Health
ඉයර්ෆෝන්ල හෙඩ්ෆෝන් නිසා බිහිරිවීමේ ලකුණු
එක් පුද්ගලයෙකුගේ ඉයර්ෆෝන්ල හෙඩ්ෆෝනය තවත් පුද්ගලයෙකු භාවිතා කිරීම හොඳ නැහැ නැති ගැටලු ඇතිවෙයි
උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය
චන්ද්‍රා ජයසූරිය
නිතර ඉයර්ෆෝන්ල හෙඩ්ෆෝන් භාවිතා කරන්නන්ට කනේ ඉටි සෑදීම වැඩි බව පර්යේෂණ මඟින් හෙළි වී තිබේග කනේ ශබ්දය නින්නාද වීමටල කන හිරිවැටීමට ද මේ පුරුද්ද හේතු වේග හිරිවැටීම පවතින්නේ තාවකාලිකවල කෙටි කාලයකට විය හැකියිග එහෙත් එය බිහිරි බවට පත්විය හැකි බවට පෙර නිමිත්තකිග
කනෙහි ඇතිවන වේදනාවට ද ඉයර්ෆෝන්ල හෙඩ්ෆෝන් දිගුකාලීනව භාවිතා කිරීම හේතු වේග මේ උපකරණවලින් නිකුත් කරන විද්්‍යුත් චුම්බක තරංග මොළයට හානිකර වීමට පුළුවනග
කනේ ඉටි වැඩිපුර නිපදවීමක් සිදු නොවුණත් බොහෝ දෙනෙක් ස්වභාවිකව කනේ ඉටි හෙවත් කලාඳුරු ස්වල්ප වශයෙන් ඇති වුණත් අසහනයෙන් සිටිතිග කනේ ඇති සංවේදීතාවය නොතකා අසල තිබෙන ගිනිකුරකින්ල හැට්ට කට්ටකින් පවා කන කැසීමට පෙළඹෙතිග එසේ තිබියදී කලාඳුරු පමණට වඩා නිපදවීම කෙනෙකු කෙතරම් අසහනයට පත් කරනවාද යන්න අමුතුවෙන් කිවයුතු නැතග ස්වභාවිකව කනේ ඉටි වියළී බැහැර වුණත් වැඩිපුර නිපදවෙන විට එසේ පිටවීමේ ගැටලු මතු වේග කනේ ඉටි වැඩි වූ විට කන ඇසීම අඩුවීමල කරකැවිල්ලල කන් කැක්කුමල කන් යමකින් පිරී ඇති බව දැනීමල කනේ ඇතුළින් ශබ්දයක් ඇසීමල කනෙන් ස්‍රාවයක් නිකුත් වීමල කැසීම වැනි ලකුණු ඇති වේග මෙවිට උගුරල කනල නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපදෙස් පැතිය යුතුයිග
කනේ කලාඳුරු වැඩි වූ විට ග්ලිසරීන් හෝ ඔලිව් තෙල් දැමීම හානිකර නැතත් සැමවිටම කනට යමක් දැමීමට පෙර වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් වන්නේ ඉන් ශ්‍රවණයට හානි විය හැකියිග කෝණ්ඩ කටු වැනි දේ භාවිත කරමින් කන කැසීමේදීල ඉටි ඉවත් කිරීමේදී වෙනකතු අතෙහි වැදුණොත් කන් අඩිය පවා තුවාල වීමට පුළුවනග කොට්න් බඩ්වලින් කන පිරිසුදු කිරීම අපේ අය කරන තවත් වරදකිග කොට්න් බඩ්වලින් කන පිරිසුදු කිරීමේදී කන තුළට කලාඳුරු තවදුරටත් තල්ලු වී යයිග
