Health
අධික සර්ව සම්පූර්ණ බව මිත්‍යා විශ්වාස හා භීතිකා අවිශ්වාසය - සැකය
පමණ ඉක්මවා ගියොත් මානසික රෝගීන් බවට පත්වෙනවා
ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්ග දුක සැප ල සතුටල කඳුළ අපේ ජීිවිතයට උරුමවු දේවල්ගඑපමණක් නොවෙයිග සැකය ල ආතතිය යනාදියත් මේ සමග බැඳී පවතිනවාගඒ නිසා මේ සියල්ලම පොදු බැඳගෙනයි අපි ජීවත් වනනේගමේ සියල්ලෙන් තොරවු ජීවිතය කිසි රසවත් භාවයක් නැහැග නමුත් මේ කුමන දෙයක් වුවද සීමාව ඉක්මවා ගියොත් අපගේ ජීවිතයම ගැටලුවක් බවට පත්වීම නම් වළක්වන්නට නම් බැහැග එබැවින් ඒ පිළිබඳ දෙවරක් සිතා බැලිම අතිශයින් වැදගත්ග
සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යාම බොහෝ දුරට මානසික ගැටලුවලට මුහුණ දෙන කරුණක් ග පසුකාලීනය එය මානසික රෝගයක් බවට පත්වනවාගමෙයින් ඇතිවන ආතතිය වළක්වා ගන්නේ කෙලෙසදරෑග
අවිශ්වාසය - භින්නෝන්මාදය
විශ්වාසය කියන දේ අද සමාජයෙන් තුරන් වි තිබෙන වකවානුවකයි අපි ජිවත් වන්නේග ඇතැම් විට අපේ සමීපතමයන් පවා අපට විශ්වාස කළ නොහැකි ත්ත්ත්වයක පවතිනවාගඅපට විශ්වාසය තැබිය හැකි පිරිස ගෙන බැලුවොත් අතේ ඇඟිලි ගණනටවත් නැහැගනමුත් අප ජිවත්වන පරිසරය තුළ යම්කිසි මට්ටමකට හො ඔබට අන් අය විශ්වාස කළ යුතු වනවාගඑසේ නොමැති නම් ජිවතයේ එදිනෙදා මුහුණ දිමට සිදුවන කටයුතුවලට එය බාධාවක්ගනමුත් ඇතැමුන් මේ ආකාරයටවත් සමාජයේ අප හා ගැටෙන පුද්ගලයින් විශ්වාස කරන්නේ නැහැග එසේ අන් අය අවිශ්වාස කිරීමත් එසේත් නැත්නම් අන් අය සැක කිරීමත් එක්තරා ආකාරයක පෞරුෂ දුබලතාවක් බව පවසන්නේ ව්‍යවාහරික මනෝවිද්‍යාඥ නිමල් ලියනගේ මහතායිග
මේ තත්ත්වය සීමාව ඉක්මවා ගිය අවස්ථාව රෝගී තත්ත්වයක් ග එය හඳුන්වනනේ භින්නෝන්මාදය ලෙසින්ග මෙවැනි රෝගීන් නිතරම තමා අවට සිටින අය තමාට හානි පමුණුවනු ඇතැයි යම් බියකින් පසුවනවාගග ඔවුන් තමාට විරුද්ධව කුමන්ත්‍රණවල යෙදෙන බව ඔවුන් විශ්වාස කරනවාග මෙය කිසියම් හෝ හේතුවක් මත ඔවුන්ගේ සිත්වල හට ගන්නා එක්තරා ආතතිමය තත්ත්වයකිගමෙය එක්තරා ආකාරයක පෞරුෂ දුර්වලතාවයක්ග
සර්ව සම්පූර්ණ බව හා ග්‍රස්ථිය
ඇතැමුන් සෑම කටයුත්තක්ම අතිශයින් සර්ව සම්පූර්ණව ඉටු කිරීමට සෑම විටෙකම උත්සාහ ගන්නවාගදසමයකින් හෝ වරදක් නොවන්නට ඔවුන් එක එල්ලේම ඒ ඔස්සේ හඹාගෙන යනවාගමෙයින් හැඟෙන්නේ වගකීම් පැහැර හැරීම නොවෙයිගඕනෑම කාර්යයක් සෑම විටෙකමල කෙසේ හෝ සර්ව සම්පූර්ණව ඉටු කිරීමට යාමේදි නීති රීතිල සීමා මායිම් ආදී නිර්ණායක පිළිබඳ ඕනෑවට වඩා සැලකිලිමත් වීම ද මෙහිදී දැකගත හැකි වේග මෙවැනි පෞරුෂ දුබලතාවයකින් පෙළෙන අය අනවශ්‍ය ආකාරයට දශමයක් වත් එහා මෙහා නොවන ලෙස අකුරටම වැඩ කිරීමට යාම නිසා ඔවුන් ආතතියකට මුහුණ දෙනවාග
