Health
උණුසුම් දේශගුණය නිසා සිරුරේ පවතින වියලි ස්වභාවය මඟහරවා ගන්න
පෘථිවි තලය වැඩි කොටසක්ම වසා පවතින්නේ ජලයෙනිග නමුත් ඉන් මිනිස් පරිභෝජනය සඳහා ලබා ගත හැක්කේ ඉතාමත් සුළු ප්රමාණයකිග වැඩිපුරම සාගර ජලය පෘතුවියේ ඇත්තේ අපගේ පරිභෝජනයට ඉඩ අහුරමිනිග ඒල එහි පවතින අධික ලුණු සාන්ද්‍රණය හේතු කොට ගෙනයිග මිනිස් සිරුරේ බොහෝ ක්‍රියාකාරකම් සිදුකිරීමට ජලය අත්යවශ්යයයග ඒ සඳහා ඉතා සුළුවෙන් ඇති මේ ජලය පරිභෝජනයට අප ලබා ගත යුත්තේ වැඩි සැළකිල්ලක් ඒ වෙත යොමු කරමින්යග එසේම මේ සුළු ජල ප්‍රමාණයද තවත් අඩු වීමට හේතු වී ඇත්තේ යම් යම් කාල වල උද්ගතවන කාලගුණික වෙනස්කම් මතයිග
මේ දිනවල පවතින තද උණුසුම් තත්ත්වයත් සමඟ අපගේ සිරුරේ ජල අවශ්‍යතාවය වැඩි වී ඇතග සිරුර අප්‍රාණික බවල හා ක්‍රියාශීලී නොවීමට මේ සිරුරේ ද්‍රව සාන්ද්‍රණය අඩු වීම හේතුවන බව මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍ය මාලා පෙරේරා පැවසුවේ ඒ බව තවදුරටත් පහදා දෙමිනිග
සාමාන්‍යයෙන් මේ තද උණුසුම් බව සමඟම සිරුර මතුපිටින් දහඩිය බිඳු එක් වී පවතින්නේ පිටත වායු ගෝලයේ ජල වාශ්ප වැඩි වූ විට පමණිග නමුත් දැනට පවතින කාලගුණික තත්ත්වය නිසා වැයුගෝලයේ දැනට පවතින්නේ ජල වාෂ්ප අඩු ප්රමාණයකිග ඒ නිසා අප ශරීරය මතුපිටින් වැඩි ජල ප්‍රමාණයක් අපට නොදැනුවත්ම අපගේ ශරීරයෙන් ඉවත් වී යයිග එසේ ජලය ඉවත් වූවත් අපගේ සිරුරට දැනෙන්නේ නැතග මෙසේ ශරීරයෙන් ඉවත්වන ජල ප්‍රමාණය වැඩි වීම ශරීරය ජල ඌණතාවයකට පත් වීමට හේතු වේග
මේ තත්ත්වය බොහෝ විට දෛනිකව අපගේ රැකියා කාර්යාලවල හෝ නිවෙස්වල පවතින වායුසමනය කරන ලද පරිසරයක් ඇත්නම් ඔබට එසේ අත්විඳීමට සිදුවේග
සිරුරින් ජලය අඩුවීමට ඉවහල් වන කරුණු
01ග වර්තමානයේ අප ගනු ලබන ආහාරවල දියර ගතිය අඩු වීම
02ග අධි සාන්ද්‍රණය සහිත දියර වර්ග සහ බීම වර්ග ගැනීම උදා- සීනි වර්ගල බීම වර්ගල කෝලී වර්ග-
03ග ජලය නිසි පරිදි පානය නොකිරීම හා ඒ හා සමාන ආහාර පාන නොගැනීම
04ග දිය නෑමල නිසි පෝෂණයන්ගෙන් හා සිසිලස ගෙන දෙන ආහාරපාන වලින් තොරවීම
ඉහත දේවල්වලට මුහුණ දුන් අයෙක් ඇතිනම් ඔවුන්ට මුත්රලදාහයල පිපාසයල තොලකට වියළීමල පැලීමල අත්ල හා පතුල් දැවිල්ල ඇතිවීම සිදුවේග
සම මත ඇති තෙල් ගතිය අඩු වී යයි
ක්ලාන්තගතිය ඇති වේ
ශරීරයේ සමබරතාවය නැති වේග :ඡචතචදජඥ-
තරහවල කේන්තියාම හා නොරිසුම් බව ඇති වේග
මනස ඒකාග්‍රතාවය නැති වී නොසන්සුන්බවට පත් වේග
මනස දැඩි පීඩාවට පත්විය හැකග
මෙසේ වන්නේ ඇයිරෑ