අපේ ශ්‍රවණයට වින කරන කරුණු අතරින් ඉයර්ෆෝන්ල හෙඩ්ෆෝන් භාවිතය එක් හේතුවක් පමණිග අනෙක් කාරණා අතර අක්‍රීය දුම්පානයල ස්ථුලතාවද හේතු වේග අක්‍රීය දුම්පානයට ගොදුරු වීමේදී කනේ අභ්‍යන්තරයට හානි සිදු වේග දුම්වැටියේ රසායන කනේ කම්පනය ඇති කරන හැකියාවට බාධා ලෙස ක්‍රියා කරයිග ගර්භණී මවක් අක්‍රීය දුම්පානයට ගොදුරු වීමේදී කුසෙහි වැඩෙන දරුවා ශ්‍රවණ දුබලතාවකට ලක් වීමේ ඉඩකඩ වැඩියග
ස්ථුලතාව ද හොඳින් කන් ඇසීමට බාධාවකිග විශේෂයෙන් තරබාරුල අඩු ක්‍රියාකාරී අය ශ්‍රවණ දුර්වලතාවලින් පීඩා විඳියිග ව්‍යායාම කර ස්ථුලතාව අඩු කර ගැනීමෙන් ශ්‍රවණය දුර්වල වීම වළක්වා ගත හැකියිග වැඩි වශයෙන්ම තරබාරු කාන්තාවන් මේ අර්බුදයට මුහුණපායිග අප කතා කිරීමට ඉගෙන ගන්නේ මව්කුසේ සිටම සවන් දීමෙනිග මොළයේ භාෂා සහ කථන හැකියා ඇති ප්‍රදේශය ශ්‍රවණ හැකියාව මත වර්ධනය වේග එහෙත් උපතේ සිට ශ්‍රවණ ඌනතාවක් ඇත්නම් මොළයේ වර්ධනය ඌන වී ගොළුවේග දරුවකුගේ ශ්‍රවණ හැකියාව සති හයේල හතේදී හඳුනාගත යුතුයග ශ්‍රවණ ගැටලුවක් ඇති බවට සැකයක් අත්නම් වහාම උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්විය යුතුයග
ඩෙසිබල් 90ට වැඩි ශබ්දයකට කාලයක් පුරා සවන් දීම කන් බිහිරි වීමට හේතුවක් වීමට පුළුවනග ඩෙසිබල් සියයට වැඩි හඬකට මිනිත්තු 15ක් වැනි කෙටි කාලයක් සවන් දීම ඇසීමේ හැකියාව අහිමි කිරිමට හොඳටම ප්රමාණවත්යග
මේ ආදරණීය ඇබ්බැහිවීමේ අහිතකර බව අඩු කිරීමට ඉහළ හඬකට සවන් නොදීම වාගේම ඉයර්ෆෝන්ල හෙඩ්ෆෝන් ගලවා වරින් වර විරාමයක් ගැනීම ඉතා වැදගත්යග
අපේ යොවුන් පරපුර වැඩිපුර සවන් දෙන්නේ ඩෙසිබල් 120ට ආසන්න හෝ වැඩි හඬවල්වලටයිග ඝෝෂාකාරී සංගීත ප්‍රසංගයක පවා පවතින්නේ ඩෙසිබල් 120ට වැඩි සංගීත නාදයකිග මෙතරම් ඉහළ හඬකට සවන් දී පැයයි මිනිත්තු 15කට පසු කන් ඇසීමේ අඩු වීමක් සිදුවන බව පර්යේෂණ මඟින් අනාවරණය කරගෙන ඇතග
ඇඳුම් පැලඳුම්ල තුවාල දත් බුරුසුල රේසර් හුවමාරු කරගෙන භාවිතා කිරීම සෞඛ්‍යයට බරපතළ ලෙස හානිකර පුරුදුයග ඉයර්ෆෝන් සහ හෙඩ්ෆෝන් ද මාරු කර ගනිමින් භාවිතා කිරීම ද ඒ හා සමානවම ඉතා නරකයග
අප සැමගේම කන්වල බැක්ටීරියා ඇතග ඒවා අපට සතුරු නොවේග එහෙත් වෙනත් කෙනෙකුගේ කනේ පවතින බැක්ටීරියා තවත් කෙනෙකුට සතුරුයග ඒ නිසා ආසාදන ඇති වීමට පුළුවනග යාළු මිතුරුකමට ඉයර්ෆෝන්ල හෙඩ්ෆෝන් හුවමාරු කර ගනිමින් භාවිත කිරීමේදී බැක්ටීරියා ද හුවමාරු වේග එයින් ආසාදනවලට මුල පිරේග
චමිපිකා දීපානි රණසිංහ
curtesy :dinamina.lk