Health
ඇස් කණ්ණාඩි පැළඳීමට ඔබ අකමැතිද?
අධ්යක්ෂල වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය
මිහිර වික්‍රමාරච්චි
ජීවිතයේ විවිධ අවස්ථාවල අපට තෝරා ගැනීම් සිදු කරන්නට වෙනවාග එවැනි තෝරා ගැනීම් අතර ශාරීරික දුර්වලතා මඟහරවා ගන්නට භාවිතා කරන විවිධ උපාංග විශේෂත්වයක් හිමි කරගනු ලබන අතර මෙවර ලිපිය යටතේ සාකච්ඡාවට ලක් වන්නේ අක්ෂි දුර්වලතා සඳහා යොදා ගන්නා ඇස් කණ්ණාඩි භාවිතයේදී සිදු කළ යුතු තෝරා ගැනීම් හා ඒවා නිවැරදිව සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳවයිග
ඇස් කණ්ණාඩි භාවිතා කරන්නේ විලාසිතාවට විතර දරෑ
ඇස් කණ්ණාඩි භාවිතා කරන්නේ අක්ෂි දුර්වලතාවන් මඟහරවා ගන්නටයිග නමුත් පොදුවේ බහුතරයක් ඇස් කණ්ණාඩි භාවිතා කිරීමට විශේෂ කැමැත්තක් දක්වන්නේ එය විලාසිතාවක් ලෙසින් තමාගේ පෙනුම තව තවත් අලංකාරවත් කරන නිසයිග එසේ වුවත් විලාසිතාවට පමණක් මුල් තැන නොදී තමාගේ අවශ්‍යතාවට අනුව වගේම දුර්වලතාවේ ස්වභාවය අනුව ඇස් කණ්ණාඩියක් තෝරා ගැනීමට කටයුතු කළ යුතුයිග
ඇස් පරීක්ෂා කිරීම වැදගත් දරෑ
ඔබගේ ඇස්වල යම් ගැටලුවක් තිබෙනවා නම් නිවැරදිව දුර්වලතාව හඳුනා ගැනීම ඉතා වැදගත්ග පසුව එම ගැටලුවට වෛද්‍යමය ප්‍රතිකාර අවශ්‍ය නම් එම ප්‍රතිකාර ද දෘෂ්ඨි විශේෂඥ සහාය අවශ්‍ය නම් ඔවුන් හරහා තමාට පවතින ගැටලුවට පිළියම් යොදා ගැනීම ද ඉතා වැදගත්ග වර්තමානයේදී පවතින නවීනතම තාක්ෂණික පහසුකම් හා සියලු තාක්ෂණික උපකරණ හරහා හැකි උපරිම සේවයක් සැපයීමට සෑම විටෙකම ඔවුන් සූදානම්ග
ඔබේ පෙනීමට බාධා කරන දෙයින් ඈත්වන්නග
ඔබේ දෑස ඔබේ පණ හා සමානයිග ඒ නිසා දෑස ආරක්ෂා කර ගැනීම පිළිබඳ අමුතුවෙන් ඔබට පවසන්නට අවශ්‍ය වන්නේ නැහැග ඒ නිසා එහි පෙනීමට යමක් බාධා ඇති කරනවා නම් ඉන් ඉවත් වීමට සෑම විටෙකම කටයුතු කළ යුතුයිග ඇතැම්විට දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇති වන යම් යම් බාධාවන් හරහා ඇසේ පෙනීමට ගැටලු ඇතිවිය හැකියිග ඒවා පිළිබඳ මනා දැනුවත් වීමක් ලබා ගැනීම ඉතා වැදගත් වන්නේ එවැනි අවස්ථා කල්තබා හඳුනා ගැනීම හරහා ඔබේ පණ හා සමාන දෑස ආරක්ෂා කර ගත හැකි බැවිණිග උදාහරණ ලෙස අඩු ආලෝක තත්ත්වල වැරදි ආලෝක තත්ත්ව :නියෝන් ලයිට් වැනි-ල පාර ජම්බුල කිරණ :උම කිරණ- ආදිය ඔබගේ පෙනීමට බාධා ඇතිකර විය හැකියිග
පෙනීමේ ගැටලු නොසලකා ඉන්න එපා
සිතන්න ඔබට පෙනීමේ යම් ගැටලුවක් තිබෙනවා කියාග නමුත් තිබෙන රාජකාරි කටයුතු හෝ ඔබගේ කාර්යබහුල බව නිසා එම දුර්වලතා පිළිබඳ එතරම් සැලකිල්ලක් දැක්වීමට තරම්වත් කාලයක් වෙන්කර ගැනිමට ඔබට නොහැකි විය හැකියිග නමුත් එසේ අක්ෂි දුර්වලතා නොසලකා සිටීම කිසිවිටෙකත් සිදු නොළ යුත්තකිග
ඊට හේතුව සුළුවෙන් පටන් ගනන්නා අස්ථි දුර්වලතා ඉදිරියේදී පිළියම් යෙදිමට අපහසු තත්ත්වයේ දුර්වලතා බවට පත්විය හැකි නිසාවෙනිග
කණ්ණාඩි පැළඳීමට ඔබ අකමැතිදරෑ
කුමන ආකාරයේ අක්ෂි දුර්වලතාවක් වුවත් ඒවාට නිසි පිළියම් යෙදීම ඉතා වැදගත්ග බොහෝදුරට මෙම ගැටලුවලට නිර්දේශ වන සුලබ ප්‍රතිකර්මයක් වන්නේ ඇස් කණ්ණාඩි පැළඳීමයිග නමුත් ඇතැම් අය ඇස් කණ්ණාඩි පැළඳීමට අකමැති විය හැකි අතර එවැනි ගැටලු සඳහා ද මේ වනවිට තාක්ෂණික වශයෙන් ලැබෙන සහයෝගය පුදුමාකාරයිග එවැනි අයට භාවිතා කළ හැකි ප්‍රතිකර්ම ලෙස සිවිකාච භාවිතය වගේම ලේසර් ප්‍රතිකර්ම පිළිබඳවත් හඳුන්වාදිය හැකියිග නමුත් එවැනි කුමන ප්‍රතිකර්මයක් කරා යොමු වීමට ප්‍රථමයෙන් අක්ෂි පරීක්ෂා කර නිවැරදිව දුර්වලතාව නිර්ණය කර ගැනීම වැදගත්ග
කාච වගේම රාමුවටත් වැදගත් තැනක්ග
ඇස් කණ්ණාඩි තෝරා ගැනීමේදී එහි කාචය වගේම රාමුවටත් වැදගත් තැනක් හිමි වේග විශේෂයෙන්ම කණ්ණාඩි රාමුවක් තෝරා ගන්නා විට එය නාසයටල මුහුණේ හැඩයට ගැලපෙනවාද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුයිග එසේ නිවැරදි තෝරා ගැනීමක් සිදු නොකළහොත් පසුකාලීනව විවිධාකාර ශාරීරික අපහසුතාවලට ද ඔබට මුහුණ දීමට සිදුවිය හැකියිග
නුවන්ති කුලරත්න
curtesy :dinamina.lk