Life
ඊර්ෂ්යාවන්ත පෙම්වතෙක් පෙම්වතියක් හඳුනා ගැනීමේ සඥා කීපයක්.....
ආදරවන්තයන් තුළ ඇතිවිය හැකි ඊර්ෂ්‍යාව ගැන අපි ගිය සතියෙ කතා කළා. ඇත්තෙන්ම ඊර්ෂ්‍යාව කියන්නෙ මහා විනාශකාරී බලවේගයක්. ඊර්ෂ්යාවන්ත පෙම්වතෙක් පෙම්වතියක් එක්ක පී‍්‍රතිමත් ආදර ජීවිතයක් ගෙවන්න බෑ. ඊර්ෂ්යාවන්ත පෙම්වතෙක් පෙම්වතියක් කියන්නෙ හරිම හිසරදයක්. ඒ වගේ කෙනෙක් විවාහ කරගත්තොත් පසුවට යුගදිවිය ඉතාමත් අමිහිරි වෙන්න පුළුවන්.
ඒ නිසා කෙනෙක් ඊර්ෂ්යාවන්ත පෙම්වතෙක්ව පෙම්වතියක්ව කළින්ම හොඳින් හඳුනාගත්තොත් ඔහු/ ඇය පිළිබඳ තීරණයක් ගැනීමට ඒක රුකුලක් වෙන්න පුළුවන්.
ඒ නිසා අපි අද ටිකක් කතාකරමු මොනවද ඊර්ෂ්යාවන්ත පෙම්වතෙක්ව හඳුනාගැනීමට ඉවහල්වෙන සංඥාවන් කියල.
ඇතැම් කරුණු සමහරවිට ඊර්ෂ්‍යාවට කෙළින්ම අදාළයි. තවත් සමහර කරුණු ඊර්ෂ්‍යාවට සම්බන්ධයි කියල කෙළින්ම පේන දේවල් නෙමේ. නමුත් ඒ සංඥා කෙනෙක් තුළින් ඉස්මතුවෙනව නම් ඔහු/ ඇය තුළ ඊර්ෂ්යාවන්ත පෙම්වතෙක් පෙම්වතියක් ඉන්නව වෙන්න පුළුවන්.
1. ඔබ කරන හැමදෙයක් ගැනම නිතරම ඔහුට/ ඇයට තරහ යනවද?
සමහරවිට ඔබ වරදක් කරලත් නෙමේ. කොහෙ හරි ගියත්, විනෝද වුණත්, හිනාවෙලා හිටියත් සමහරවිට හේතුවක් නැතුව වුණත් ඔබට නිතරම බණිනව නම් තරහවෙන් කතාකරනව නම් ඒක ඊර්ෂ්‍යාවේ විෂ ඔහු/ ඇය තුළ සැඟවී තිබිය හැකි බවට සාක්ෂියක්.
2. වෙන කෙනෙක් ගැන කතා කරන එකට ඔහු/ ඇය සතුටු නෑ වගේ පේනවද?
කවුරුහරි එක පුද්ගලයෙක් ගැන තොරතෝංචියක් නැතුව කියවනව නම් ඒ ගැන අප්‍රසාදය පළකිරීම වෙනම දෙයක්. ඒත් නිකමට හරි කාගෙ හරි හොඳ ගති ගුණයක් ගැන කිව්වොත් කළ උදව් ගැන හෝ යම් කෙනෙක්ගේ පෞරුෂය ගැන වගේ යමක් ගැන කිව්වොත් ඔබේ පෙම්වතා/ පෙම්වතිය ඒ ගැන අපහසුතාවයකට අසතුටකට පත්වෙනව වගේ ඔබට දැනෙනව නම් ඔහු/ ඇය තුළ ඊර්ෂ්‍යාව තිබෙනවා විය හැකියි බොහෝ විට.
3. ඔබේ ගමන් බිමන් වුවමනාවට වඩා සෙවිල්ලෙන් ඉන්නවද?
හැම තිස්සෙම යන එන ගමන් ගැන ඔහු/ ඇය විපරම් කරනවද? හැම තිස්සෙම කොහෙද ඉන්නෙ, කා එක්කද ඉන්නෙ, වටපිටාවේ කවුද ඉන්නෙ මොනවද කරන්නෙ, කීයටද එන්නෙ වගේ දේ ගැන ප්‍රමාණය ඉක්මවා හොයනව නම් ඔහු/ ඇය තුළ ඊර්ෂ්‍යාව තිබෙනවා විය හැකියි.
සාමාන්‍යයෙන් තම පෙම්වතිය/ පෙම්වතා යන එන තැන් ගැන විමසීම වරදක් නෙමේ. ඒත් ඒ දැනගැනීම පිණිස මිසක් සැකයකට නොවිය යුතුයි. ඒත් සැරෙන් සැරේ