Health
ඇතැමුන් පරාජිත සිතුවිලි සමඟ ජීවත් වන්නේ ඇයිරෑ
ජීවිතයේ විවිධ කාලවලදී අප ලබන අත්දැකීම් එය නිසිපරිදි පවත්වාගෙන යාමට මනා පිටිවහලක්ග එසේ වුවත් ඇතැම්විට දරුණු ඛේදවාචක කරාද මෙවැනි අත්දැකීම් ඇතැම් ජීවිත මෙහෙය වනු ලැබේග නමුත් ගුණාත්මක මෙන්ම සෞඛ්‍ය සම්පන්න මානසික සුවතාවක් තිබෙන බොහෝදෙනෙකුට තමාගේ ජීවිතවලට කුමන ගැටලුවක් ඇති වුවද ඊට සාර්ථක ආකාරයෙන් මුහුණ දීමට ඇති හැකියාව පුදුමාකාරයිග විශේෂයෙන් ළමා කාලය තුළ පුද්ගලයෙකු ලබන අත්දැකීම්ල අවබෝධයන්ල සිතුවිලි ආදී වූ දේ ජීවිතයේ ඉදිරිය ශක්තිමත් කර ගැනීමට හේතුවනවා වගේම ඉදිරි ජීවිතයේ නොසිතූ ආකාරයේ මානසික ගැටලු ඇති කිරීමට ද හේතුවිය හැකි බවට උදාහරණ අවස්ථා ඕනෑතරම් සමාජය තුළ දැකගත හැකියිග එසේ කුඩා කලදී මනසට ඇතිවන බලපෑම් ඉදිරි ජීවිතයේදී ඇතැම්විට කායික වශයෙන් ගැටලු ඇති කරන මට්ටමට පවා පත්විය හැකියිග ඔවුන් එවැනි ශාරීරික අපහසුතාවලටල කෙතරම් කායික රෝග පිළිබඳ වෛද්‍ය සහාය පැතුවත් අවාසනාවට එම රෝගයේ හේතුව වන්නේ මානසික වශයෙන් ඇති වූ ගැටලුවක් බව අවබෝධ කර ගන්නේ නැහැග මෙවර මානසික රෝග පිළිබඳ ලිපිය යටතේ සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවට ර්ණජයන්තගේ කථාවර්ණ ඉතා හොඳ පූර්විකාවක් වේවිග
ර්ණජයන්ත විවාහ වන වයසේ තරුණයෙක්ග ඒ පමණක්ම නොවෙයිග ඔහු විධායක නිලධාරියෙක්ග විවිධාකාරවූ ශරීරික අපහසුතා වලින් පීඩා විඳි ජයන්තල විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට පවා ලක් කළ ද කිසිම රෝග හේතුවක් හඳුනා ගැනීමට නොහැකි වියග වෛද්‍යවරු ඔහුට පැවසුවේ මෙම රෝගී තත්ත්වයට හේතුව මානසික වශයෙන් ඇතිවන බලපෑමක් බවයිග එසේ වුවත් තමා මානසික රෝගියෙකු ලෙසින් පිළිගන්නට ජයන්ත කැමති නොවුණිග තාවකාලිකව සුවපත් භාවයක් හිමිවන වේදනා නාශක මඟින් තමාගේ අපහසුතා යටපත් කරගත් ඔහුගේ මෙම හැසිරීම ඔහුගේ මවට දැඩි ගැටලුවක් ඇති කරවීයග අකමැත්තෙන් වුවත් මනෝ වෛද්‍ය සායනයකට යොමු කළ ජයන්තගේ මානසික ගැටලුවට හේතුව ඔහු කුඩා කල සිට මුහුණ දුන් විවිධාකාර මානසික පීඩනයන් බව ප්‍රතිකාර කිරීමේදී පැහැදිලි කරගත හැකි වියග
මේ සඳහා හේතු වන කරුණු කාරණා මොනවාදරෑ
