Beauty
ඇස් වටා කළු පැහැය ගෙදරදීම නැති කර ගන්න
ඇඇස් යට කළු වීම කියන්නේ අද ගොඩක් දෙනෙක්ට තියන ගැටළුවක්. මේකට විවිධ හේතූන් බලපානවා. ඉන් කිහිපයක් ලෙස වයසට යාම, සමේ වියළි බව, දිගු වේලාවක් හැඬිම, දිගු වේලාවක් පරිගණකය ඉදිරියේ වැඩ කිරීම, මානසික ආතතිය, නින්ද අඩුකම, පෝෂ්‍යදායි ආහාර නොගැනීම ආදිය ඉන් කිහිපයක් ලෙස දක්වන්න පුලුවන්.
ඇස් යට කළු වීම කියන්නේ බරපතල සමේ රෝගයක් නෙවෙයි. ඒත් මේ නිසා ඔබට ඉතාමත් විඩාබර මෙන්ම
වයසින් වැඩි පෙනුමක් ගේනවා. අද කියන්න යන්නේ ඇස් යට කළු වීම වලක්වාගන්න ගෙදරදීම කරන්න පුළුවන් ප්‍රතිකාර කිහිපයක් ගැනයි. ඔබත් ඇස් යට කළු වීම නිසා කනස්සල්ලෙන් ඉන්න කෙනෙක් නම් ගෙදරදීම කරන්න පුළුවන් මේ ක්‍රම අත්හදා බලන්න.
01) ආමන්ඩ් ඔයිල්
ආමන්ඩ් ඔයිල් කියන්නේ ඔබේ ඇස් වටා ඇති අඳුරු බව ඉවත් කිරීම සඳහා යොදා ගන්න පුළුවන් ඉතාම හොඳ තෙල් වර්ගයක්. දිනපතාම ආමන්ඩ් ඔයිල් භාවිත කරන්න පුළුවන් නම් ඔබට ඉක්මනින්ම ඔබේ ඇස් යට අඳුරුබව නැති කර ගන්න පුළුවන්. ඒ වගේම ඔබට ආමන්ඩ් තෙල් සමග විටමින් E තෙලුත් මිශ්‍ර කර ආලේප කිරීමත් කරන්න පුළුවන්.
රාත්‍රී නින්දට යාමට පෙර ආමන්ඩ් තෙල් ස්වල්පයක් ගෙන ඔබේ ඇස් වටා ආලේප කර මෘදුව සම්බාහනය කරන්න. රාත්‍රිය පුරාම එය තිබෙන්නට හැර පසුදා උදෑසන සීතල වතුරෙන් සෝදා හරින්න. අඳුරු ගතිය නැතිවන තුරු දිනපතාම මෙය සිදු කරන්න.
02) පිපිඥ්ඥා
පිපිඥ්ඥා කියන්නේ සම පැහැපත් කිරීමටත් බහුලව යොදාගන්නා ඉතාම පෝෂ්‍යදායී දෙයක්. මෙයින් ඔබගේ දෑස් වල ඇති විඩාබර පෙනුම නැති කරයි. එමෙන්ම මෙයින් ඔබේ ඇස් වටා සම සිනිඳු කර නැවුම් පෙනුමක් ලබා දෙයි.
පිපිඥ්ඥා ගෙඩියක් ගෙන තරමක් සිහින් පෙති කපා ඒවා මිනිත්තු 30ක් ශීතකරණයේ දමා සිසිල් කර ගන්න. ඉන් පසු එම පෙති මිනිත්තු 10ක් පමණ ඇස් මත තබාගෙන හිඳ ඉවත් කර ජලයෙන් සෝදා හරින්න. දවසට දෙපාරක් සතියක් හෝ ඊට වඩා වැඩි කාලයක් මෙය සිදු කරන්න.
පිපිඥ්ඥා යුෂ හා දෙහි යුෂ සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍ර කර එය ඇස් වටා තවරා මිනිත්තු 15 පමණ තබා ජලයෙන් සෝදා හරින්න. දිනපතා සතියක් පමණ මෙසේ කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගත හැක.
03) අර්තාපල්
අර්තාපල් කියන්නෙත් ස්වභාවික බ්ලීචින් අඩංගු ඇස් යට අවපැහැ ගැන්වීම සුව කරන දෙයක්.
අර්තාපල් ගෙඩියක් ගෙන සිහින්ව කපා මිරිකා යුෂ ලබා ගන්න. අයි පෑඩ් හෝ කපු පුලුන් එම යුෂ වලින් පොඟවා ඔබේ ඇස් මත තබන්න මෙලෙස විනාඩි 10 හෝ 15 පමණ හිඳ ඒවා ඉවත් කර සීතල වතුරෙන් ඇස් සෝදන්න. සති කිහිපයක් දිනකට වරක් හෝ දෙවරක් මෙය කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
අර්තාපල් යුෂ වෙනුවට ඔබට මේ සඳහා අල පෙති ද භාවිත කළ හැක.
Wmqgd .ekSu kj,sh mqj;a m; weiqfrks