Health
අනේ මට නින්ද යන්නේ නෑ..
මිනිසාගේ ජීවන කාලයෙන් තුනෙන් එකක පමණ ගත කරන්නේ නින්දේයග එය කොයිතරම් කාලයක් අපතේ යෑමක් දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවනග අප ගෙවන කෙටි ජීවිත කාලය තුළ කොයිතරම් දේවල් කරන්නට තිබේදරෑ ඉතින් නිදන්නේ නැතිව ඉන්න පුළුවන් නම් කොයි තරම් දේ කරන්නට පුළුවන්දරෑ
එහෙත් නියම සත්‍යය එය නොවේග සත්‍යය නම් නින්ද නොගියොත් මිනිසාට කිසිවක් කරගත නොහැකි වන බවයිග කොටින්ම කියනවා නම් අවදිව සිටීම මෙන්ම නින්ද ද මිනිසාට අත්‍යවශ්‍ය වන්නේමයග
නින්ද නොයාමට බහුලව බලපාන හේතු සමහරක් අපි දැන් වෙන් වෙන්ව සලකා බලමුග
දිවා කාලයේ නිදා ගැනීම
ඔබ දවල් කාලයේදී නිදා ගන්නවා නම් රාත්‍රී කාලයේදී නින්ද අඩු වීම ස්වභාවිකයග එමඟින් සාමාන්‍ය නිදා ගැනීමේ රටාව වෙනස් විය හැකියග බොහෝ වැඩිහිටියන්ට මෙම තත්ත්වය ඇති වේග
මැෂිමක් මෙන් වැඩ කිරීම
දවස තිස්සේ එක දිගටම මැෂිමක් මෙන් ක්‍රියා කිරීම මිනිසුන්ට කළ හැක්කක් නොවේග ඔබගේ කලබලකාරී මනසට වරින්වර විවේකය අවශ්‍ය වන්නේමයග සිරුරට ද විඩාව මඟහැර ගැනීම සඳහා වරින් වර විවේක ගත යුතුමයග දවසේ එක දිගට වැඩ කර වැඩ වැරූ වහාම නිදා ගැනීමට තැත් කිරීම ඵලදායි නොවන්නට පුළුවනග නින්දට යෑමට පෙර පැයක් හෝ දෙකක් විවේකීව සිටීමට පුරුදු වන්නග නවකතාවක්ල පුවත්පතක් කියවමින් පොඩි විවේකයක් ගන්නග රූපවාහිනිය නරඹන්නග සාමාජිකයන් සමඟ සතුටු සාමීචීයේ යෙදෙන්නග යෝගී ව්‍යායාම හෝ භාවනා කරන්නග
ව්‍යායාම නොකිරීම
කායික ව්‍යායාමය මඟින් මනාලෙස නින්දේ ගුණාත්මකභාවය වැඩි කරවයිග නිතිපතා ව්‍යායාමයේ යෙදෙන ක්‍රීඩකයන්ගෙන් විමසුවොත් කොයිතරම් සැපට නින්ද යනවා දැයි ඔවුන් ඔබට කියාදේවිග ඔබට අවශ්‍ය වන්නේ මොනයම් ආකාරයක හෝ ඇඟ වෙහෙසීමයිග ගෙදර දොර වැඩල ගෙවත්තේ වැඩල කුඹුරේ වැඩල ඇවිදීමල බයිසිකල් පැදීම සහ නැටීමත් ව්‍යායාම සඳහා සුදුසුයිග අවශ්‍ය වන්නේ හොඳ පිරිසිදු වාතය ආශ්වාස ප්රාශ්වාස කරමින් අඩු තරමින් සතියකට දින 3 -4ක් අඩු තරමින් පැය 1රැ2 ක් වත් ව්‍යායාමයේ යෙදීමයිග
නිදා ගන්නා රටාව නිතර වෙනස් කිරීම
සමහර අයට නයිට් ඩියුටි අල්ලන්නේ නැතග ෂිප්ට්වලට වැඩ කරන අය සහ නිතර නිතර රාත්‍රී කාලයේදී අවදිවන්නට සිදුවන අයට නිදා ගැනීමේ අපහසුතා ඇතිවිය හැකියිග නින්දට පෙර රස්නය වතුරෙන් ඇඟපත සෝදා ගැනීමත් නින්දට පෙර කහට නොදැමූ කිරි වීදුරුවක් පානය කිරීමත් නින්ද යනතුරු රසවත් පුවත්පතක් හෝ පොතක් කියවීමත් මඟින් නැවත හොඳ නින්දකට පිවිසීමට හැකි වනු ඇතග
ආහාර ගත් විගස නින්දට යෑම
රාත්‍රී නින්දට පෙර දිරවීමට අපහසු ලොකු ආහාර වේලක් ගත්විට සිරුර රත්වීම වැඩි වෙයිග හෘද ක්‍රියාකාරීත්වය ඉහළ යයිග එය නින්ද අපහසු කරවයිග අඩු තරමින් නින්දට පැය දෙකකට පෙර රාත්‍රී ආහාර වේල ගැනීමෙන් ඒ අපහසුතාවය මඟහරවා ගත හැකග
