Life
අධික රස්නය නිසා මෙම රෝග ඇති වේ
මෙම දිනවල ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වය ඉතා දරුණු වීම හේතුවෙන් බොහෝ දෙනා
ශාරීරික අපහසුතාවන්ට ලක්වනු දැකිය හැකිය. පරිසර උෂ්ණත්වය ඉහල යැම
හේතුවෙන් සිරුරෙහි උෂ්ණත්වය නියමිත මට්ටමින් පවත්වාගැනීම පිණිස සිරුරෙන්
වැඩි වශයෙන් දහදිය පිටවීම සිදු වේ. දහදිය සමඟ සිරුරෙන් ජලය හා ඛණිජ ලබන
පිටවීම හේතුවෙන් සිරුරෙහි පරිවෘත්තීය ක්‍රියාවන් අක්‍රමවත් වේ. එමගින්
විවිධ රෝගාබාධ ඇති විය හැකිය.
සිරුර අධික උෂ්ණත්වයකට ලක් වීම හේතුවෙන් ඇති වන ප්‍රධාන සංකූලතා අවස්ථාවන් තුනක් දක්නට ලැබේ.
ඒවා නම් (-
* කෙණ්ඩා පෙරලීම (Muscle cramps)
ඉහල
උෂ්ණත්වයක් ඇති පරිසරයක වෙහෙසා ව්‍යායාම කරනවිටදී හෝ ක්‍රීඩා කරන විටදී
මෙම තත්ත්වය සුලබව ඇති වේ. සිරුරෙන් ජලය හා සෝඩියම් වැනි ඛණිජ ලවන ඉවත් වීම
හේතුවෙන් මෙම තත්ත්වය ඇති වේ. මෙහිදී ලවන සහිත පානයක් ලබාදීම හා එම මාංශ
පේශීන් විවේක ගැන්වීම මගින් මෙයට සහනයක් ලබා ගත හැකිය.
* උණුසුම හේතුවෙන් ඇති වන විඩාව (Heat exhausting)
මෙහිදී
සිරුරෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ජලය හා ඛණිජ ලවන ඉවත් වීම හේතුවෙන් තරමක
බරපතල රෝග ලක්ෂණ ඇති වේ. මෙහිදී හිසරදය, මහන්සි ගතිය, දුර්වල බව දැනෙන
අතර දහදිය මත තෙත් වූ බවක් දනවයි. රුධිර පීඩනය අඩු වන අතර කලබලකාරී ගතිය.
(anxiety) හෝ විපිලිසර ගතියක් (Confusion)ද ඇති විය හැකිය. සිරුරෙහි
උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 102 ක් හෙවත් සෙල්සියස් අංශක 38 ට වඩා අඩුවෙන්
ඇති වීම මෙම තත්ත්වය නිසා ඇති වන අතර මෙය පහසුවෙන්ම ජීවිත හානි සිදු වන
අවස්ථාවක් දක්වා වර්ධනය විය හැකිය.
* උණුසුම නිසා ඇති වන ආඝාතය (Heat Strokeැ)
මෙම
තත්ත්වය ඇති වනුයේ සිරුරෙහි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 104 ට හෙවත්
සෙල්සියස් අංශක 40 ට වඩා අධික වු විටදී. දිගු වේලාවක් ඉහල උෂ්ණත්වයකට
සිරුර ගොදුරු වීමෙන් හෝ ඉහල උෂ්ණත්වයක් තුළ කායික ව්‍යායාමයක් සිදු කිරීම
මේ සඳහා හේතුකාරක වේ. මෙහිදී සිරුරෙහි උෂ්ණත්වය පාලනය කිරීමේ ක්‍රියාදාමය
(Heat regulatory Mechanism) අඩපණ වේ. මෙහි රෝග ලක්ෂණයන් වනුයේ ඉහල දේහ
උෂ්ණත්වය (අංශක 40 හෝ එයට ඉහල), වෙනස් වන මානසික තත්ත්වයක් හෝ හැසිරීමේ
වෙනස්කම් (Altered Mental State or behavionur) විපිලිසර බව, ආක්‍රමණශීලී
බව, දඟලන සුළු බව, කථා කරන විටදී වෙවුලන ගතිය (Slurred speech) විකාර
දර්ශනය වීම හා මී මැස්මොරය වැනි තත්ත්වයක් (seizer) වැඩි වී ඉන්පසු සිහි
මුර්ජා (Coma) තත්ත්වයකට පත් විය හැකිය.
ශ්වසන වේගය අධික වීමත් නාඩි
වැටීමේ වේගය ඉහල යැමත් මෙහිදී දක්නට ලැබෙන අතර සමෙහි උණුසුම්, වියළි
බවක් දැනේ. (දැඩි ලෙස ව්‍යායාම කර තිබේ නම් සම දහදියෙන් තෙත්ව තිබිය
හැකිය) ඔක්කාරය, වමනය හා හිසරදය මෙහි රෝග ලක්ෂණයන් අතර වේ. මෙය හදිසි
අවස්ථාවක් වන අතර නිසි ප්‍රතිකාර ලබා නොදුනහොත් ජීවිතක්ෂයට පත් වීමේ
හැකියාව ඉහලය.
සිරුරෙහි ස්නායු පද්ධතිය පරිණත නොවූ කුඩා දරුවන් හා
ස්නායු පද්ධතිය අඩපණ වන වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්, මානසික රෝග
සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන්, මුත්‍රා වැඩිපුර පහකිරීම සඳහා ලබා දෙන බෙහෙත්
ලබා ගන්නා රෝගීන් අධික රුධිර පීඩනය සඳහා ලබා දෙන, හෘද කම්පන වාර ගණන
අඩුකරන බෙහෙත් (බීටා බ්ලොකර්ස්) ලබා ගන්නා රෝගීන් හා රුධිර කෝෂ නාලිකා
හකුළුවන බෙහෙත් ලබා ගන්නා රෝගීන් මෙහිදී වඩාත් ප්‍රවේසම් සහගත විය යුතුය.
මත්පැන් පානය කරන පුද්ගලයින්ද පහසුවෙන් මෙම තත්ත්වයට ගොදුරුවීමේ හැකියාව
පවතී.
සිරුරෙහි උෂ්ණත්වය ඉහල නොයන ලෙස සරල සැහැල්ලු ඇඳුමෙන් සැරසී
සිටීම, හිරු එළියෙහි ගමන් කරන විට කුඩයක් භාවිත කිරීම හෝ තොප්පියක්
පැළඳීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම (තැඹිලි කුරුම්බා වැනි පානයක්ද
පානය කිරීම සුදුසුය.) මගින්ද සිසිල් ජලය ස්නානය කිරීම මගින්ද ඉහත රෝග
තත්ත්වයන්ට ගොදුරු වීමෙන් වැළැකිය හැකිය.
වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks