Life
උපත් පාලන පෙති නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවාද..?
උපත් පාලන පෙති
උපත් පාලන පෙතිවල අඩංගු වන්නේ හෝමෝනය. මේවායේ අඩංගු වන්නේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝනයි. හෝමෝන අන්තර්ගත අනුව මෙහි වර්ග දෙකකි. එනම්,ඪ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අඩු ප්‍රමාණවලින් අඩංගු පෙති.
ඪඪ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන පමණක් අඩංගු පෙති මින් ලංකාවේ වැඩිපුරම භාවිත වන්නේ හෝමෝන වර්ග දෙකම අඩංගු පෙති වර්ගය. ඊස්ට්‍රජන් හෝමෝනයඑකම ආකාරයට අඩංගු වුවත් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය වර්ග කිහිපයකින්ම දැකිය හැකිය.
වඩා සුදුසු නවතම පෙති
මීට අවුරුදු 25කට පමණ පෙර එම පෙතිවල අඩංගු ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයට වඩා දැන් නිපදවන නවතම ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අඩංගු උපත් පාලන පෙතිවල තත්ත්වය උසස්ය. ඒ අනුව නවතම උපත් පාලන පෙතිවලින් ශරීරයට වන අතුරු ආබාධ අවමය. ඇතැම් උපත් පාලනවල අතුරු ආබාධ වැඩි වන්නේද මේ හේතුවෙනි. ඇතැම් උපත් පාලන පෙතිවල ප්‍රොජෙස්ටරෝන් වෙනුවට වෙනත් හෝමෝනද අඩංගු විය හැකිය. මේවායින්ද සිදුවිය හැකි අතුරු ආබාධ අවමය. මේ නිසා අලුතින් නිෂ්පාදනය වන උපත් පාලන පෙති ගැනීම වඩාත් සුදුසුයි.
ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවාද
ඇතැම් අය සිතන්නේ උපත් පාලන පෙති ලබාගෙන එය නැවත් වූ විට ඔසප් චක්‍රය අක්‍රමවත් වන බවයි.
නමුත් මෙය මිථ්‍යා මතයකි. උපත් පාලන මඟින් සිදුවන්නේ දින 28කට වරක් නියමිත ලෙස ඔසප් චක්‍රය ක්‍රියාත්මක කිරීමයි. එමඟින් ඔසප් චක්‍රය ක්‍රමවත් කරයි. නමුත් කලාතුරකින් වැඩිපුර රුධිර ගලනයක් හා උදරයේ වේදනාවක් ඇති විය හැකියි. එහෙත් මෙවැනි තත්ත්ව මතුවීමේ අවදානම ඉතා අඩුය.
උපත් පාලන පෙතිවල ක්‍රියාවලිය
සාමාන්‍යයෙන් විවාහක යුවළ විවාහ වී පළමු වසර තුළදී නිසි ලෙස සංසර්ගය වීමක් සිදුවුවත් කාන්තාවක් ගැබ් ගැනීමේ සම්භාවිතාව 65%කි. ඉතිරි පිරිස පළමු වසර තුළ ගැබ් ගැනීමට අසමත්ය. පවුල් සැලසුමක් ලෙස උපත් පාලන පෙති ගන්නා කාන්තාවකට දින 2ක් පමණ උපත් පාලන පෙත්ත ගැනීමට අතපසු වුවහොත් නැවත සතියක් පමණ ගත වනතුරු එක්වීමක් වුවහොත් ගැබ් ගැනීමේ අවස්ථාව ඇත. පෙතිවලින් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය නොහැකි නිසා සතියක් පමණ ගත වනතුරු වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිත කරන්න. නැවත සතියක් ගත වූ පසු පෙති භාවිත කර එය යථා තත්ත්වයට පත්කර ගත හැකියි.
අතුරු ආබාධ
අප කලින් සඳහන් කළ ආකාරයේ පැරැණි උපත් පාලන පෙති භාවිතයට ගතහොත් විවිධ අතුරු ආබාධ මතුවිය හැකියි. එනම්
Wmqgd .ekSu u