තේ කෝපි වැඩිපුර බීම
කෝපි සහ තේවල අඩංගු කැෆේන් සහ ටැනින් යන සංයෝග නිදිමත නැති කරයිග කෝලා පානයන්ලරෙඩ් වයින් වර්ගල චොකලට් සහ චීස් වර්ග ද නිදිමත නැති කර දමන ආහාර ගැනීම සහ විශේෂයෙන්ම රාත්‍රී නින්දට පෙර එවැනි දෑ ආහාරයට ගැනීමෙන් වැළකීම නුවණට හුරුයග
මත්පැන් හා දුම්බීම
මද්‍යසාරය හෝ දුම්කොළ සුළු ප්‍රමාණයකට ඔබ අවදිකර තැබිය හැකග දුම්කොළ ස්නායු පද්ධතිය උත්තේජනය කරවයිග ඒ නිසා නිදිමත නැතිව යයිග මත්පැන් මඟින් මුලදී නිදිමත ඇති කළත් වේලාසනින් ඔබ අවදි කරවයිග ඔබටත් නිදා ගැනීම ප්‍රශ්නයක් නම් මත්පැන් සහ දුම්පානයෙන් වැළකී සිටින්නග
ඇදේ සුවපහසුව
ඔබේ ජීවිත කාලයෙන් තුනෙන් එකක් ගත වෙන්නේ ඔබ නිදන ඇද මතයග ඒ නිසා හොඳ සුව පහසුවට නින්ද යන ඇඳකට මුදලක් වැඩිපුර යෙදෙව්වාට කම් නැතග ඔබේ හන්දිපත් රුදාවල කොන්දේ කැක්කුමල නිදි උලුක්කු සහ හිසරදය ඇති වීමට හේතුව ඔබ නිදා ගන්නා ඉරියව්වේ වරදක් වීමයිග නිදන කාමරයල ඇද මෙට්ටය සහ කොට්ටය ඇද ඇතිරිලි නින්දට ඔබින අයුරින් සකසා තිබේ දැයි නැවත සොයා බලන්නග
සද්ද බද්ද
දරුවන්ගේ ඇඬීමල සහකරුගේ ගෙරවිල්ලල කන් කඩාගෙන යන සංගීතය සහ වාහනවල ශබ්ද සුව පහසු නින්ද කඩා බිඳ දමයිග එලෙස තද ආලෝකයක් ඔබේ නින්දට බාධාවක් විය හැකියග ඒවායෙන් වැළකීමටත් කාමරයට අඳුරු තිර දැමීමටත්ල නිදන විට කාමරයේ දොර වසා තැබීමටත් පියවර ගන්නග
වාතාශ්‍රය
ශබ්ද සහ ආලෝකය ගලා නොඑන පැත්තේ ඇති ජනේල විවෘතව තබන්නග ඔබ නිදන කාමරයට හොඳින් වා කවුළු යොදා ඇත්දැයි බලන්නග සුව පහසු නින්දක් සඳහා ඔක්සිජන් සහිත පිරිසිදු වාතාශ්‍රය අත්‍යවශ්‍ය වන්නේයග මදුරු කරදරයෙන් බේරීමට ජනෙල් සහ වා කවුළුවලට දැල් ගසන්න
ඇඟේ පතේ වේදනාව
හන්දිපත් රුදාව සහ නොයෙකුත් රෝග නිසා හට ගන්නා ඇඟේ පතේ වේදනාවන් ද විශේෂයෙන් පිරිමින්ගේ පුරස්ථ ග්‍රන්ථියේ ඉදිමීම නිසා හට ගන්නා මුත්‍ර හිරවීමේ වේදනාවක් ද හෘදයල පෙනහලු සහ ආහාර මාර්ගය වැනි ඉන්ද්රියයන්ගෙන් පැන නගින වේදනාවන් ද :උදාග ආමාශයේ හා ග්‍රහණියේ තුවාල සුව පහසු නින්දට බාධාවකිග - රෝගය හඳුනාගෙන එයට සරිලන ප්‍රතිකාර ලබා ගැනීම එයට විසඳුමකිග
මානසික රෝග
ඔබට මානසික කළකිරීමක්ල කාන්සාවක්ල බියක්ල දුකක්ල කණගාටුවක් නිතර දැනේදරෑ එය තවත් මානසික රෝග තත්ත්වයක්ට රෝග ලක්ෂණ විය හැකියිග නින්ද නොයාමට අමතරව නිතර කේන්තියාමල ආහාර රුචිය අඩුවීමලලිංගිකත්වයට ආශාව නැති වී යාමල සිරුරේ බර අඩු වී යාමල පපුව ගැහීමල තමන්ගෙන් තම පවුලට හෝ සමාජයට වරදක් වූවා යයි නිතර නිතර සිතට නැඟීමල ජීවිතය එපා වීමල වෙනත් අය දෙතුන් දෙනෙකු කතා කරන විට ඒ අය තමන්ට විරුද්ධව කතා කරනවා යයි සැක සිතීම මානසික රෝගයක ලක්ෂණ වේග
නිදිපෙති නොගෙන සුව පහසු නින්දක් ලබා ගන්නා ක්‍රමය දැන් ඔබට සවිස්තරව ලැබී ඇතැයි අපි හිතමුග
curtesy :dinamina.lk