සිරුරේ ජල ප්‍රමාණය අඩු වීම හේතුකොට ගෙන විවිධ රෝගාබාධ හට ගැනේග සමහරවිට ජලය අඩුකම මත සිරුරේ පවතින වියළි ස්වභාවය වැඩි වී කැසීමකට ලක් විය හැකියග එවිට එහි දදයක් හෝ තුවාල ඇති විය හැකියග බොහෝ විට කුඩා බිබිලි ඇති වීම නිසා අප ඒවාට ප්‍රතිකාර කිරීමට යාම නිසා එනම්ල ස්ථානික චිකිත්සා ප්‍රතිකාරවලට යොමුවීමට පෙළෙඹේග නමුත් ඒ රෝගවලට මූලික වී ඇත්තේ ජලය අඩු වීම යැයි නිගමනය නොවීම නිසා රෝගය තව තවත් උත්සන්න විය හැකග නමුත් එවැනි ස්ථානික ප්‍රතිකාර නිසා යම් සහනයක් එවේලේ ලැබුණත් රෝගය මුලිනුපුටා දැමීමට රෝග නිශ්චය වඩා වැදගත් බව සළකන්නග
මේ සඳහා කුමක් කළ යුතුදරෑ
වතුර පානය අත්‍යවශ්‍ය කරුණකිග වතුර පානය මූලික කරුණක් යැයි අවබෝධ කොට වෙනදා පානය කරනවාට වඩා වැඩිපුර වතුර බීම සිදුකළ යුතුව ඇතග
මේ සඳහා ස්වභාවික බීම වර්ගද යොදා ගත හැකියිග
මුත්‍ර දාහයල තොල් කට වියළීම වැනි රොගවලදී
1ග කොත්තමල්ලි තම්බා බොන්න මෙය දිනකට වේල් 03ක් වත් පානය කළ යුතුයිග
2ග අමු කොත්තමල්ලි සෝදා වේලා කුඩු කර අවශ්‍ය ප්‍රමාණයට ගෙන ඒවා වීදුරුවකට වතුර සමඟ දමා රාත්‍රියේ දී වසා තබන්නග පසුදා උදෑසනම හිස් බඩ බොන්නට පෙර හොඳින් කූරු ගා පෙරා බොන්නග මෙය යටිබඩේ වේදනාවට වඩාත් සුදුසුයග
සිරුරේ දැවිල්ලට
පත්පාඩගම් තම්බා ගත් වතුර පානය කරන්නග එයට සීනි දමන්න එපාග අවශ්‍යනම් කිතුල් හකුරු සමඟ ගැනීම කළ හැකියිග
ඕනෑම පළතුරු බීමක්
දේශීය පළතුරු පානයක් ලෙස සාදා ගැනීමේදී ඔබ දැන් සිදුකරන බ්ලෙන්ඩ් කිරීම එතරම් යෝග්‍ය නැතග එය අතින් පොඩි කර ගැනීම ඉතාමත් සුදුසුයග දේශීය ඕනෑම පළතුරක් වතුර සමඟ පොඩි කර පෙරා බීමට ගන්නග දෙහි හා ලුණු ස්වල්පයක් එකතු කර ගත හැකියිග මේවාට සීනි අවශ්‍ය නැතග වෙරළුල නරාංල දොඩංහා කෙසෙල් වැනි දේශීය පළතුරු යොදා පරිභෝජනයට ගැනීම තුළින් අදාළ ගුණ ලබාගත හැකියිග
සමහර පාන වර්ග ගැනීමේදී සෙම වැඩිවවනවාදරෑ
සමහර සීත අධික පාන වර්ගවලින් සෙම ඇතිවීමට පුළුවනග නමුත් ඒ සඳහා ඕනෑම පළ තුරකින් බීම සඳහ විට ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කිරීමෙන් මෙම තත්ත්වය මඟ හරවා ගත හැකියිග මින් සිරුරේ විෂ නැසීමක්ද වේග සෙම් රෝග තත්ත්වය නැති කර දමයිග
ජලය හිඟ කම නිසා සිරුරේ ඇතිවන රෝග තත්ත්ව වළක්වා ගැනීමට නම්
1ග රණවරා මල් තම්බා බීම
2ග වියළි බෙලි මල් තම්බා බීම
3ග ඉරමුසු තම්බා බීම
4ග සැවැන්දරා මුල් තම්බා බීම
5ග සුදුහඳුන් කැබලි තම්බා බීම
6ග ද්‍රව වර්ග අධික එළවළු ආහාරයට ගැනීම :පිපිඤ්ඤාල කැකිරිල පුහුල්ල වැටකොළුල පතෝලල බණ්ඩක්කා සහ ඕනෑම කොළවර්ගයක්- කොළ කැඳ වර්ග මෙන්ම පලා මැල්ලුම් භාවිතා කළ හැකියි ග විශේෂයෙන් නීරමුල්ලිය ඉතාමත් සුදුසුයග
ඕනෑම අයෙකුට නෙල්ලි රසකිඳ පානය කිරීමට හැකිනම් ඉතාමත් අගේයග ඒ වගේම එය සම පුපුරපු අයට විශේෂයෙන් සුදුසුයග වතුර බීම වඩා වැදගත් යැයි මෙම කරුණු මත ඔබට දැන් වැටහෙනු ඇතග ඒ වගේම පැණි බීමල සීනි අධික ආහාර ගැනීම සුදුසු නැතග ස්වභාවිකව වැඩුණු දේශීය ආහාරවර්ග වලට යොමු වීම වඩා වැදගත් බැව් සළකන්න
curtesy : dinamina.lk