Health
එකදිගට හිටගෙන හිටියොත් සයිටිකා හැදෙන්න පුළුවන්
නිල්දණ්ඩාහීන්න ආයුර්වේද රෝහලේ
වෛද්‍ය නිළධාරිනී
සන්ධ්‍යා හල්ලල
වාත දෝෂය මුල්කරගෙන ඇතිවන රෝග තත්ත්වයක් වන :සයිටිකා- රෝගය පිළිබඳව පසුගිය සතියෙන් ඔබ දැනුවත් කළේ රෝගයෙන් වැළකීමට අවැසි තෙරතුරු ද ඉදිරිපත් කරමිනිග ගමන් විලාසයේ ඇතිවන වෙනස නම් ගිජු ලිහිණියෙකුගේ ගමන් විලාසයට සමාන වන බවත්ල එය මේ රෝගයේ ලක්ෂණයක් ද වන බවත් ඔබ දැනුවත් වුණාග ආයුර්වේද වෛද්‍ය ක්රමයේ මේ රෝගී තත්ත්වයට මුහුණ දුන් අයට ප්‍රතිකාර අත්යවශ්යයිග ඒ සඳහා ඔබ කළ යුත්තේ කුමක්දරෑ අද විමසා බලමුග
රෝගයකට හේතුවන කාරණාවලින් බැහැරවීම කළ හැකි නම් නීරෝගීමත් හා පී‍්‍රතිමත් ජිවිතයකට මඟ පෑදෙන බව ආයුර්වේදයේ උගන්වා ඇතග එලෙසටම අධික ව්යායාමල එක දිගට හිටගෙන සිටීමල උෂ්ණ හෝ ශීතාධික ආහාර නිතර ගැනීමල හා එකම ඉරියව්වෙන් වැඩිපුර සිටීම වැනි සයිටිකා රෝගයට හේතුවන කාරණාවලින් බැහැරවීමත් කළ හැකි නම් මෙම රෝගයෙන් ඉවත් වී සිටිය හැකි වෙනවාග
සයිටිකා රෝගයට ප්‍රතිකාර
මේ සඳහා ප්‍රතිකාර කිරීම දෙආකාර වෙනවාග
1ගබාහිර
2ගඅභ්යන්තර
මුලිකවම මෙම රෝගයට හේතුවන වාත දෝෂය සමනය කිරීමට ප්‍රතිකර්ම කළ යුතුයිග බාහිර හා අභ්‍යන්තර ප්‍රතිකාර ක්‍රම දෙකේ දීම ශෝධනල ශමනල තර්පණ යන මුල ධර්මවලට අනුව ප්‍රතිකාර කළ යුතු වෙනවාග විවිධ ක්ෂාය වර්ග හා ඖෂධ වර්ග මේ සඳහා යොදා ගනු ලබයිග පසුව ස්නේහග ස්වේද ක්‍රම බාහිර වශයෙන් සිදු කරයිග මෙහිදී වෛද්‍යවරයාගේ නිගමනය හා තීරණය මත මෙම ක්‍රියාදාමයන් සිදු කළ යුතුයිග එමෙන්ම කොන්ද ප්‍රදේශයට ර්ණකටී වස්තිය” හා තෙල් වර්ග පිචු යෙදීම ද සිදු කරයිග
මෙම රෝගයේදී නේවාසික වී ප්‍රතිකාර කිරීම තුළින් යහපත් ප්‍රථිපල ලබාගත හැකියිග
බාහිර ප්‍රතිකාර
ශෝධනල ශමනල තර්පණ යන මුලධර්මයන්ට අනුව කෙරෙන ප්‍රතිකාරයේ දී තෛල අභ්‍යංගය :තෙල් ගැල්වීම- සිදු කරයිග මේ සඳහා වාත සමන තෛල වර්ග භාවිතා කරයිග නිර්ගුණ්ඩිල පිණ්ඩ හා නාරායන ආදී තෙල් වර්ග යොදා ගැනේග පසුව ස්වේද කර්ම සිදු කරයිග මෙහිදී වැඩිපුරම සිදු කරන්නේ නාඩි ස්වේදයයිග නිකල පාවට්ටා බෙහෙත් එඬරු ආදී වාත සමන ඖෂධීය ශාක පත්‍ර තම්බා ගත් වාෂ්පය ඇල්ලීමක් සිදු කරනවාග අදාළ ප්‍රදේශයට ඇල්ලීමට වාෂ්ප බට භාවිතා කරනවාග මෙය නාඩි ස්වේදයයිග
