Health
අර්ශස් රෝගීන්ට,මළ බද්ධයට වැනි බොහෝ රෝග සුව කරන ඛෙලි ගැන ඔබ නොදත් කරුණු
දෙවියන් උදෙසා පිදෙන පූජාවන්් සඳහා උපයෝගි කරගන්නා ඛෙලි ඖෂධීය ගුණයෙන් යුක්ත අගනා පලතුරකි.
උද්භිද විද්‍යාත්මක නාමය Aැටකැ ඵ්රපැකදිැ යනුවෙන්ද කුලය ලෙස ඍමඒජැ්ජ වර්ගයට අයත් සිංහලයෙන් ඛෙලි නාමයද සංස්කෘත බිල්ච, ඉංගීීීීීීීී්රසියෙන් ඨදකාැබ Aචචකැ යනුවෙන් හඳුන්වන ආමාශ ගත රෝගවලට දිව ඔසුවකි.
ඛෙලි වැවෙන රටවල් ලෙස ලංකාව, බුරුමය, ඉන්දියාව හැඳින්විය හැකිය. මෙම ගස ගෙවතු වල මෙන්ම වනගතව සරු ලෙස වැවෙන ඖෂධයකි.
ඛෙලි ගෙඩිය පමණක් නොව ගසෙහි සෑම කොටසක්ම ඖෂධීය වශයෙන් පැරැන්නෝ භාවිතයට ගත්හ.
ඛෙලි ගස තරමක් විශාලය. කඳ සුදු පැහැයෙන් යුක්ත ශක්තිමත් කඳකි. ඛෙලි මුල්, පොතු, කොළ, මල්, ගැට, ගෙඩි, මදය හා කටුවද ඉතා ගුණ දායක ඖෂධයකි.
ඛෙලි ගස ලංකාවේ කුමන ප්‍රදේශයක වුවද වැවේ. ඛෙලි මල් ඖෂධීය ගුණ ඇති පානයකි. ඛෙලි ගෙඩියෙහි මදය ආමාශගත රෝග රැසකට ගුණදායකය.
අර්ශස් රෝගීන්ට ඉතා ගුණදායක එසේම, මළ බද්ධය ඇති විට ගෙඩියෙහි මදය ආහාරයට ගත් විට මළ බුරුල් කරයි. එසේම අතීසාරය බඳු මළ බුරුල් කර යන විට ඛෙලි මදය අහරට ගත්විට වේලීම ඇතිකරයි.
ඛෙලි මල් සුවඳය, වේලාතම්බා පානය කිරීමට අමතරව ආයුර්වේදයේ කසායට ගත් ඉදුණුු ඛෙලි මද පොල්කිරි, සිනී, ලුණු, මිශ්‍රකර සදාගත් පානය ආහාර අනුභවයෙන් පසුව ගැනීමෙන් ආහාර ඉතා හොඳින් දිරවයි. විටමින් ඩී. පදාර්ථයෙන් යුක්තය වා, සෙම්, පිත් නසයි, විරේක ගුණදෙයි. අධිකව ගත්විට බඩ පිපුම ඇති කරයි. මෙහි මදය පෙපර්ටින් ශර්කරා මොල්ටයිල් මාවලෙසින් යන පදාර්ථයන් අන්තර්ගතය. මේ නිසා පැසුණු ඛෙලිගෙඩි තම්බා මී පැණි සමඟ ගැනීමෙන් අතීසාරය, සීදම් සහිත බඩයැම ලේ අර්ශස් ආදී රෝග සුවකරයි.
පුෂ්පය ද්විලිංගිකය. ලා කොළ පැහැයෙන් යුක්තය. ගෙඩිය වටකුරුය. දොඩමක් තරම් විශාලය. මදය කහ පැහැයෙන් යුක්තය. ඇලීම ඇතිකරන ද්‍රවයක් මෙහි තිබේ. එහි ඇට රාශියකි.
ආදි වැසියෝ තේ පානය සොයාගැනීමට පෙර ඛෙලි ගස සැම දෙයක්ම තම්බා පානය කළහ. එහිදී ඛෙලිගැට කටු, කොළ තම්බා පානය කළහ.
