Life
ඇඟට අගුණයක් නැතුව තෙල් කෑම කන හැටි මෙන්න
ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සොයා ගැනීමක්
වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් තෙල් සහිත ආහාර රස විඳීමට දැඩි ලොල් බවක් දක්වති. එහෙත් අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග රැසකටම ප්‍රධාන හේතුව අධිකව තෙල් අපගේ සිරුරට ඇතුළුවීම නිසා කොලෙස්ටරෝල් සංඝටකය ඉහළ යෑම බව වෛද්‍ය මතය වී තිබේ.
පොල්තෙල්වල කොලෙස්ටරෝල් නොමැති බව තහවුරු වූවත් අපගේ ශරීරවලට අහිතකර එල්. ඩී. එල්. කොලෙස්ටරෝල් නිපදවීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පොල්තෙල් මඟින් ශරීරයට ලබා දේ. ගැඹුරු තෙලේ බදින ආහාර ගැනීමෙන් අධික ලෙස තෙල් ශරීරයට ඇතුළුවීම වැළැක්වීම සඳහා යම් විසඳුමක් සොයා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයන අංශයේ ආචාර්ය උපාධි අපේක්ෂක රුමේෂ් ලියනගේ ඇතුළු පර්යේෂණ කණ්ඩායමකට හැකි වී තිබේ. ඒ ගැඹුරු තෙලේ බදින ආහාර ද්‍රව්‍යවලට තෙල් උරා ගැනීමේ ප්‍රතිශතය සියයට 30 කින් පමණ අඩු කිරීමේ ක්රමවේදයකි.
අපි ඒ ගැන සවිස්තර කරුණු දැනගැනීමට පසුගිය දා රුමේෂ් මුණ ගැසුණෙමු.
Wmqgd .ekSu is