එසේම ඖෂධීය ශාක පත්‍ර කොටා සාදාගත් පොට්ටනි තම්බා තැවීමල ඇටවර්ග දැමු පොට්ටනිල වැලි පොට්ටනි ආදියෙන් තැවීම ද සිදු කෙරෙනවාග එසේම ස්වේද පෙට්ටියේ :අවශ්‍ය නම් පමණක්- ස්වේදය ලබාදීම ද වෛද්‍ය නිර්දේශය අනුව සිදු කරනවාග
බාහිරව ආලේප ගැල්වීමේදී වල් ඇඹරැල්ලාල දසාංගලේපය ආදිය යොදා ගැනෙනවාග
අභ්‍යන්තර ප්‍රතිකාර
ශෝධනල ශමනල තර්පණ යන ක්‍රම භාවිතය මෙහි දී ද භාවිත වේග වැඩිපුර ම ඖෂධ පිණිස ගනු ලබන්නේ කෂාය සඳහා අරළුල සෙනෙහෙකොළල හීන් අරත්තල තිරස්තවාලු බෙහෙත් එඬරුල දැත්ත ආදී වූ ඖෂධීය පැලෑටියග
අනෙකුත් ඖෂධවලින් දසමුලාරිෂ්ටයල බල අරිෂ්ටය භාවිතා කරයිග මේවා භාවිතා කරනුයේ ඒ ඒ රෝගියාට අනුකූලවයිග රෝගී තත්ත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවාග
විශේෂයෙන් අවසානයේදී රස ඖෂධ භාවිතා කෙරේග
එසේම ඊට අනුරූපව ගුලි වර්ගල කල්ක වර්ගල චුර්ණ වර්ග රෝගියාට දීමට යොදා ගැනෙනවාග
ප්‍රතිකාර පද්ධතිය අවසානයේදී විශේෂ ප්‍රතිකාරයක් ලෙස පංච කර්මවලින් වස්ති කර්මය සිදුකරනවාග මෙහිදී මුළුමනින්ම වාත දෝෂය බැහැර කිරීමට හා සුවපත්භාවය ලබාගැනීමට හැකි වෙයිග
ආහාර හා විහරණ රටා
බාහිර හා අභ්‍යන්තර ප්‍රතිකාර ක්‍රම කරන කාලය තුළ ආහාරවල හා විහරන රටාව නිසි පිළිවෙත්වලට අනුකූලව කළ යුතුයිග පත්යා අපත්‍ය ආහාර රටාවකට හුරු වීම වැදගත් වේග ඔබගේ ආහාරය මේ කාලය තුළ දී වෛද්‍යවරයාගේ උපදෙස් මතම සිදු විය යුතුයිග ඉන් බැහැර වුවහොත් නිසි ප්රතිකර්මය ඔබට නොලැබෙනු ඇතග
වාත කෝප කරන ආහාරපාන නොගත යුතු බව සලකන්නග උදා - මෑ කරල්ල වම්බටුල ගෝවා සහ කොස් ආදියයිග
රෝගයෙන් වැළැකීමට නම්
ෆ සිරුරේ පවත්නා ඉරියව් ගැන සැලිකිලිමත් වීම
ෆ නිවැරදි ඉරියව් භාවිතය
ෆ එකම ඉරියව්ව වැඩිපුර වෙලා සිටීමෙන් වලකින්නග
ෆ එකම ඉරියව්වේ නොසිට ඉරියව් වෙනස් කිරීම කළ යුතුයිග
ෆ දුර ගමන් නිතර පයින් යාමල වැඩිවේලාවක් හිටගෙන සිටීමෙන් වලකින්නග
ෆ එම ඉරියව්ව වෙනස් කිරීම හෝ අතරතුර විවේකයක් ලබාගැනීම කළ යුතුයිග
ෆ අධික බර ඉසිලීමල අධික ව්‍යායාම එක දිගට නොකිරීම
ෆ මානසික සතුටින් සිටීම හා සුව නින්දක් ලබාගැනීම වැදගත් වේග
ස්වර්ණා ආරියවංශ
curtesy :dinamina.lk