ඛෙලි කොළ කැඳ පානය කුසගිනි වඩනා අතර වාත අමාරු තුනටිය රිදුම සුවකරන පානයකි.
ගැබිනි මාතාවකට ඛෙලි ගසෙහි දඬු තම්බා පානය කිරීමට දීමෙන් ශරීර ගත වේදනාව දුරුකරන බැව් වෛද්‍යවරු පවසති. ඖෂධ සඳහා යොදා ගන්නා කොටස්, මුලේ පොතු, කොළ, පැසුණු ගෙඩි, නොඉදුනු ගෙඩි, මද ,මල් ආදිය වේ.
අතීසාරය, සෙංගමාලය, අග්නිමාන්දම, උණ, ඉදිමුව, හෘදරෝග වාතරෝග, මළ බද්ධය, අර්ෂස් යන රෝග සුවකිරීම සඳහා වූ කසායන් සඳහා ඛෙලි ගසේ සියලු කොටස් භාවිත කිරීමට පැරැන්ණෝ පියවර ගත්හ.
වියළි ඛෙලිගැට මද උක් හකුරු සමව ගෙන හොඳින් අඹරා වරකට ග්‍රෑම් එකක් පමණ පාවිච්චි කිරීමෙන් රෝගය සුව කර ගැනීමට හැකිය..
ඉඳුනු ඛෙලි වතුර දමා පොඩිකර මිරිකා සීනි ස්වල්පයක් දමා බීමක් ලෙස සකස්කර බීමෙන් මළබද්ධය සුවකර ගත හැකිය. තවද වියලා ගත් ඛෙලි ගැට මද කොටස් තුනකට උක් හකුරු කොටස් දෙකක් දමා එකට මිශ්‍රකොට වරකට කලං 1 1/2 බැගින් අනුභව කිරීමෙන් තුනටියේ වේදනා සහිත ලේ අතීසාරය කඩිනමින් සුවකර ගත හැකිය. එසේම මානසික ආතතිය හේතුවෙන් ශරීර ගත ඇතිවන අබල දුබලතා දුරුකරන හෙයින් මානසික ආතතිය අධික අයට ඛෙහෙවින් ගුණදායක වෙනත් ඖෂධයක් නොමැති තරම් අනර්ඝය.
නින්ද අඩුකම මෙන්ම කෙසේවත් නින්ද නොයන භයානක උමතු රෝගීන්ට සුවය ලැබීමට උපකාරීවන ප්රත්යක්ෂ ඖෂධයකි. එමෙන්ම තදබල රක්ත වාත, වාත රක්ත රෝගයෙන් පෙළෙන අයට උෂ්ණාධික ගතිය අධික නිසා දරු ඵල නොමැති අයට ලේ යන අර්ශස් රෝගීන්ට ඇඟ උණුකරවායැම අධිකව ආර්ථව රුධිරය වහනය වන කාන්තාවන්ට නාසයෙන් මුඛයෙන් ගුද මාර්ගයෙන් රුධිරය වෑහෙන රෝගීන්ට, අම්ල පිත්තය, ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන අයට විශිෂ්ට ගුණ දෙන අතර අමාශග්රහණිය සහ අන්ත්‍ර ආශ්රිත වණ තුවාල සහිත පිළිකාගෙඩි ඇති අයට සිසිල් කළ ඛෙලි ජලය පානය වහා සුව දෙන දිව ඔසුවකි .
ඛෙලි කොළ තම්බා ජලය පානය කිරීම දියවැඩියා රෝගයට ඉතා හොඳය. ඛෙලි කටු වේලා මල් නැති සමයේ තම්බා ඛෙලි මල් වෙනුවට අපේ පැරැන්ණන් පානය කළ බැව් ගම්බද ජනයා පවසන අතර වර්තමානයේ ඛෙලිකටු වියළා තම්බා ජලය පානය කරයි. ලඛෙලි පිළිලයලජ්දේව පූජාවකට ගනී. මේ නිසාම ඛෙලිගස් පහක් වැවීම දෙව් ලොව සැප විඳීමට හේතුවේ යෑයි භාරතීය වෛද්‍ය ශාස්ත්‍ර ග්රන්ථයන්හි සඳහන් වේ.
curtesy :
sinhalalipi