Life
අධික තෙල් පරිභෝජනය හේතුවෙන් තරබාරු බව ඉහලට
තෙල් ඇතුළු අධික කැලරි සහිත ආහාර පරිභෝජනය ඉහළ ගොස් තිබීම හේතුවෙන් 1980
වසරේ සිට මේ දක්වා ගතවූ කාලය තුළදි ලොව පුරා තරබාරු බව දෙගුණයකට අධික
ප්‍රමාණයකින් වැඩි වී ඇතැයි එක්සත් රාජධානියේ ලීඩ්ස් සරසවියෙහි මහාචාර්ය
ටිම් බෙන්ටන් පවසයි.
ලෝක ජනගහනයෙන් සියයට 50 කට අධික සංඛ්‍යාවකගේ
ශරීර බර සෞඛ්‍ය සම්පන්න මට්ටමක නොපැවැතීම නිසා තරබාරු බව වර්ධනය වීමේ
අවදානමක් පවතින බව මහාචාර්ය බෙන්ටන් කියයි.
බටහිර රටවල සිදු කර ඇති
පර්යේෂණයන්ට අනුව ආහාර හා තෙල් වර්ග 8 ක් පරිභෝජනය කිරීමෙන් ලොවපුරා
ජනගහනය සිය කැලරි අවශ්‍යතාවයෙන් සියයට 85 ක් සපුරා ගනී. මෙසේ කැලරි අධිකව
මිනිස් සිරුරට ලබා දීමට දායක වන ආහාර හා තෙල් වර්ග වනුයේ තිරිඟු, සහල් බඩ
ඉරිඟු, සීනි, බාර්ලි, අල හා එළවළු තෙල් වර්ග, සෝයා හා පාම් තෙල්ය. ලොව පුරා
දුප්පත් පොහොසත් භේදයකින් තොරව සෑම රටකම ජනතාව මේ වන විට දෛනික පරිභෝජනයට
එකතු කර ගන්නා ආහාර වැඩි ප්‍රමාණයක් තරබාරු බවට මඟපාදනු ලබන කැලරි අධික
අඩු පෝෂණ ගුණයක් ඇති ආහාර වර්ග බව මහාචාර්ය බෙන්ටන් සඳහන් කරයි.
ජනතාව
මෙවැනි තරබාරු බවට මඟපාදන ආහාර වැඩි ප්‍රමාණයක් ගිල දැමීමට හුරුව සිටීම
නිසාම එළවළු තෙල් හා එම තෙල් ලබා ගන්නා බෝග වර්ගවල නිෂ්පාදනය පසුගිය දශක
තුනක කාලයේදී ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇතැයි ඔහු සඳහන් කර සිටී.
අනෙක්
අතට රජයන් අතර ඇති කර ගෙන ඇති තෙල් සම්බන්ධ ගිවිසුම් හේතුවෙන් හා රජයන්හී
තෙල් සම්බන්ධ ප්‍රතිපත්තීන්ට අනුව ආහාර පිළියෙල කිරීම සඳහා භාවිත කරනු ලබන
තෙල් වර්ගවල මිල ගණන්ද සැළකිය යුතු මට්ටමකින් අඩුවී තිබීමද තෙල් පරිභෝජනය
ඉහළ යැමට හේතු වී තිබේ.
මෙම තත්ත්වය නිසාම වර්තමානයේ වෛද්‍යවරුන්
විසින් සෞඛ්‍යයට අහිතකර යෑයි පවසන ගැඹුරු තෙලෙහි බැද සකස් කරන ආහාර වර්ග
(ඩීප් ෆ්‍රයිඩ් ෆුඩ්ස්) පරිභෝජනය ඉහළ ගොස් තිබේ.
