Beauty
ඉක්මනින් සුදු වෙන්න කැමැති අයට ප්‍රතිකාර වට්ටෝරු
c. විවිධ ජාතීන්ගේ සමේ වර්ණය ඔවුනොවුන්ට ආවේණිකයි. ආසියාතිකයන්ගේ සම සමස්තයක් වශයෙන් දුඹුරු වර්ණයෙන් යුක්ත වෙනවා. අප්‍රිකානුවන්ගේ සම තද කළු පැහැති වන අතරම චීන සහ මොන්ගෝලියානුවන්ගේ සම කහ පැහැයට හුරුයි. ඒ අතර අනෙකුත් බටහිර ජාතීන්ගේ සම සුදු පැහැති වෙනවා.
උණුසුම් දේශගුණය සහිත ප්‍රදේශවල ජීවත්වන අයගේ සම තද පැහැයෙන් යුක්තයි. හිරු රශ්මිය නොවැටෙන රටවල ජීවත්වන අයගේද සම සුදු පැහැතිය. පරිසර දූෂණය, අපිරිසුදු බව වැනි සාධකද සමේ වර්ණය වෙනස් වීම කෙරෙහි අහිතකර ලෙස බලපානවා.
පෝෂණ මට්ටම සහ සමේ වර්ණය
යමෙකුගේ කාන්තිමත් සම කෙරෙහි පෝෂණයේ බලපෑම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. යමෙක් සියලු පෝෂණ පදාර්ථවලින් සමන්විත අංග සම්පූර්ණ ආහාර පරිභෝජනය කරන විට ඔහුගේ හෝ ඇයගේ සම කාන්තිමත් නොව, පැහැපත් වෙනවා. ඒවගේමයි පෝෂණය අසතුටුදායක වන විට සමේ පැහැපත් බවද අඩුවෙනවා. විශේෂයෙන්ම විටමින් අතුරින් A,B සහ C කාණ්ඩයේ විටමින් සමේ නිරෝගී බවටත් පැහැපත් බවටත් අවශ්‍ය වෙනවා.
සමේ වර්ණය සහ පැහැපත් බව
සමේ වර්ණය කුමක් වුවද සම පැහැපත් නොමැති නම් එවැනි සමක් ඇති අයකු කිසිවකුගේ ආකර්ෂණයට ලක් නොවේ. සම කෙතරම් කළු පැහැති වුවද එය පැහැපත් නම් ඔහුගේ හෝ් ඇයගේ සුන්දරත්වයට ආභරණයක් වැනිය.
මේ නිසා ලස්සන වීමට උත්සාහ කරන අය සිතේ තබා ගතයුතු කාරණය වන්නේ, සුදු වීමට උත්සාහ කරනවාට වඩා පැහැපත් වීමට උත්සාහ දැරීමයි.
ඔබේ ශරීර වර්ණය මඳක් කළු පැහැයට හුරුනම් ඔබ කෙතරම් කනස්සල්ලට පත්වනවා දැයි අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ වගේම සමහර තරුණ තරුණියන්ගේ සම සුදු පැහැයට පිහිටා තිබුණේ එය
(under the courtesy of goodhousekeeping.lk web)