Life
අවුරුදු 30න් පස්සෙත් සිරුර නිරෝගීව තබා ගන්නා හැටි
අවුරුදු 30 පසුව සිරුරේ බර අඩු කර ගන්නවා කියන එක කාන්තාවකට ලොකු අභියෝගයක්. මොකද මේ අවධිය වෙන කොට ඔබේ සිරුර හොඳින් පවත්වා ගැනීම සඳහා ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරගන්නේ කොහොමද කියලා ඔබට ඉගෙන ගන්න වෙනවා. සෞඛ්‍යමත් පරිවෘත්තීය ක්‍රියාවලියක් සිදු වීම අරම්භ වන්නේ නව යොවුන් වියේදී හා වයස අවුරුදු 20 පමණ වන විටයි.
වයස අවුරුදු 30 පමණ වන විට කාන්තාවන්ගේ සිරුරේ විශාල වෙනස්වීමක් සිදු වේ. මෙය සංක්‍රාන්තිමය අවධියක් ලෙසත් හැඳින්විය හැකියි. එහෙත් මෙම වෙනස්වීම පරිවෘත්තීය ක්‍රියාවලියට අභියෝගයක් විය හැකියි. ඇතැම්විට ඔබ විවාහ වී දරුවන් ලැබී, ඉතා කාර්යබහුල රැකියාවක නිරත වනවා විය හැකියි. මේ නිසා සිරුරේ බර අඩු කර ගැනීම අපහසු කාර්යයක් විය හැකියි. එහෙත් එයින් කියවෙන්නේ නැහැ වයස අවුරුදු 30න් පස්සේ බර අඩු කරගැනීම කරන්න බැරි දෙයක් කියලා. මේ නිසා ඔබට කරන්න තියෙන්නේ හොඳින් සුදානම් වී සංවිධානය වීමත් බුද්ධියෙන් වැඩ කිරීමත් පමණයි.
අවුරුදු 30න් පසුව පරිවෘත්තීය ක්‍රියා වර්ධනය කර ගන්නේ කෙසේද?
මේ වයසේදී සෞඛ්‍යමත් පරිවෘත්තීය ක්‍රියාවලියක් ඇති කර ගැනීම සඳහා අනුගමනය කල යුතු පුරුදු අන් කවරදාකටත් වඩා වැදගත් වෙනවා. අවුරුදු 30දී ඔබ ඇති කර ගන්න පුරුදුම තමයි ඔබ අවුරුදු 40 හා 50 මෙන් ම ඉන් එහාටත් අරගෙන යන්නේ. ඒ නිසා මෙම පුරුදු ඉතාමත් වැදගත් වෙනවා.ඔබට ආඩම්බර විය හැකි සිරුරක් හිමි කරගෙන ජීවිතය විඳීමට හැකි නම් කෙතරම් අපුරුද?
සිහින්, සුන්දර පෙනුමක් ලබා ගැනීම සඳහා ඔබේ පරිවෘත්තීය ක්‍රියා වැඩි කරගන්නේ කොහොමද? මේ සඳහා ඔබට ශරීරයෙන් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වන ලෙස දවස පුරාම ඔබේ සිරුර ක්රියාශීලීවව තබා ගත හැකියි. එමෙන්ම ඔබේ සිරුර වියලීමටත් අකාර්යක්ෂම කිරීමටත් හේතු වන නරක පුරුදු නවතා දමන්න. ඊළඟට සිරුරට ශක්තිය සහ ප්‍රාණවත් බව ලබා දෙන පෝෂ්‍යදායි ආහාර ගන්න.
බලන්න මේ පුරුදු වලින් කොපමණ ප්‍රමාණයක් නිවසේ සහ කාර්යාලයේ ඔබේ දින චර්යාවට ඇතුලත් කරගන්න පුලුවන්ද කියලා.
01) වෙනදාට වඩා වැඩිපුර වතුර බොන්න
ඔබේ සිරුර වියලෙන විට එහෙම නැත්නම් විජලනය වන විට ඔබගේ ශක්තිය සීග්‍රයෙන් පහත වැටේ. එමෙන්ම ආහාර ගැනීමෙන් පසු ඔබට දැඩි පිපාසයක් දැනීමට ද පුළුවන්. ඉතින් දැන් වතුර බොන්න පටන් ගන්න. අඩුම තරමේ දවසට ජලය අවුන්ස 24 බෝතල් තුනක්වත් පානය කල යුතුයි. මේ සඳහා පළමුවෙන්ම දිනය ආරම්භයේ වතුර බෝතල් තුනක් පුරවා ශීතකරණයේ දමා තබන්න. ඊළඟට දවස ඇතුලත කොහොම හරි ඒ බෝතල් තුන බොන්න අරමුණු කර ගන්න. මේ විදියට ඔබට දිනට අවශ්‍ය වතුර ප්‍රමාණය සපයා ගත හැකි වේවි.
