අද කාන්තාවන් වැඩි උනන්දුවක් දක්වන්නේ තමන්ගේ සම පැහැපත්කර ගනිමින් රුව
ලස්සන රැක ගැනීමටයි. මේ නිසාම තමන්ගේ සමේ පැහැය වර්ධනයකර ගැනීමේ අරමුණින්
විවිධ ආලේපන වර්ග, රසායනික ආලේපන වර්ග සහ රසායනික ප්‍රතිකර්ම භාවිතයට
පුරුදු වී සිටිනවා.
එවැනි ප්‍රතිකාර මඟින් සමට විය හැකි හානිය බොහොමයි. නමුත් බොහෝවිට
මෙවැනි ප්රතිකර්මවලට යොමු වී සිටින්නේ නොදැනුවත්කම සහ ඔවුන්ගේ එකම අරමුණ
සම සුදුකර ගැනීමේ පරමාර්ථය වන නිසයි.
සම දුර්වර්ණවීමට බලපාන හේතූන් බොහොමයක් තිබේ. ඒ අතරින් බ්ලීචින්
ප්රතිකර්මයන්ට නිතර නිතර නැඹුරු වනවා නම් ඒ තුළින්ද සමේ පැහැය දුර්වර්ණ
වෙන්න පුළුවන්. කායිකව පවතින විශේෂ රෝගාබාධ නිසාත් සමේ දුර්වර්ණතා ඇතිවිය
හැකියි.
* සම සුදුකර ගැනීම සහ පැහැපත්කර ගැනීම අතර වෙනස කුමක්ද?
සම සුදුවෙනවා කියන්නේ මෙලනින් නිපදවන මෙලනසයිට් කියන සෛල වර්ග අඩුකර
මෙලනින් වර්ණකය අඩුකිරීමයි. එහිදී විවිධ ක්රමෝපායන් මඟින් විවිධ රසායන
ද්‍රව්‍යයන් මඟින් මෙම මෙලනින් නිපදවන සෛල පුළුස්සා දැමීමක් සිදු කරනවා.
නමුත් නිවැරැදිව සිදුවිය යුත්තේ සම සුදුවීමක් නොවෙයි. සමේ තිබෙන පැහැය තවත්
පැහැපත්වීමක්. එවිට සමේ පවතින කුණු දූවිලි මතුපිටින් සහ ගැඹුරින් පිරිසුදු
කිරීමක් දින විසි එකකට සැරයක් ජනනය වන්නා වූ මැරුණු සෛල ඉවත් කිරීමක්
සිදුවිය යුතුයි. එමෙන්ම රුධිරය සැපයුම උත්තේජනයකර සමට හොඳ පෝෂණයක් ලබාදී එම
සෛල ප්රබෝධවත්කර පැහැපත් කිරීමක් සිදු කළ යුතුයි. එම නිසා කළු සමක් තිබෙන
ඕනෑම අයකුට සුදු විය හැකිද? යන්න ප්‍රශ්නයක්.
සැබැවින්ම ඕනෑම අයකු කළ යුත්තේ තමන්ගේ තිබෙන වර්ණය තමන්ට තිබෙන සම ප්රබෝධවත්කර පෝෂණයකර පැහැපත් බවක් ඇතිකර ගැනීමයි.
* සම සුදුකර ගැනීමේ ප්‍රතිකාර වශයෙන් සිදුකරන්නේ කුමක්ද?
සම සුදුකරගැනීම සඳහායැයි හැඳින්වෙන බ්ලීචින් ක්‍රීම් වර්ග වෙළෙඳ පොළේ
තිබෙනවා. එම බ්ලීචින් වර්ගවලින් සැබැවින්ම සිදුවන්නේ අපේ සමේ මෙලනින්
වර්ණකය නිපදවීම අඩාල කිරීමයි. එනම් මෙලනින් නිපදවන සෛල පුළුස්සා දැමීමයි.