මෙවැනි රෝග තත්ත්වයන්ට හේතුවන කරුණු කාරණා රාශියක් පැවතිය හැකි අතර යම් අයෙකු කුඩා කාලයේදී ලබන අත්දැකීම්ල පීඩනයන්ල මේ අතර ප්‍රධාන වේග එහිදී තමාගේ බලාපොරොත්තු කඩවීම්ල පරාජයල අවශ්‍යතා ඉෂ්ඨ කර ගැනීමට නොහැකි විමල තර්ජනයන්ල බලපෑම් ආදිය මූලික වේග තවද සිතේ ඇතිවන විවිධාර වූ අස්වාභාවික සිතුවිලිල මතිමතාන්තර ද මේ හේතු අතරට එකතු කළ හැකියිග මීට අමතරව සිත තුළ තැන්පත්ව පවත්නා සිතුවිලි ද ඊට බලපාන අතර ඒවාට මුල් වන්නේ තමා ලද අත්දැකීම්ල අවබෝධල වැරදි මති මතාන්තර ආදියයිග
මෙවැනි රෝගීන්ගේ හැසිරීම
මෙම තත්ත්වයට පත් වූ අය නිරන්තරයෙන්ම අශුභවාදී පරාජිත සිතිවිලි සමඟ දිගින් දිගටම ජීවත් වේග ඉතාම සරල බාහිර කරුණක් වුවද ඔවුන්ගේ ජීවිතවලට දැඩිලෙසට බලපෑමක් ඔවුන් විසින්ම ඇති කර ගන්නා අතර ඒවා පසුව රෝග ලක්ෂණ වශයෙන් ඉස්මතු වේග මෙසේ ජීවත්වීම තුළින් මෙම මානසික ආතතිමය තත්ත්වය පසුකාලිනව කායික රෝග බවට පත්විය හැකියිග මෙවැනි ගැටලුකාරී තත්ත්වයන්ට පත් වූ අය මේ වන විට සමාජය තුළ බහුලව දැකගත හැකියිග
නමුත් අවාසනාවට ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති විය හැකි අතර තමාට මානසික රෝගී තත්ත්වයන් ඇති බව පිළිබඳවත් ඔවුන්ට අවබෝධයක් ඇත්තේ නැහැග මෙවන් මානසික ගැටලුවකට මුහුණ දී ඇති තැනැත්තන් ගත කරන ජීවිතයේ ගුණාත්මක බව පිළිබඳව දෙවරක් සිතිය යුතු වේග නිරෝගිමත් මානසික සෞඛ්‍යයක් හිමි දිවියකට උරුමකම් කියන්නට ඔවුන්ට නොහැකග
මෙවැනි රෝගී තත්ත්වයෙන් පීඩා විදින අයට සිදු කෙරෙන ප්‍රතිකාර කුමන ආකාරදරෑ
මෙවැනි අයට ප්රතිකාරමය වශයෙන් ඉතාම සාර්ථක ප්‍රතිකාර වන්නේ මනෝ විද්‍යාත්මක ප්රතිකාරයයිග (Psychological Treatments මෙය හුදෙක්ම උපදෙස් පමණක්ම ලබාදෙන ප්‍රතිකාර ක්‍රමයක් නොවේග
යම් අයෙක් මෙවැනි මාසනික ගැටලුවකට ප්‍රතිකාර ලබා ගන්නවා නම් සෑම අවස්ථාවකදීම ඒ සඳහා විශේෂිත පුහුණුවක් ලැබූ විශේෂඥවරුන් මඟින් ප්‍රතිකාර ලබා ගත යුතුයිග මෙහිදී මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයල ඇගයීම මෙන්ම මනෝ විද්‍යාත්මකව රෝග විනිශ්චය සමඟ මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර හරහහා ගුණාත්මක ජීවිතයක් කරා රෝගීන් යොමු කරනු ලැබේග
Wmqgd .ekSu