මහාචාර්ය
බෙන්ටන් විසින් පසුගියදා නිකුත් කරනු ලැබු ආහාර නිෂ්පාදනය පිළිබඳ වාර්තාවකට
අනුව ලොව පුරා විසිර සිටින දුගී ජනතාව තම සිරුරට අවශ්‍ය දෛනික කැලරි
ප්‍රමාණය ලබා ගත නොහැකි වීම නිසා නියමිත බරට වඩා අඩු ශරීර බරකින් යුතු වන
අතර ධනවාදී රටවල දුප්පත් මට්ටමක සිටින අයෙකුට වුවද කැලරි අධික ආහාර පාන
පරිභෝජනය කිරීමට සීමාවක් නොමැත.
සෝයා හා පාම් තෙල් ආහාර වර්ග
සැකසීම සඳහා වැඩි වශයෙන් යොදා ගැනීම නිසා මේ වන විට මෙම තෙල් නිපදවීමට හේතු
වන ඇට වර්ග ලොව පුරා වැඩිම අලෙවියක් ඇති භෝග ඇට බවට පත්ව තිබේ.
නිවසේදී
සකස් කර ගන්නා ආහාර සඳහා පමණක් නොව සුපිරි වෙළෙඳසැලකින් හෝ ක්ෂණික ආහාර
වර්ග අලෙවි කරන ස්ථානයකින් මිලදී ගන්නා ඕනෑම ආහාරයක තෙල් යහමින් අන්තරගත
කර තිබීම නිසා වර්තමානයේ බොහෝ දෙනකුට ගිල දැමීමට සිදුව ඇත්තේ අනාගතයේදී
තරබාරු බව උරුම කර දෙන අහාර වර්ගයි.
වර්තමානයේ නවින පන්නයේ ආහාර
වර්ගයක් පිළියෙල කළද සාම්ප්‍රදායික ආහාර වර්ගයක් පිළියෙල කළද ඒ සඳහා තෙල්
අධික ලෙස යොදා ගැනීම නිසා එම ආහාර මේ වනවිට සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර බවට
පත් කර තිබේ.
තෙල් පරිභෝජනය කිරිමේදී එය සෞඛ්‍ය සම්පන්න වනුයේ තෙල් සුළු ප්‍රමාණයක් ආහාරයට එක් කර ගන්නේ නම් පමණක් බව මහාචාර්ය බෙන්ටන් කියයි.
මේ
වන විට බටහිර පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ ගැඹුරු තෙලෙහි ආහාර වර්ග
බැදීමෙන් (ඩීප් µ්‍රයිඩ් ඒවායේ අන්තර්ගත ට්‍රාන්ස් මේදය හේතුවෙන් හෘද
රෝගවලට එම ආහාර මඟපාදන බවයි.
මේ වන විට ලොව ආහාර සකස් කිරීම සඳහා
තෙල් අධිකව යොදා ගන්නා රටවල් ලෙස චීනය හා බ්‍රසීලය හඳුනා ගෙන තිබේ.
බ්‍රසීලය ආහාර ගැඹුරු තෙලෙහි බැදීම සඳහා තෙල් අධිකව භාවිත කරන අතර චීනය
සාම්ප්‍රදායික ආහාර වර්ගවලටද තෙල් විශාල පරිමාණයෙන් යොදා ගන්නා බව අනාවරණය
වී තිබේ.
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අවශ්‍ය වන එළවළු හා පලතුරු
පරිභෝජනයද ලොව පුරා ඉහළ ගොස් ඇතත් තෙල් පරිභෝජනයද ඒ හා සාපේක්ෂව ඉහළ
ගොස් තිබීම මත එළවළු හා පලතුරු පරිභෝජනය හරහා ඇති වන වාසිය තෙල් විසින් මඟ
හරවන තත්ත්වයක් උද්ගතව ඇතැයි බටහිර පර්යේෂකයෝ පවසති.
තෙල් වල රසයට
ඇති ගිජුබව නවතා දමා සුළු තෙල් ප්‍රමාණයක් ආහාරවලට එකතු කිරීමට ජනතාව
පෙළඹෙන්නේ නම් ශරීරගතවන කැලරි ප්‍රමාණය අඩු කර තරබාරු බව සමාජය තුළ
ව්‍යාප්ත වීම වළක්වාලීමට හැකි බව වෛද්‍ය මතය වී තිබේ.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks