Beauty
අඳුරු තොල් ආපහු රෝස තොල් කරගන්න ක්‍රම 6ක්
අපි කවුරුත් කැමතියි රෝස සුමුදු තොල් තියෙනවා නම්. තොල් කළු වුනාම මුහුණට ලොකු අඳුරු ගතියක් එනවා. කොච්චර සුදු වුනත් තොල් කළුයි නම් හරිම කැතට ඒක පේනවා. තොල් කළු වීමට හුඟක් හේතු බලපානවා. අව්වට පිච්චීම, ස්ට්‍රෙස්, බාල වර්ගයේ ලිප්ස්ටික්, ලිප්ස්ටික් නියමාකාරයෙන් ඉවත් නොකිරීමෙන්, සිගරට් බීම, බුලත් කෑම, කාලගුණය, කාර්ය බහුල ජීවිතයක් ගත කිරීම, රුධිර සංසරණය නියමාකාරයෙන් සිදු නොවීම, අවශ්‍ය පමණට වතුර නොබීම… වැනි හේතු පෙන්වා දෙන්න පුළුවන්.
ඔයාලා ස්වභාවිකවම ලස්සන සිනිඳු රෝස පැහැති තොල් වලට ආසා නම්, ඒ වෙනුවෙන් සත්කාර කළ යුතුයි. මේ සඳහා සල්ලි හුඟක් වියදම් කරන්නට අවශ්‍ය නැහැ. ගෙදර තියෙන දේවල්වලින් මේකට හොඳ විසඳුමක් ලබාන්න පුළුවන්.
1. Moisturize your lips (තොල් දෙක තෙත ගතියට තියාගැනීම)
අපි හැමෝගෙම තොල්වල සිබම් කියන තෙල් වර්ගය (sebum) හරිම අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි නිතරම අපේ තොල් moisturize කර ගත යුතුයි. ඔයාලා එළියට යන විට, පෙට්‍රෝලියම් ජෙලි [petroleum jelly] වැස්ලින් හෝ ලිප් බාම් එකක් පාවිච්චි කළ යුතුමයි. නිවස තුළ සිටින විට cocoa butter වගේ දෙයක් ගාන්න පුළුවන්.
2. පිපිඤ්ඤා juice ආලේප කිරීම
තොල් රෝස පැහැ කර ගැනීමට ගෙදරදි කරගන්න පුළුවන් තවත් පහසු දෙයක් තමයි පිපිඤ්ඤා juice ගෑම. පිපිඤ්ඤා සිහිනියට කපා ගෙන තොල් උඩ තියාගන්න. එම juice එක තොල්වලට හොඳට උරාගන්න දෙන්න. දිනපතාම විනාඩි 5ක් මෙය කළොත් තොල්වල තියෙන අඳුරු ගතිය අඩුවෙලා රෝස පැහැති තොල් දෙකක් ලබාගන්න පුළුවන්.
3. ලෙමන් juice වලින් massage කිරීම
මෙයට අවශ්‍ය වෙන්නේ ලෙමන් ගෙඩියක් හා සීනි ටිකක් පමණයි. ලෙමන් ගෙඩිය පෙති කපාගෙන එය මතට සීනි ඉසින්න. එය තොල් මත scrub කරන්න. මෙය හැමදාම නින්දට පෙර කළ හැකි නම්, ලොකු වෙනසක් පෙනේවි. ලෙමන්වල ස්වභාවික බ්ලීච් එකක් තියෙනවා. ඒකෙන් තොල් දෙකේ පාට, ලා පාට (light) වෙනවා. ඒ වගේම සීනිවල තියෙන රළු ගතිය නිසා තොල් දෙකේ තියෙන මැරුණු සම ඉවත් වෙනවා. මේ නිසා තොල් දෙක හොඳට සිනිඳු වෙනවා.
4. මී පැණි, ආමන්ඩ් තෙල් (හෝ ඔලිව් තෙල්) සහ සීනි
මෙය තවත් හොඳ රෙමඩි එකක්. මී පැණි, ආමන්ඩ් හෝ ඔලිව් තෙල්වලට සීනි මිශ්‍ර කරන්න. මේ පේස්ට් එක මිනිත්තු 10ක් පමණ හොඳට circular (රවුමට) තොල්වල massage කරන්න. මෙතන click කරලා මෙය හදාගන්න හැටි ඔයාලට බලාගන්න පුළුවන්.
5. Toothpaste වලින් scrub කරන්න
මෙම ක්‍රමය නම් හරිම ලේසියි. මොකද අපි හැමෝම හැමදාම දත් මදිනවනේ. දත් මැද්දට පස්සේ හෙමින් සැරේ තොල උඩ tooth brush එකෙන් හෙමින් පිරිමදින්න. නමුත් හරිම සියුම් විදිහට තමයි මෙය කළ යුත්තේ. නැත්නම් තොල් තුවාල වෙන්න පුළුවන්. ඒ වගේම external layer එක (පිටස්තර ස්ථරය) අපි අතින් අයින් වෙන්න පුළුවන්. එයින් වෙන්නේ තොල් තවත් කළු වීමයි. ඒ නිසා මෙය ඉතාම සියුම්ව කරලා බලන්න. ඒ වෙලාවෙම ඔයාලට තේරෙයි තොල්දෙක හොඳට scrub වෙලා කියලා. ඊට පස්සේ කැමති නම් වැස්ලින් ටිකක් හරි ලිප් බාම් එකක් හරි තොල් දෙකේ ගාන්න පුළුවන්. මේක හැම තිස්සෙම කරන්න එපා.
6. නින්දට පෙර Make up ඉවත් කිරීම
ඇත්තම කියනවා නම් හුඟක් දෙනෙකුගේ තොල් කළු වීමට බලපාන ප්‍රධානම හේතුව මේකයි. නින්දට පෙර හරියාකාරව make up අයින් කරන්නේ නැහැ. නින්දට පෙර cleanser එකකින් නැත්නම් පුළුං කෑල්ලක්ට ආමන්ඩ් හරි ඔලිව් ඔයිල් හරි වැස්ලින් හරි තවරා තොල් දෙක මත හොඳට massage කරලා make up අයින් කරන්න. අපි කොච්චර හොඳට මුහුණ සේදුවාද කියලා හිතුවත්, පිසගත් පුළුං කෑල්ලේ තියෙන කුණු දැක්කම ඇත්තටම අපිටම පුදුම හිතෙනවා, අපේ තොල් දෙකේ මෙච්චර කුණු තිබුණද කියලා. අපි උදේ ඉඳලා ගාගෙන හිටපු ලිප්ස්ටික්, කාපු කෑම, බීපු පාට පාට බීම ඔය සේරම දේවල් මේ ක්‍රමයෙන් ඉවත් වෙනවා.
තොල්වල make up යවාගන්න හොඳ product එකක් ගැන දැනගන්න මෙතන click කරන්න
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks