Life
ආහාර ගත් විගස දෙතුන් වරක් මළපහ කිරීමට සිදු වන්නේ ඇයි?
ප්රශ්නය -
වෛද්‍යතුමනි, මම වයස අවුරුදු 40 ක දෙදරු මවක්මි.
දියවැඩියා රෝගයෙන් වසර හතරක පමණ කාලයක සිට පෙළෙමි. දියවැඩියා රෝගය ඇතිවීමත්
සමඟ මාගේ යෝනි මාර්ගය ප්‍රදේශයේ කැසීමක් හටගෙන ඇත. සමේ පැහැයද දුර්වර්ණ
වී තැන තැන පලු දැමීම් සහිත කැසීම් තත්ත්වයක්ද හට ගෙන ඇත. වෛද්‍යතුමනි,
මාහට අවශ්‍යව ඇත්තේ දියවැඩියා රෝගය පාලනය කර ගන්නා අතර දැනට මතුව ඇති
අනෙකුත් රෝග සුව කරගැනීමටය. මේ සඳහා ආයුර්වේදයේ ඇති ප්‍රතිකාර මොනවාද?
පූර්ණිමා - බණ්ඩාරගම
පිළිතුර -
කාලයක් තිස්සේ දියවැඩියාව පැවතීම සහ ඊට ඇතැම් ප්‍රතිකාර ගන්නා විට එහි ඇති අතුරු ආබාධ ලෙස විවිධ විෂමතාවන් මතු වේ.
ලේවලට නිරන්තරයෙන්ම විෂ කොටස් එක්වීම නිසා මතුවන ගැටලුකාරී තත්ත්වයන් ඉන් ප්‍රධාන තැනක් ගනී.
ඔබට මතුවී ඇත්තේ එබඳු තත්ත්වයකි.
මෙය නවීන විද්‍යානුකූලව ලේවලට ඇසිඩොකීටෝන් වැනි විෂ ද්‍රව්‍ය එකතුවීමක් ලෙස දක්වයි.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ලේ වලට මිශ්‍ර වී ඇති විෂ තත්ත්වයන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ඇත.
එය ප්‍රධාන රෝගයන් සමනයට ප්‍රතිකාර කරන ගමන්ම රක්ත ශෝධන ඖෂධ හරහා ශරීරයේ ඇති විෂ කොටස් බැහැර කරවීමයි.
මෙවැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වුවහොත් ඔබට පවතින පීඩාකාරී තත්ත්වයන් ඉක්මනින් ම සුව කරගත හැකිය.
ප්රශ්නය -
වෛද්‍යතුමනි,
මම දිවා සහ රාත්‍රි වැඩමුර අනුව රැකියාවක නියුතු අයෙක්මි. රාත්‍රි සේවය
කළ පසු මාගේ බඩ පපුව ප්‍රදේශයෙන් දැවිල්ලක් හටගනී. උදෑසන අවදි වූ විට
තුන්වරක් පමණ වැසිකිළි යැමට සිදුවේ. මට රැකියාවෙන් මිදීමටද හැකියාවක්
නැත. දැනට මම තාවකාලිකව ගැස්ට්‍රයිටීස් රෝගය සඳහා ඇති බටහිර ඖෂධ වර්ග
භාවිත කරමි. මාගේ පවතින රෝගී තත්ත්වය සුවකර ගැනීම සඳහා ආයුර්වේදයේ
ප්‍රතිකාර තිබේද?
පීs. නෙල්සන් ජා- ඇල
පිළිතුර -
රාත්‍රි
නිදි වැරීම සහ ජීව රටාවේ අක්රමික පැවැත්ම සහ අහිතකර ආහාර නිරන්තරයෙන්
ගැනීම නිසා ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ විෂමතාවන් ඇතිවිය හැකිය.
එහි
ප්‍රතිඵලයක් ලෙස ගන්නා ආහාර හරිහැටි ජීර්ණය නොවීම, ඒ හේතුවෙන්ම මළ පිටවීමේ
අක්රමිකතාව (මළ බද්ධය හෝ නිතර නිතර මළ පිටවීම) ඇතිවිය හැකිය.
මීට
අමතරව ආහාර ගත් විගස වාර කිහිපයක් මළ පහ කරන්නට සිදුවීම ද ආහාර ජීර්ණයේ
දුර්වලතාවය කල් තිබීම නිසාම ඇතිවූ ග්‍රහණි තත්ත්වයක් විය හැකිය.
ඔබට
පවතින්නේ ඉහතින් දැක්වූ රෝගාබාධවලට සම්බන්ධ ලක්ෂණයක් විය හැකිය. එය
නිවැරැදිව හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයකට
යොමු විය යුතුය.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් රෝග නිධාන සොයා
එම තත්ත්වයන් නිට්ටාවටම සුව කිරීමේ වැඩපිළිවෙළක් පවත්වා ගෙන යන නිසා
මෙවැනි රෝග සුව කිරීම වර්තමානයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් ඉතා සාර්ථකව
සිදු කරනු ලබයි.
සේවා මුර ක්‍රමයක් යටතේ රැකියා කරන අයට එම
තත්ත්වයන්ට ගැලපෙන අයුරින් ප්‍රතිකාර ලබාගැනීමට නම් මේ පිළිබඳව වෛද්‍යවරයා
සමඟ සාකච්ඡාකොට ඊට ගැලපෙන ප්‍රතිකාර රටාවක් සකස් කර ගතහැකිය.
මෙම රෝග පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක 0713009088 හෝ ක්ෂණික ඇමතුම වන 0713007000 යන අංක භාවිත කළ හැකිය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks