Beauty
ආරාබි කතුන්ගේ බැඛෙලෙන සුදක් සහිත යොවුන් සමේ රහස....
පැහැපත් සමක් ගෙනෙන සාදික්කා කුඩු, කූරැඳු කුඩු, මී පැණි ෆෙස් පැක්
සාදා ගැනිමට අවශ්‍ය දෑ...
සාදික්කා කුඩු තේ හැදි 3ක්
කුරූඳු කූඩු තේ හැදි 3ක්
මී පැණි තේ හැදි 3ක්
දෙහි බිංදු දෙක තුනක්
සාදා ගන්නා ආකාරය
මුලින්ම පිරිසිදු කුඩා වීදුරු බෝල් එකක් ගෙන එයට කුඩූ වර්ග දෙක දමන්න. පසූව එයට මී පැණි එක් කර හොදින් මිශ්‍ර කරන්න. දැන් මුහුණට දෙහි බිංදු කිපයක් තවරා හොදින් මසාජ් කරන්න. පසුව උණුසුම් තුවායක් ගෙන මුහුණ එයින් මසාජ් කරන්න. මේ පියවර අනිවාරයෙන් කල යුතු අතර විනාඩි දහයක් වැනි කාලයක් මෙසේ මසාජ් කල යුතු වේ. ඉන් පසු තෙත මාත්තු කර ගත් මුහුණට සාදාගත් ෆෙස් පැක් එක ගල්වා පැක් එක වේලෙන්නට ඉඩ හරින්න. මෙසේ පැක් එක ගැල්වීමෙන් පසූ ආහාර ගැනිම කතා කිරිම වැනි දෑ නොකල යූතුය. විනාඩි තිහකට පමණ පසු සෙමෙන් කවා කාරව පැක් එකෙන්ම මුහුණ ස්ක්‍රබ් කරන්න. ඇගිලි තූඩූ රවුමට යවමින් මෙය කරන්න. එය විනාඩි පහළොවක් පමණ කරන්න. එසේ පැක් එක මුහුණේන් ඉවත් වන තුරැම කවාකාරව මසාජ් කර සිතල ජලයෙන් මුහුණ සෝදන්න. මේ සදහා ෆෙස් වොෂ් එකක් භාවිතා කරන්න. මේ සත්කාරය දවස් හතරකට සැරයක් කිරිමෙන් මාසක් යෑමටත් පෙර පැහැදිලි වෙනසක් දැකිය හැකි වේ
(under the courtesy of goodhousekeeping.lk web)