Life
අපිළිවෙළට දිවි ගෙවීමට හේතු වන අමන නාඩිය
කිසිම පිළිවෙළක් නැතිව වැඩ කරනවා. ඇතැම් දෙනා තම පෞද්ගලික ජීවිතයේදී හෝ
වේවා පොදු ස්ථානයකදී හෝ වේවා කටයුතු කරන ආකාරයට අනුව එසේ පවසන්නෙමු.
වෛද්‍යතුමනි, මෙලෙස කිසිදු පිළිවෙළක් නොමැතිව කටයුතු කිරීමට බලපාන හේතු මොනවාද?
යම්
කිසි පුද්ගලයෙක් පිළිවෙළක් නැතිව කටයුතු කරනවා කියන්නේ එම තැනැත්තා තුළ
හික්මීමක් නැතිකමයි. ඔවුන් නීතිරීති පිළිපදින්නේ නැහැ. සිරිත් විරිත්වලට
ගරු කරන්නේ නැහැ.
මෙලෙස යම් පුද්ගලයකු තුළ පිළිවෙළක් නැති බව ඇති වන්නේ ඔවුන් තුළ අමන නාඩිය ක්‍රියාකාරී වීම නිසාය.
මේ සමඟම අසිත්කිත නාඩිය, දැඩි අහංකාර නාඩිය, ආත්මාර්ථකාමී නාඩිය ඇතුළු නාඩි 20 ක් ක්‍රියාකාරී වෙනවා.
මෙලෙස
යම් පුද්ගලයකුගේ අමන නාඩිය අසික්කිත නාඩිය ඇතුළු නාඩි ක්‍රියාකාරී වීමට
බලපාන හේතු රැසක් තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ඔවුන්ගේ උගත්කමය.
දෙවැන්න පවුල් පසුබිමය.
යම් පුද්ගලයෙක් හොඳ අධ්‍යාපනයක් ලබා ගුණ ගරුක ලෙස ජීවත් වන්නත් නාඩි ක්‍රියාකාරීත්වයට බලපානවා.
එම නාඩි ක්‍රියාකාරීත්වය සඳහා ඔවුන්ගේ පෙර පව් පින් හේතු වෙනවා.
වෛද්‍යතුමනි, මෙම නාඩි ක්‍රියාකාරීත්ව මත ඔවුන් කටයුතු කරන ආකාරය ගැන පැහැදිලි කළ හැකිද?
ඔව්.
මම ඉතා සරල උදාහරණයක් දෙන්නම්. දැන් බලන්න අප රටේ තිබෙන ප්‍රධාන
ප්‍රශ්නයක් වන කුණු නිසි ලෙස බැහැර නොකිරීමට ප්‍රධානම හේතුව තමයි පිළිවෙළට
කටයුතු නොකිරීම.
තැන තැන කුණු දාන්න එපා කියලා තිsයනවා. කුණු බැහැර
කිරීමේදී ඒවා කළමනාකරණය කරන්න කියනවා. දිරා යන, දිරා නොයන ඉඳුල් ලෙස ඒවා
වෙන්කරන්න කියා උපදෙස් දෙනවා.
නමුත් මේ උපදෙස් පිළිපදින අය ඉතා අඩුයි. ඊට හේතුව තමයි ඔවුන්ගේ අමන නාඩිය ක්‍රියාකාරී වීම.
එවිට ඔවුන් පිළිවෙළට කටයුතු කරන්නේ නැහැ. අසික්කිත නාඩිය ක්‍රියාකාරී වීම නිසා නීතිරීතිවලට ගරු කරන්නේ නැහැ.
මෙම
ස්ථානයේ කුණු දැමිය හැක්කේ බල්ලන්ට පමණයි කියා දැන්වීම් පුවරු
ප්‍රදර්ශනය කිරීමට තරම් පහත් මට්ටමට වැටෙන්නේ මෙවැනි පුද්ගලයන් නිසාය.
වෛද්‍යතුමනි, මේ අයට ප්‍රතිකාර කර සුව කළ හැකිද?
සෘෂි
නාඩි වෛද්‍ය ක්‍රමය තුළ ප්‍රතිකාර කළ නොහැකි රෝගයක් නැහැ. ශරීරයේ මතු වන
ඕනෑම නාඩි රෝගයකට ප්‍රතිකාර තිබෙනවා. ඒ නිසා මෙම අමන නාඩිය ක්‍රියාකාරී වීම
නිසා පුද්ගලයන් තුළ මතු වන විකෘති තා ප්‍රකෘති කළ හැකියි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා දුරකථන අංක 077-6500677 මඟින් වෛද්‍යතුමන් ඇමැතිය හැකිය.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks