Life
අස්ථි දිරායැමට බිය වන්න එපා මෙන්න නිවැරැදි පිළියම්
කැඩුම් බිඳුම් වෙදකමේදී අස්ථි රෝගය කුමක් වුවත්, එනම් කැඩීම්, බිඳීම්, පිපිරීම්, තැලීම් සහ අස්ථි දිරායැම් (ඔස්ටියෝෙµdරෝසීස්) යන රෝගාබාධ දේශීය ප්‍රතිකාර තුළින් සුවකිරීම දක්ෂ වෛද්‍යවරයකුට එතරම් අපහසුවක් නැත. මෙහිදී රෝගියාගේ වයස, රෝගයේ ස්වභාවය හා ඖෂධ සංයෝගය වෙදදුරු විසින් වටහාගෙන කරන ප්‍රතිකාරය අති සාර්ථකත්වයක් ගන්නා බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක් නොවේ.
අස්ථි රෝග පිළිබඳව විමසුම් ඇස යොමු කරද්දී අපට වැඩිපුරම දක්නට ලැබෙන්නේ කොන්දේ ආබාධවලට, හන්දිපත් රෝගාබාධ, සහ අස්ථි දිරායැම් (ඔස්ටියෝෙµdරෝසීස්) ලක් වු රෝගීන්ය මොවුන්ගෙන් වැඩි පිරිසක් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා අන්තිමේදී සුවයක් නොලැබුණු තැන ශල්‍ය කර්මයන්ට පවා නියම වූවෝ වෙති. එහෙත් මෙහිදී ඇතැම් අයෙක් ප්‍රකාශ කළේ එම ශල්‍යකර්ම වැරැදී ගියහොත් සදාකාලික අබ්බගාතයකු වීමටද ඉඩ ඇති බවකි.
එසේ නම් මෙවැනි සැකමුසු ප්‍රතිකාරයකට යොමුවී තම සදාකාලික දුක් ගොඩකට ඇද වැටී අපාදුක් විඳීමේ අවදානමකට වඩා දේශීය ප්‍රතිකාරයකින් ලබන සුවය තෙතරම් වටින්නේද?
අද අප ඔබට හඳුන්වා දෙනනේ කොන්දේ ආබාධවලට ලක්වූ රෝගීන් , හන්දිපත් රෝගාබාධයන්ට සහ අස්ථි දිරායැම් ලක් වුවන් සුවපත් කිරිමට මහත් ප්‍රසිද්ධියක් උසුලන වැලිගම බොරාල පාරේ මදනායක වෙදදුරුවරයායි.
ප්රශ්නය - ඔස්ටියෝෙµdරෝසීස් හෙවත් අස්ථි දිරායාම රෝග තත්ත්වය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළහොත්?
පිළිතුර - කාටිලේජ විනාශ වීමෙන්, කැල්සියම් අඩුවීම නිසා, මෙම රෝග තත්aත්වය ඇති වෙනවා. සමහර ඖෂධ මගින් අස්ථි දිරායා හැකියි.
ප්රශ්නය - කුමන වයස්වල අයටද මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ?
පිළිතුර -ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව අවුරුදු 50 ට වැඩි සියලුම දෙනා මෙම රෝගයට ගොදුරු විය හැකියි. ඒ වගේම අඩු වයස අයටත් මෙම රෝග වැළඳීමේ ප්රවනතාවක් තිබෙනවා.
මෙම රෝගයෙන් ශරීරයේ කුමන අස්ථිවලට බලපෑමක් ඇති වන්නේ?
බෙහෝවිට කොඳුඇට පෙළේ සහ අතපයවල සන්ධිවල, සහ ශරීරයේ සියලුම අස්ථිවල රෝගය හට ගැනීම හැකියාව තිබෙනවා.
ප්රශ්නය- රෝග ලක්ෂණ ගැන සඳහන් කළහොත් ?
පිළිතුර -තද වේදනාවක් ඇති විම, අස්ථි ඉදිමුම, අස්ථි අතර ශබ්දය, දනහිස් අස්ථියේ බකල් වීමක්, කොන්දේ අස්ථිය විශාල වීමත්. තද වේදනාව, කුදු වීමක් සිදුවෙනවා. නැඟිටීමේදී උස්පහත් වීමේදී අස්ථිවල තද බල වේදනාවක් ඇති වෙනවා.
