Life
අපේ වෙදැදුරු දරුඵල ප්‍රමාදනම් මෙය කියවන්න
වර්තමානයේ සමාජය තුළ විශාල සෞඛ්‍ය ගැටලුවක්ව පවතින්නේ බෝ නොවන රෝගයි (Non communicable disease) ඒ අතර ප්‍රධාන තැනක් හිමි කරගෙන තිබෙන අති ස්ථූල භාවය රෝග ගණනාවකට හේතුවන තවත් එක් සාධකයකි. මෙම රෝගය හා බැ`දී පවතින තවත් ගැටලුවක් වන්නේ දරුඵල නොමැතිවීමයි.
මේ ස`දහා විවිධ හේතු කාරණා ඇති අතර ස්ථූල තාවය වැඩිවීමත් සමඟම ඔසප් චක්‍රයේ විවිධ ගැටලු මෙන්ම පැලෝපීය නාල අවහිර වීමත් සිදුවෙයි. මෙය තරුණ ගැහැනු ළමුන්ට මෙන්ම විවාහක කාන්තාවන්ටද එකසේ බලපායි. එහිදී තරුණ ළමුන්ට වෙනත් රෝග ලක්ෂණ පෙන්වන අතර විවාහක කාන්තාවන්ට ඒ හා සමාන ලක්ෂණ මෙන්ම දරු ගැබක් හටනොගැනීම යන ලක්ෂණය ප්රමුඛවේ. මෙවැනි රෝගී අවස්ථා ස`දහා විවිධ ප්‍රතිකාර ක්‍රම ස`දහා යොමුවන රෝගීන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන අතර මේ වන විටත් මෙය සමාජය පුරා ප්‍රධාන ගැටලුවක් වන තරමටම වර්ධනය වී ඇත.
මෙම දරුඵල නොමැතිවීම ස`දහා බලපාන විවිධ ප්‍රධාන රෝග තත්ත්ව මොනවාද
01 ඩිම්බ කෝෂවල ඇති වන ගෙඩි PCOD/PCOS
02 ගර්භාෂයේ ඇති වන ගෙඩි Uterine Fibroid
03 විස්තර කළ නොහැකි සාධක Unexplain Factors
04 ගර්භාක්ෂේත්රයේ ඇති වන රෝග Endometri
Wmqgd .ekSu