02) නිවැරදි ඉරියව් පුරුදු වන්න
ඇතැම්විට ඔබ විශ්වාස නොකරනවා ඇති ඔබේ සිට ගැනීමේ සහ ඉඳගැනීමේ ඉරියව් වලිනුත් ඔබේ ශක්ති මට්ටමට සහ ඔබේ ආත්ම විශ්වාසයට බලපෑමක් ඇති වෙනවා කියලා. එහෙත් මෙවායින්ද ඔබේ ශක්තියට බලපෑමක් ඇතිවේ. දිනපතා උදෑසන සහ දිනයේ අතරමැදදී ඉතා සරල ව්‍යායාම කිහිපයක් කිරීම වැදගත් වේ. මිනිත්තු 5 ක පමන කුඩා ව්‍යායාමයකින් වුවද ඔබව ප්‍රානවත් වේ.
03) කැෆෙන් වලින් පරිස්සම් වෙන්න
කැෆෙන් ස්වල්පයකින් ඉතා ඉක්මනින් සුළු ශක්තියක් ලබාදෙයි. එහෙත් ඔබ එය වැඩිපුර පානය කිරීමෙන් ඔබ විජලනයට පත් වීමත් මහන්සියට පත් වීමත් සිදු විය හැකියි. එමෙන්ම ඔබ රාත්‍රියට කැෆෙන් භාවිත කලොහොත් එය ඔබගේ නින්දටද බාධාවක් විය හැක. එම නිසා ඔබගේ කැෆේන් භාවිතය දිනකට දෙවරකට පමණ සීමා කරන්න. එමෙන්ම නින්දට යාමට පෙර චොකලට්, කෝපි, සහ අනෙකුත් කැෆේන් අඩංගු ආහාර ගැනීමෙන් වලකින්න.
04) උදෑසනට ඕනවට වඩා ආහාර හැනීමෙන් වළකින්න.
අප සැම අසා ඇත්තේ උදෑසනට රජෙක් වගේ ආහාර ගන්න කියලයි. එහෙත් නවතම සොයාගැනීම් අනුව දවස පුරාම සිදු කරන දේවල්වලට උදෑසන ආහාර වේලේ දැඩි බලපෑමක් නැති බව පැවසේ. එනිසා දවස පුරාම ඔබව කම්මැලි කරන ලෙස උදෑසනට විශාල ආහාර වේලක් ගැනීමෙන් වළකින්න. උදෑසනට ප්‍රෝටීන් හා ඛනිජලවන අඩංගු පෝෂ්‍යදායි ආහාර ගන්න.
05) දිනපතා ඔබ ඇවිදින ප්‍රමාණය ගණනය කරන්න.
දිනපතා ඔබ කොපමණ ප්‍රමාණයක් ඇවිදින්නේද යන්න ගණනය කරන්න. ඔබ ඇවිදින සෑම අවස්තාවකම ඔබේ කැලරි දහනය වේ. එනිසා ඔබ ඇවිදින ප්‍රමාණය සොයා ගෙන එම ප්‍රමාණය තවත් වැඩි කරගන්න උත්සහ කරන්න. දිනකට පියවර 7000 න් ආරම්භ කර එය 10000 හෝ ඊටත් වැඩි කිරීමට උත්සහ දරන්න. නව තාක්ෂණය අනුව මෙය ගණනය කල හැකි අතේ පළඳින ඔරලෝසු පවා අද මිලදී ගත හැක.
06) තොරතුරු රැස් කරන්න
සෞඛ්‍යමත් ජීවිතයකට අවශ්‍ය වැදගත් තොරතුරු රැසක් ඔබට අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. මෙහි ඇති පහසුකම්, විවිධ ඇප් වලින් ඔබේ ශරීරය වෙහෙස කරන ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. මෙමගින් ඔබ දවස පුරා ශරීරය ක්‍රියාකාරී කරන ප්‍රමාණය ගණනය කල හැකි අතර ඔබේ සිරුරේ සියුම් චලනයන් පවා ගණනය කල හැකි වීම මින් ලැබෙන තවත් විශේෂ වාසියකි. මෙයින් ඔබට ඔබේ සිරුර ක්‍රියාශීලී නොවන වේලාවන් පැහැදිලිව හඳුනා ගත හැකි අතර ඒ ඔස්සේ එම වෙලාවන්වල වැඩිපුර ක්‍රියාශීලී වීමට ඔබට හැකියාව ලැබේ. උදාහරණයක් වශයෙන් දහවල් කාලය කියන්නේ අපි හැමෝටම කම්මැලි හිතෙන වෙලාවක්. ඉතින් ඔබට පුළුවන් මේ වෙලාව ඔබේ මිතුරකු සමග ඇවිදීමට හෝ ජිම් එකට යාමට වෙන් කර ගන්න පුළුවන්. එයින් ඔබට දවස පුරාම ඔබේ සිරුර ක්‍රියාශීලීව තබා ගත හැකි වේවි.