එපමණක් නොවෙයි නිසි වේලාවට අදාළ කටයුත්ත කිරීමට ඔවුන් අපොහොසත් වුණොත් දැඩි අසතුටකටල ආතතිමය තත්ත්වයකට මුහුණ දෙනවාගග
තමා පමණක් නොව තමා අවට සිටින අය ද අකුරටම අදාළ කාර්යයන්වල නිරත වනු ඇතැයි ද ඔවුන් හැම විටෙකම බලාපොරොත්තු වනවාග නමුත් එසේ තමාගේ අවශ්‍යතාව ඉටු නොවන විට තම සිතේ ඇති ආතතිය ඔවුන් පිටකර දමන්නේ බැණ වදිමිනිග ඔවුන්ට පැවරු අදාල කාර්යය පිළිබඳ නැවත නැවත පරීක්ෂා කර බැලීම ද නිරන්තරයෙන් සිදු කරනු ලැබේග සුඵ ගැටලුවක් මතුවුවිට ඔවුන් දෝෂාරෝපණයකට ලක් කිරිම සිදු කෙරේග
ඕනෑම පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් ජිවිතයේදී සෑම කාර්යයක්ම 100්‍රක් නිවැරදිව කිරීමට අපහසුයග නොදැනුවත්ව සිදුවන අතපසු වීම් අතිශය සාමාන්‍ය තත්ත්වයකිග නැවත අපට එවැනි වැරදි නිවැරදි කරගෙන කටයුතු කිරීමට හැකි වේග නමුත් මෙම පෞරුෂ දුර්වලතාවයට මුහුණදී සිටින අය තමාගේ කාලය කෙතරම් කැපකර හෝ අදාළ දේ එක්වර නැවත නැවතත් සිදු කිරීමට උත්සාහ ගනු ලැබේග මෙවැනි පුද්ගලයින් මානසික වශයෙන් හෙම්බත් වී සිටිය හැකියිග මෙසේ කාලයක් පුරා මේ තත්ත්වය පැවතීමෙන් එය රෝගී තත්ත්වයක් කරා වර්ධනය විය හැකියිග
මෙම රෝග අවස්ථාව ග්‍රස්ථිය ලෙසින් හැඳින් වේග සාමාන්‍යයෙන් මෙම රෝග ලක්ෂණ මූලිකව හඳුනා ගතහොත් ඖෂධමය ප්‍රතිකාර ලබාදීම වඩාත් පහසු වුවත් පෞරුෂ දුබලතාවක් ලෙස පවතින විට ප්‍රතිකාර ලෙස භාවිතා කළ හැක්කේ මානසික උපදේශනය හා මනෝ චිකිත්සාවයිග මෙවැනි අවස්ථාවකදී අදාළ රෝගියා මෙන්ම ඔවුන් අවට සිටින අයද පීඩාවකට පත් විය හැකි වේග
උදාහරණයක් ලෙස නිවස ආශි‍්‍රත පරිසරයකදී මෙවැනි රෝගීන්ට නිවසේ කොතැනක හෝ කුණු ඉතා ස්වල්පයක් පැවතීමත් දරා ගැනීමට අපහසු වේග හැමදේම පිළිවෙලකට පැවතිය යුතුයිග එසේ තමා කැමති ආකාරයට වැඩ සිදු නොවුණහොත් සිතේ ඇතිවන ආතතිය නැති කර ගැනීමට ඔවුන් අන් අයට බැණ වදිනු ලැබේග
මිත්‍යා විශ්වාස හා භීතිකා
යම් යම් මිත්‍යා මත නිසා ඇතැම් අය සිතේ දැඩි අසහනයකින් කටයුතු කරනු ලැබේග උදාහරණයක් ලෙස යම් ගමනක් පිටත් වීමට පෙර හූනෙක් ශබ්ද කළොත් තමා යා යුතු ගමන ප්‍රමාද කරනු ලැබේග ඒ වගේම ඇතැම්විට තමන්ට ලැබුණු වැරදි උපදෙස්ල අනුශාසනා නිසා ද මෙසේ සිතේ දැඩි අසහනකාරී බවකින් ඔවුන් කටයුතු කරනු ලැබේග
මේ ගැටලුවලින් බැහැර විමට නම් නිවැරදි ආකල්ප ඇති කර ගැනීමග ජීවන නිපුනතා යොදා ගෙන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීමග ප්‍රශ්න පිළිබඳ සිතමින් සජීවි කාලය නාස්ති කර නොගැනීම ග ගැටලු විසඳා ගැනීමට නොහැකි නම් සුබවාදී විකල්ප කර යොමුවීම මානසික අසහනයෙන් මිදීමට කටයුතු කිරීමග යනාදිය ජීවිතයට එක්කරගත යුතුය
curtesy : dinamina.lk