Life
අර්ශස් කෂාය නැතිව ඖෂධවලින් සුව කළ හැකියි
අර්ශස් රෝගය යනු බොහෝ දෙනෙකුට ජීවිතය එපා කරවන තරම් වේදනාකාරී රෝගයකි.
මෙම වේදනාව දරා ගැනීමට නොහැකි වූ විට අධික කෝපය ද ඇතිවන බව රෝගීහු පවසති.
වෛද්‍යතුමියනි, අර්ශස් රෝගය ඇති වීමට බලපාන හේතු ආයුර්වේදයට අනුව දක්වා ඇත්තේ කෙසේද?
ආයුර්වේදයට
අනුව අර්ශස් රෝගය හය ආකාරයකට අපට බලපානවා. වාත අර්ශස්, පිත අර්ශස්,
සෙම් අර්ශස්, තුන්දොසින් හටගත් අර්ශස්, පිත් අර්ශස් සහ පරම්පරාගතව ඇතිවන
අර්ශස් ලෙස හය ආකාරයකින් මතුවෙනවා.
වාත අර්ශස්
වාත
අර්ශස් රෝගය ඇතිවීමට බලපාන්නේ උෂ්ණ ආහාරපාන ගැනීම, මත්පැන් පානය, ආහාර ඉතා
ස්වල්පයක් ගැනීම, එක් වේලක් පමණක් ආහාර ගැනීම, වාතය සහ අව්වට නිතර
නිරාවරණය වී සිටීම වැනි හේතුන්ය. මෙය දරුණු වූ විට රක්තාර්ශස් හෙවත් මළ
සමඟ රුධිරය පිටවීම සිදුවේ.
පිත අර්ශස්
පිත අර්ශස් සඳහා
බලපාන කරුණු ලෙස ඇඹුල් ලුණු ආහාර ගැනීම, ගින්දරට සහ අව්වට සමීපව නිතර
කටයුතු කිරීම. මත්පැන් පානය සහ ක්‍රෝධය නිතර සිත තුළ පැවතීම ආදියයි.
සෙම් අර්ශස්
සෙම්
අර්ශස් ඇති වීමට පැණිරස, සිනිදු ලුණු, ඇඹුල් සහ බර ආහාර ආදිය ගැනීම,
දවල්ට නිදා ගැනීම, ශීතල ප්‍රදේශවල වාසය කිරීම ව්‍යායාම අඩු බව ආදී කරුණු
බලපායි.
තුන්දොසින් හටගත් අර්ශස්, පිත් අර්ශස් සහ පරම්පරාගතව ඇතිවන අර්ශස් සඳහා බලපාන්නේ වාත පිත සහ සෙම යන තුන්දොස් කිපීමය.
මෙහිදී දෝෂ දෙකක් කිපීම නිසා තුන්දොසින් හටගත් අර්ශස් සහ පිත් අර්ශස් හට ගැනීමට බලපායි.
තුන්දොසම කිපීම නිසා පරම්පරාගත අර්ශස් ඇති වේ.
වෛද්‍යතුමියනි, අර්ශස් රෝග මතු වූ විට දැකිය හැකි රෝග ලක්ෂණ මොනවාද?
අර්ශස්
රෝගයේදී ආහාර දිරවීමේ අපහසුතා ඇතිවන නිසා කුස තුළ නිතර වේදනාවක් හට ගැනීම
හෝ උදරය පිපුමට ලක්වීම, මළ අඩු බව, ශරීරය කෙට්ටු වීම වාතය බහුලව ඇතිවීම,
සහ ගුදයෙහි මස් දලු හට ගනී
මෙම මස්දලු වියළිය. මැලවුණු බැවින් කළු පැහැයක් ඇති වේ. තද බවකින් යුක්තය. සෙවල බව අඩුය.
මෙම මස්දලු මත ගෙඩි හට ගනී. එවිට හිස, උකුල, කලව, පපුව හා පෙකණිය යන තැන් හි අධික වේදනාවක් හට ගනී.
කැස්ස,
කුසගිනි බව, ආහාර අරුචිය, ඔක්කාරය. පියයුරුහි තද බවක් හට ගැනීම,
කරකැවිල්ල. සම නියපොතු, ඇස් කළු පැහැ ගැන්වීම දැකිය හැකිය.
පිත් බහුල ගුදාංකුර ඇති වූ විට දැවිල්ල, කැසීම, උණ. දහදිය අධික බව, පිපාසය වැනි අපහසුතා මතු වේ.