ප්රශ්නය - දේශීය වෛද්‍ය ක්‍රමයට රෝගය හඳුනාගත හැකිද? ප්‍රතිකාර තිබේද?
පිළිතුර -එම රෝගය ඇති ස්ථානය ස්පර්ශ කිරීමෙන් රෝගය හඳුනාගත හැකියි. ඒ වාගේම අපි මුලින්ම හඳුනාගන්නෙ රෝගියා හොඳට පරීක්ෂා කරලා. සමහර අයගෙ කියන තරම් රෝග දරුණු නැහැ. අපේ අත්දැකීම් තුළින් රෝගියා කියන දේත් කියන්න හදන දේත් හොඳටම තේරුම් අරගෙන තමයි ප්‍රතිකාර කරන්නෙ. කොහොම වෙතත් රෝගියා සමග දිගින් දිගටම පිළිසඳරක යෙදෙද්දී නිකම්ම රෝග තත්ත්වය සහ රෝග නිධානය තේරුම් අරගෙන කරන ප්‍රතිකාරය වරදින්නෙ නැහැ. දේශීය වෙදකමේ ප්‍රතිකාර තුළින් අස්ථි දිරායැම වළක්වා ගත හැකියි. කාටිලේජ වර්ධනය කර ගැනීමේ ප්‍රතිකාර ක්‍රම දේශීය වෛද්‍ය ක්‍රමය තුළ තිබෙනවා.
තවත් විශේෂ දෙයක් කිව යුතුමයි. ඇතැම් රෝගින්ට තියන ආබාධ එමටයි. ඒ ආබාධ එක දවසකින් සුවකර ගෙන යන්න එන අයත් ඉන්නවා. එහෙම රෝග එක දවසකින් සුව කරන්න තරම් පුළුවන්කමක් නැහැ. ඇතැම් විටෙක සතියක් දෙකක් එක තැනක ඉඳල ප්‍රතිකාර ගත්තොත් අපි පැහැදිලිවම ඒ රෝගියා සුවපත් කරලා යවනවාමයි.
බටහිර වෛද්‍ය විද්‍යාවේදී කියන ඇට දිරායැම, එහෙමත් නැත්නම් බද්ධ කිරීම අප ගණන් ගන්නෙ නැහැ. එහෙම කියන ආබාධවලට ඉතා සාර්ථක වෙදකමක් අපි ළඟ තියෙනවා. මේ ප්‍රතිකාර ක්‍රමය යමෙකුට පැහැදිලි කරන්න අමාරුයි. ඒ තරමට ගැඹුරුයි. ඒත් අපට ඉගෙනීමෙන් හා පළපුරුද්දෙන් හොඳ අවබෝධයක් තියෙනවා.
අපි රෝගය හඳුනාගෙන කොඳුඇට පෙළේ වෙනස්වීම්, එසේත් නැතිනම් ගැස්සීම්. ස්නායු ක්‍රියා නොකිරීම්, නහරවල ලේ කැටිති ඇතිවීම් වගේ කරුණු නිරීක්ෂණය කරල ඒවා නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කරවල ශරීර අභ්‍යන්තරයට වගේම පිටතටත් ප්‍රතිකාර ක්‍රම යොදවනවා. එසේ නොමැතිව මොන ආකාරයෙන් ප්‍රතිකාර කළත් රෝගය සුව වනවා කියන්න අපහසුයි.
අස්ථිවල, සන්ධිවල වගේම උකුල් අස්ථිවල කාටිලේජ වර්ධනය නොවීමෙන් ශබ්ද ඇතිවීම්, වේදනාව, ඇවිදීමේ අපහසුව නිතරම දකින්න පුළුවනි. මේ වගේ අවස්ථාවලදී අපි කාටිලේජ වර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර කරලා මෙම රෝග සුව කරවලා දෙනවා. අපි පැහැදිලිව යමක් කියනවා නම් කැඩුණ අස්ථියට වුණත් එය සවිවීමට කාටිලේජවල වර්ධනයක් අවශ්‍යයි. මේ වගේ අවස්ථාවක රෝගියාගේ වයස සැලකිල්ලට ගත යුතුයි. අපි ළඟට එන රෝගීන්ගෙන් වැඩිපුරම එන්නේ කොන්දේ ආබාධවලට ප්‍රතිකාර ගන්නයි. ඇතැම් වේලාවට බටහිර වෛද්‍ය ක්‍රමයයෙන්a ශල්‍යකර්මවලට ලක්ෂ ගණනක් වැය වෙනවා. එවැනි රෝගීන්ව දේශීය වෛද්‍ය ක්‍රමයට ප්‍රතිකාර කර සුවකරලා දෙනවා.