එය කිසි ලෙසකින් වෛද්‍ය විද්‍යාත්මකව සුදුසු දෙයක් නොවෙයි. මෙය ඉතාමත්
කෙටි කාලීන ප්‍රතිඵල ලබා දෙන්නකි. නමුත් දීර්ඝ කාලීනව ගතහොත් මෙහි අතුරු
ආබාධ රාශියක් තිබෙනවා. බොහෝ විට චර්ම පිළිකා, වෙනත් චර්ම රෝග, කුරුලෑ, කළු
ලප, සමේ රැලි වැටීම්, අකලට වියපත්වීමේ ලක්ෂණ, සම වියළීම මෙන් අක්ෂි ආබාධ
පවා මෙම බ්ලීචින් ප්‍රතිකර්ම හේතුකොට ගෙන ඇතිවිය හැකියි.
* ආයුර්වේදයේ දී නිසියාකාරයෙන් සම පැහැපත් කරගන්නේ කෙලෙසින් ද යන්න විමසා බලමු.
සාමාන්‍යයෙන් සම පැහැපත්කර ගැනීමට නම් සම පෝෂණය කරගැනීම වඩාත් වැදගත්
වෙනවා. එය බාහිර වශයෙන් මෙන්ම අභ්‍යන්තර වශයෙන් සමට වැදගත් පෝෂක සංඝටක අප
ලබාගත යුතුයි. ඒ සඳහා අප ගන්නා ආහාරවල විටමින් වර්ග, ඛනිජ ලවණ ආදිය ඇතුළත්
විය යුතුයි.
ඒ සඳහා විශේෂයෙන්ම කොළපාට එළවළු, පාට පාට පලතුරු, ධාන්‍ය වර්ග, කිරි
ආහාර ලබාගැනීම සුදුසුයි. මේ දේවල් රත් කිරීමකින් තොරව ස්වාභාවිකවම ලබාගත
හැකිනම් එය වඩාත් වැදගත් වෙනවා. එමෙන්ම දිනකට ලීටර් හයක්වත් ජලය පානය කිරීම
සමේ ඇතිවන විස කොටස් ඉවත් කිරීමට හේතු වෙනවා.
බාහිර වශයෙන් ගත්විට ආයුර්වේදයේ විශේෂයෙන්ම වර්ණ කාරක ගණය වශයෙන් සම
පැහැපත්කර ගැනීමට යෙදිය හැකි ඖෂධ දක්වා තිබෙනවා. එම ඖෂධවලින් සාදාගත්
මුහුණු ආවරණ නැත්නම් පැක් වර්ග අපට භාවිත කරන්න පුළුවන්. උදා. කහ,
වෙනිවැල්, කොකුම් පොතු, ලොත්සුඹුලු, කොත්තමල්ලි වැනි දේ එකතුකර තමන්ගේ සමට
සුදුසු ආකාරයේ පැක් වර්ග භාවිත කළ හැකියි.
සම පැහැපත් කරලීමේ විශේෂ ආයුර්වේද ප්‍රතිකර්ම ලෙස මැටි ප්‍රතිකාර මැටි ආශ්‍රය කරගනිමින් කරන ප්‍රතිකාර, ඖෂධීය චූර්ණ,
පලතුරු යොදාගෙන සිදුකරන ෆේෂල් ප්‍රතිකර්ම තිබෙනවා. එමෙන්ම දහදිය ඇති
කිරීමේ ස්වේද ප්‍රතිකර්ම, කටු චිකිත්සාවෙන් කරන ලද සමේ දුර්වර්ණ ඇති තැන්
ඉවත්කර සමට පෝෂණ ලබාදී සම පැහැපත් කරනවා. මෙහිදී මුහුණ සම්බාහනය ඉතා
වැදගත්. එනම් ෆේෂල් මසාජ් මඟින් රුධිර සැපයුම වැඩිකර හොඳ පෝෂණයක් සමට ලබාදී
සමේ වියපත් බව අඩුකරලීමට පුළුවන්.