Health
අවුරුදු 50ක් වයසැති පිරිමින් 1/10කගේ හෘදය වස්තුවෙහි වයස වසර 10ක් පැරැණියි
වයස අවුරුදු පනස් ගණන්වල පසුවන පිරිමින්ගෙන් දහයෙන් එකකගේ හෘදය වස්තුවෙහි වයස ඔවුන්ගේ හෘදය වස්තුවෙහි නියම වයසට වඩා වසර 10 ක් පරණ බවත් ඒ නිසාම ඔවුනට දරුණු ඝනයේ හෘදයාබාධයන් හා ආඝාතය (ස්ට්‍රොaක්) වැළඳීමේ දැඩි අවදානමක් පවතින බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය" ආයතනය විසින් සිදුකරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.
මෙම අධ්‍යයනයේදී පිරිමින් මිලියන 1.2 ක් දෙනා අධ්‍යයනයට ලක්කර ඇති අතර එම පිරිමින්ගෙන් 33,000 ක්ගේම වයස අවුරුදු 50 ක් වන බව පර්යේෂකයෝ පවසති.
මෙසේ සිය හෘදය වස්තුවෙහි නියමිත වයස වසර 10 ක් පරණ වීම මත 7400 ක් පමණ දෙනා මෙම මාසය තුළදී හෘද රෝගවලින් හෝ ආඝාතයෙන් මිය යා හැකි බවට එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය ප්‍රකාශ කරයි.
ලොව පුරා පිරිමින් අතර මරණ සිදුවීමට හේතු කාරක වන ප්‍රධානතම රෝගය හෘද රෝග වන අතර එය කාන්තාවන් අතර මරණ සිදුවීමට හේතු වන දෙවැනි ප්‍රධානතම රෝගය ලෙස සැලකේ. මෙම හෘද රෝගවලින් මියයන බොහෝ දෙනාගේ ජීවිත බේරාගත හැකි බව අනාවරණය වී ඇති අතර එසේ මියයන පිරිසෙන් 1/4 ක් වයස අවුරුදු 75 ට අඩු වයස්වල පසුවන බව අනාවරණය වී තිබේ.
තම හෘදය වස්තුව නිරෝගීව පවත්වාගෙන යැම සඳහා දුම්පානය අත්හැරරීම ක්‍රියාශීලී වීම, තම ශරීර බර කළමනාකරණය කිරීම, තන්තු අධික ආහාර අනුභව කිරීම, සංතෘප්ත මේදය ආහාරයට ගැනීම සීමා කිරීම, දිනකට පළතුරු හා එළවලු වේල් පහ බැගින් ආහාරයට ගැනීම, ලුණු භාවිතය අවම කිරීම, මාළු අනුභව කිරීම, මත්පැන් අත්හැරීම යන ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ යුතු බව වෛද්‍ය මතයයි.