ප්රශ්නය - ඉහත සඳහන් කළ කොඳු ඇට පෙළ සම්බන්ධව පවත්නා රෝග මොනවාද? එම රෝග ඇතිවන්නේ කවර ආකාරයෙන් ද? ඒවා සුව කළ හැකි ද?
පිළිතුර -අද අප වෙත කොඳු ඇට ආශ්‍රිතව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් වයස් සීමාවකින් තොරව එනවා. ඒ අතර විදේශිකයන්, ළමයි, සෙල්ලම් කිරීමේ වයසේ පටන් වයස් සීමාවකින් තොරව යම් යම් හේතුන් මත මෙම රෝග අවස්ථාවන් ඇති වෙනවා. ළමයකු දිවීමෙන් උසකින් පැනීමෙන් වැටීමකින් කොඳු ඇට පෙළ ආශ්‍රිතව රෝග සෑදේනවා. වැඩිහිටි අයකු නම් බර ඉසිලීමෙන් පහත් වී එක දිගට වැඩයෙහි යෙදීමෙන් zකය වෙහෙසා වැඩ කිරීමෙන්Z පහරක් වැදීමෙන්, උඩකින් වැටීමෙන් සුෂුම්නාවට හානිවීම් ඇතිවේ. සමහර විට මේ ආශ්රිත රෝග සුළු වශයෙන් පැමිණ කල්ගත වන විට රෝගය උත්සන්න වී වාඩි වී සිටීමට නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. තවත් සමහර අයට ත්රිකාෂ්ථිය පෙදෙස හෙවත් තුනටිය ප්‍රදේශය ඇද වෙනවා. පැත්තට යැමේ තත්ත්වයක් ඇති වෙනවා.
මුල් අවස්ථාවේ නිවැරදි ප්‍රතිකාරයන් නොලද හොත් තුනටිය පැත්තට යැමේ තත්ත්වයන් ඇති විය හැකියි. ඞ කිරණ පරීක්ෂාවේදී තවත් අයගේ අස්ථි දෙකක පරතරය වැඩි බවක් පෙනුම් කරනවා. තවත් සමහර අයගේ අස්ථි දිරා යැම දක්වා වර්ධනය විය හැකියි . මෙවැනි අවස්ථාවන් ඇති වූ විට බටහිර වෛද්‍ය ක්‍රමයට ශල්‍යකර්ම කිරීම සිදු කළත් ඔවුන්ට බර ඉසිලීම පහත්වීම් කිරීමට හැකි වන්නේ නැහැ. අප වෙත පැමිණෙන සමහර රෝගීන් ශල්‍යකර්මයන්ට භාජනය වූ අය. ඔහුන්ට කල්යත්ම කකුල් දෙක දක්වා වේදනාව ඇති වෙනවා . මේ කුමන අවස්ථාවක රෝග තත්ත්වයක් තිබුණත් ආයුර්වේද ක්‍රමයට හා දේශීය වෛද්‍ය ක්‍රමයට ඉතා සුළු කලකින් සුව කිරීමට පුළුවන්. ඒ වාගේම මදනායක වෙදැදුරු කොඳුඇට පෙළ ඇදවීම, පැති කුදය සහ කුදුවීම සඳහා ප්‍රතිකාර කිරීමටද මහත් ප්‍රසිද්ධියක් උසුලයි.
වසර ගණනාවක් නොකඩවා රෝගීන්ගේ ආබාධවලට ප්‍රතිකාර කිරීමෙන් ලැබූ අත්දැකීම් එකින් එක විස්තර කරමින් මදනායක වෙදැදුරු අවසන් වශයෙන් ප්‍රකාශ කළේ මොනම අස්ථි ආබාධයන්ට ලක්වූ රෝගියකු වුවත් තමා ළඟට පැමිණියහොත් ඒ අය වගකීමෙන් භාරගෙන නිරෝගී සුවයක් ලබාදෙන බවයි.
සාකච්ඡා කළේ - රාජිත දසනායක
නොමිලේ උපදෙස් ස`දහා
දු.ක. 041-2251321/ 0775565458
වෛද්‍ය - එම්. ඩී. මදනායක
divaina.com