ගන්න. අවශ්‍ය තැන්වල එය ගලවා සමට හානියක් නොවන ලෙස හිමින් මසාජ් කරන්න.ඉන්පසු මද උණු වතුරෙනුත් සෝදා හරින්න.
5. මෙම මිශ්‍රණය හදා ගෙනද බ්ලැක් හෙඩ්ස් වලට ප්‍රතිකාර කරන්න පුළුවන්.
-ලෙමන් යුෂ සහ ඔලිව් ඔයිල්
-ඇපල් සීඩර් විනාකිරි
-ග්‍රීන් ටී කොළ සහ වතුර
-යෝගට් සහ ඕට් මීල්(oatmeal)
-දත් බෙහෙත්
-ලෙමන් යුෂ සහ කුරුදු කුඩු
මුහුණ සැම වෙලේම අල්ලන්නේ නැතිව සිටීම, මුහුණ හොදින් පිරිසිදුව තබා ගැනීම මෙන්ම කොට්ට සහ ඇඳ ඇතිරිලි නිරතුරුව සෝදා පිරිසිදුව තබා ගැනීමද බ්ලැක් හෙඩ්ස් වැනි සමේ කරදර වලින් මිදී සිටීමට උදවු වේ.
(under the courtesy of goodhousekeeping.lk web)