ප්රශ්නය - අපේ පාඨකයන් වෙනුවෙන් ඔබ අද ඉදිරිපත් කරන කසාය කුමක්ද?
වෛද්‍ය වසන්ත උදයජීව - මේ කසාය ඕනෑම බෙහෙත් කඩයකින් ඉතා පහසුවෙන් ලබා ගත හැකි කසායක්. ඉන්දියානු ආයුර්වේදයේ එන හොඳම කසායක් මෙය. සවිය මුල්, බැබිල මුල්, බෙහෙත් එඬරු මුල්, වියලි කහ, කටුකරඳ මුල්, සිරිතේක්කු, සාරණමුල්, අරත්ත අල, දේවදාර, සුදුලූණු, සුවඳ කොට්ටං නික පොතු කලං 1 බැගින් ගෙන වතුර කෝප්ප 8 කට දමා කෝප්ප 1 කට සිඳ පෙරා සීනි සහ මී පැණි දමා දිනකට කෝප්ප භාගය බැගින් දින 12 ක් පානය කළ යුතුයි.
ප්රශ්නය - මේ කසායේ විශේෂත්වයක් තිබෙනවාද?
වෛද්‍ය වසන්ත උදයජීව - මෙහි තිබෙන විශේෂත්වය තමයි ආත්රයිටිස් නිසා ආසාදනය වූ ප්‍රදහ තත්ත්වයට ඉතා ඉක්මනින් සහනය ලැබීම සිදු වනවා. උදාහරණයක් ලෙස ගත්තොත් බැබිල මුල් ඉතාම හොඳ වේදනා නාශකයක්. ඔබ දන්නවා කොන්දෙ අමාරුවට සහ ඇඟේ පතේ අමාරුවට බැබිල මුල් ඉතා ගුණදායක බව. සාරණ මුල් කියන්නේ ගෙවී ගිය කාටිලේජ වර්ධනය කරන ඖෂධයක්. සුදුලූනු වේදනා නාශකයක් වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම අතින් මූලික තැනක් ගන්නවා. නික පොතු විෂබීජ නාශකයක්. මේ සියල්ල එකතු වුණාම ආසාදනය වර්දනය කරන, ඉදිමුම නැති කරන ඖෂධයක් නිර්මාණය වෙනවා.
ආයුර්වේද බෙහෙත්වල තිබෙන ප්‍රධානම ලක්ෂණය තමයි ඇඟට අගුණයක් නැති වීම, දීර්ඝ කාලයක් පාවිච්චි කළත් කිසිදු අතුරු ආබාධයක් ආයුර්වේද ඖෂධ වැඩි හරියක නැහැ. හැබැයි අප මතක තබා ගත යුතු වැදගත්ම දෙය තමයි ඕනෑම ඖෂධයක් ගන්න විට වෛද්‍ය උපදෙස් ගත යුතු බව. අඩු ගණනේ අපට හෝ දුරකථනයෙන් කතා කර උපදෙස් ගන්න. ඒ සඳහා කිසිදු මුදලක් අප අය කරන්නේ නැහැ. සෑම රෝගයකුටම ප්‍රතිකාර ලැබීමේ මූලික අයිතියක් තිබෙනවා.