සෙම්
බහුල ගුදාංකුර ඇති වූ විට ඉඹුල් කටු මෙන් මහමුල් ඇත. සියුම් වේදනාවක් හට
ගනී. මෘදුය. කැසීම් ඇත. ඉකිළිය වේදනාව, කැස්ස, කෑම අරුචිය, පීනස, කුසගිනි
අඩුබව, වමනය, ආහාර දිරවීමේ අපහසුතා හට ගනී.
මළ සමඟ රුධිරය පිටවීම හෙවත් රක්තාර්ශස් රෝගයේදී මළ සමඟ බොහෝ සේ රුධිරය පිටවීම නිසා කහපාට වූ ශරීරයක් ඇති වේ.
රුධිරය අඩු වීමෙන් ශරීරය දුර්වල වේ. කළු පැහැයට මළ පිට වේ.
මෙම අර්ශස් අවස්ථාවේදී පිටවන රුධිය තුනීය. මඳක් රත් පැහැතිය. පෙන බහුලය. තුනටිය,කලව, ගුදය යන ප්‍රදේශවල වේදනාව හටගනී.
අර්ශස් රෝගයේදී නොරිස්සුම්බව, තරහා යැම දැකිය හැකිය. කුඩා අර්ශස් ගෙඩි විශාල වූ විට ගුද මාර්ගය කෙළවර තදබල දැවිල්ලක් හට ගනී.
මෙවැනි අවස්ථාවකදී මොළයේ තාපනියාමන කේන්ද්‍රය උත්තේජනය වන නිසා අර්ශස් රෝගයේදී නිතර කෝපය හා නොරිස්සුම් බවක් මතු වේ.
වෛද්‍යතුමියනි, අර්ශස් රෝගීනට ඇති ප්‍රතිකාර මොනවාද?
අර්ශස්
රෝගීන්ට ආහාර රුචිය ඇති කරන කෙඳි බහුල පහසුවෙන් දිරවන ආහාරපාන ලබා දිය
යුතුය. කොහිල, ඉදුනු බෙලි, මඩු පිට්ටු, ඌරුමස්, සාරණ, කංකුන්, කොස්,
බණ්ඩක්කා, වැටකොළු, පතෝල, රතුලූනු, කොළ කැඳ ආදිය ආහාරයට ගැනීම සුදුසුය.
බලමාළු, බල කරවල, කෝපි ආදී ආහාර ගැනීම ගුණදායී නැත.
අර්ශස්
රෝගීනට ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේදයේ ඒ සඳහා ක්‍රම හතරක් අනුගමනය කරයි.
භේෂජ, ක්ෂාර, ශාස්ත්‍ර (ආයුධ අංශය) සහ අග්නි එම ක්‍රම හතරයි
භේෂජ ප්‍රතිකාර
මෙම ප්‍රතිකාරයේදී මළ බද්ධය ඉවත් කර වායුව ක්‍රමානුකූලව අඩු කර කුසගින්න ඇතිවීම ශරීර ශක්තිය වර්ධනය සඳහා ඖෂධ සහ ආහාර ලබාදේ.
ක්ෂාර ප්‍රතිකාර
මෙහිදී
ප්‍රතිකාර මගින් ගුදකීල කපා දැමීම සිදු කරයි. එනම් ඖෂධ දියෙහි දමා තබා
වියළා ගත් නූල් පටකින් අංකුර මූල ගැටගසා වරින්වර තද කිරීම සිදු කරයි. ඇතැම්
විට ඖෂධ නූල් භාවිත නොකර ඖෂධ ආලේපය මගින් ම මෙය කළ හැකිය. මෙහිදී ගුදකීල
කැඩීම හෝ වියළි යැමට සතියක් පමණ ගත වේ. රෝගියාට තදබල වේදනා හට ගනී.
ශාස්ත්‍ර ප්‍රතිකාරය
මෙම ප්‍රතිකාරය මගින් ආයුර්වේද ශ්‍රාස්ත්‍රය ආයුධ උපයෝගී කරගෙන එවෙලෙහිම ගුද කීලය කපා දැමීම සිදු කරයි.
අග්නි ප්‍රතිකාරය
මෙම ප්‍රතිකාරය මගින් සිදු කරන්නේ අංකුරය පුලුස්සා දැමීමයි. මෙය කරනුයේ ගිනියම් කළ යකඩ කූරුවලිනි.
මෙම
ප්‍රතිකාර අතරින් රෝගියාට වඩාත්ම යහපත් ප්‍රතිකාරය ලෙස සැලකිය හැක්කේ
භේෂජ හෙවත් ඖෂධ බීමට හා ගෑමට ලබා දීමේ ප්‍රතිකාරයයි. ඉන් වේදනාව නැතිවේ.
නිට්ටාවට සුව වේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දුරකථන අංක 077081010 ඇමතීමෙන් ලබා ගත හැකිය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks