SexEducation
එක් වරක් යහන් ගතවූ කාන්තාවක් නැවත නැවතත් ඔහුගේම පහස පතන හේතු
කාන්තාවක් හා පුරුෂයෙක් අතර සිදුවන ලොව වඩාත්ම ආකර්ශනීය ම සිදුවීම නම් ලිංගික එක්වීම යි. මෙම ලිංගික එක්වීම සඳහා පුරුෂයා හා කාන්තාව යන දෙදෙනාම ස්වභාවයෙන් ම සිය උපරිමයෙන් කැප වී සිටියි. තවත් ලෙසකින් පවසන්නේ නම් සියලූ දේ ලිංගික එක්වීම සඳහා යැයි පැවසීම අරුමයක් නොවේ.
ලිංගිකව හැසිරීමේ දී පුරුෂයින් අතින් සිදුවන බොහෝ වැරදි ඇත. ඒ වැරදි කාන්තාවන්ගේ පාර්ශවයෙන් බැලූවහොත් ඇයට සිදුවන අසාධාරණයකි. විශේෂයෙන් ම විවාහක කාන්තාවක සිය පුරුෂයාගෙන් ලිංගික සතුට ලබන්නට සූදානමින් සිටියි. එහෙත් පුරුෂයා කාන්තාව හා ලිංගිකව එක් වීමේ දී ඔහුගේ පැත්ත පමණක් සලකන අතර කාන්තාවගේ තෘප්තිය හා ආශාවන් ගැන බොහෝ විට නොසිතයි.
මෙම ලිපියේ දැක්වෙන්නේ ලිංගික එක්වීමේ දී උපරිම සතුට පුරුෂයාටත්, කාන්තාවටත් එක සේ ලබා දීම යි. කාන්තාවට දැනෙන්නට නම්,
ඔබ හොඳ සංවේදී වදන් තෙපලන්නෙක් විය යුතුයි.
මෙහි දී ඔබ ඇයගේ සියම් හැඟීම් වටහා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරන්න. එය කිසිසේත් ම කාලය අපතේ යැවීමක් නොවනු ඇත. මන් ද යත් සිය බිරිය හෝ පෙම්වතිය උපරිම සතුටින් සිටින විට ඔබට ද එම සතුට සම්ප්‍රේකෂණය වන නිසා ය. එසේ වන්නේ ඔබට ද ඇයගෙන් ලිංගික හැසිරීම සඳහා මනා පිටුබලයක් ලැඛෙන බැවිනි. ආදරය ප්‍රධාන වේ. දෙදෙනා අතර හොඳ සංවාදයක් ගොඩ නගා ගන්න. සිය බිරිඳට තමන් සතු සියලූ දේ පවසන බව අඟවන්න. ඇයගේ රහස් තමාට රහස් නොවන බවත් එම රහස් ඇයට මෙලොව පැවසිය හැකි එකම පුද්ගලයා ඔබ බවත් ඇයගේ සිත තුළ විශ්වාසයක් ඇති කරන්න. ඔබ ඇයට කිසි සේත් බොරු නොකරන බව ඇයට දැනෙන්නට ඉඩ හරින්න. ඇගේ ඇති අගය ඇයට වටහා දෙන්න. ඔබ ඇයට ඇලූම් කරන්නේ ඇගේ කුමන ලකෂණවලට ද යන්නත්, ඇගේ කුමන හැසිරීම්වලට ද යන්නත් ඇයට නොබියව, නොපැකිළව පවසන්න. ඔබට ලිංගිකව එක් වීමට අවශ්‍ය අවස්ථාවේ දී ඇයට එය දැනෙන්නට ඉඩ හරින්න. ඔබ ඇගේ හැඟීම් හඳුනාගෙන ඇති බව නිතර පවසන්න. ඇයට ආදරයෙන් ළං වන්න.
බොහෝ කාන්තාවන් සිය පෙනුම ගැන කණස්සල්ලෙන් සිටියි.
කාන්තාව සිය රූප ස්වභාවය ගැන කණස්සල්ලෙන් පසුවීම ස්වභාවික යි. ඇය ස්වභාවයෙන්ම සියුමැලි, සුකුමාර, අලංකාර වස්තුවක් වීමට ප්‍රිය කරයි. බොහෝ කාන්තාවන් සිය ස්වාමිපුරුෂයා ඉදිරියේ පවා නිරුවත්වීමට අපහසු බවක් දක්වයි. එය ස්වභාවික යි. ඇය ඉතා අලංකාරවත් බව ඇයට නොබියව පවසන්න. ඇය එසේ නැතැයි කිවහොත් ඇගේ සිරුරේ ඇති අලංකාර අවයව ගැන වර්ණනා කරන්න. ඇගේ ළැම ලස්සනයි, ඇගේ නිතඹ ලස්සනයි යනුවෙන් ඇගේ ඔබ ඇත්තටම දකින ලස්සන තැන් අතිශයෝක්තියෙන් වර්ණනා කරන්න.
කාන්තාවකට ලිංගිකතවය ඇගේ ජීවිතයෙන් බාහිර දෙයක් නොවේ.
පුරුෂයෙකුට මෙන් නොව කාන්තාවක් සැනසෙන්නේ ඇය ලබන ලිංගික තෘප්තියෙනි. ඇය දවසේ කොතෙක් වෙහෙස මහන්සි වී සිටිය ද රාත්‍රී සයනය මත සිය පුරුෂයාගෙන් ලබන ලිංගික සතුට ඇයට හෙට දවසේ නව ජීවයකින් පිබිදීමට උපකාර වෙයි. තව ද දවසේ ඉතිරි කාලයේ දී ඔබ ඇයට දක්වන සංවේදීතාවය ඇය ඛෙහෙවින්ම බලාපොරොත්තු වෙයි. ඇය කාර්යාලයේ සිටිනවා නම් ඇගේ අපහසුතා ඇය ඔබ සමග පවසාවි. එවිට ඇයට ඇහුම්කන් දෙන්න. දිරිමත් කරන්න. කිසිවිටෙකත් ඇය නොසලකා හරින්න එපා. නිවසේ සිටින විට නම් නිතර සිප ගැනීම, තුරුළු කර ගැනීම, ආදරයෙන් අතගෑම ආදී ලෙස ආදරය දක්වන්න. ඇගේ සිතට වද දෙන ප්‍රකාශ කිසිසේත් කරන්න එපා. ඇගේ සිත සන්සුන් වූ විට ඇයව ලිංගිකතවයට පොළඹවා ගැනීම ඉතා පහසු ය.
සුරතාන්තය අත්‍යාවශ්‍ය කරුණක් නොවේ.
බොහෝ පිරිමින් සිතන්නේ සිය කාන්තාව සුරතාන්තයට පත් කිරීමට හැකි වීම පමණක් ප්‍රමාණවත් යන පරිද්දෙනි. නමුත් එය සර්ව සත්‍යය නොවේ. එවන් අවස්ථා බොහෝ අගනා නමුත් කාන්තාවට සෑම අවස්ථාවක ම එම තත්ත්වයට පත් වීමට හැකියාවක් නොමැත. සමහර අවස්ථාවල කාන්තාවන් සුරතාන්තයට පත් වීමට වඩා පූර්ව ලිංගික ක්‍රියාවලියෙන් ඇය බොහෝ තෘප්තියට පත්වේ. ඇයට සුරතාන්තයට පැමි