Life
ආහාර ලේබල් කියවන්න.... පෝෂණීය බව දැනගන්න
නිරෝගි බව හා පෝෂණය පිළිබඳව සැළකීමේදී ආහාරය කුමක්ද යන්න පවසනවාට වඩා එහි අඩංගු මොනාවාදැයි විමසීම වඩා වැදගත් වේ.
නිවැරදි
පෝෂණයත් හා නිරෝගි බවක් සඳහා ඔබ කළ යුත්තේ විවිධත්වයෙන් යුතුව, සමබරව
ආහාර තෝරා ගැනීමයි. එහිදී හැකි සෑමවිටම තෙල් (සංතෘප්ත මේදය, කොලොස්ටරෝල්,
ට්‍රාන්ස් මේදය), සීනි හා ලුණු අධික ආහාර වෙනුවට එම සංඝටක අඩු ආහාර පාන
වලට මුල් තැන දිය යුතුය.
කැලරි 400 ට වඩා වැඩියෙන් ඇති ආහාර තෝරා ගැනීමේදී එහි ඇති අනෙකුත් සංඝටක ප්‍රමාණයන් සසදා බලා ආහාරයට ගැනීමට සුදුසුදැයි තීරණය කරන්න.
සුක්රෝස්,
ග්ලුකෝස්, µaරුක්ටෝස් කෝන් සිරප්, මේපල් සිරප් යන දැ අමුද්‍රව්‍ය
ලැයිස්තුවේ මුලින්ම සඳහන්ව ඇත්නම් එම ආහාර තෝරා ගැනීමේදී ප්‍රවේශම් වන්න.
මෙම සංඝටක නිසා ආහාරයේ අඩංගු අමතර සීනි ප්‍රමාණය අධිකවේ.
ජනප්‍රිය ආහාර, පාන බොහොමයක සැඟවුණු තෙල්, සීනි හා ලුණු අධික ප්‍රමාණ වලින් අඩංගු වේ.
නිරෝගී වැඩිහිටියෙකු සඳහා දිනකට නිර්දේශිත මේද ප්‍රමාණයන් -
තෙල් - ග්‍රෑම් 65 ට අඩු
සංතෘප්ත මේදය - ග්‍රෑම් 20 ට අඩු
කොලෙස්ටරෝල් - මිලි ග්‍රෑම් 300 ට අඩු
සෝඩියම් - මිලි ග්‍රෑම් 2400 ට අඩු
පෝෂණ තොරතුරු වලට අමතරව ආහාර ලේබල වල අඩංගු වන වැදගත් තොරතුරු මොනවාද?
* කල් ඉකුත් වන දිනය
* ප්‍රමිති සහතිකය
* මිල
* බර
දැනට වෙළඳ දැන්වීම් වල පෙන්වනු ලබන නිසා හෝ ජනප්‍රිය පුද්ගලයන් කියන නිසා ඔබ ආහාර තෝරා ගත යුතු නැත.
දැන් ඔබටම පිළිවන් ඔබේ ආහාරයේ අඩංගු මොනවාදැයි ලේබලය කියවා බලා එය ඔබට සුදුසුද, නැද්ද යන්න තීරණය කරන්න.
ඔබටම පුළුවන්.... ආහාර ගැන නිවැරදි තීරණ ගන්න.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks