iranama
අංක විද්‍යාවට අනුව ඔබ ජීවත් වන ගම ඔබට සුබද?
මහා මංගල සුත්‍රයේදී ලපතිරූප දේස වාසෝචල යනුවෙන් සඳහන් වූයේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම මංගල කරුණක් වශයෙනි. මංගල කරුණු සියල්ලම සුබ ඒවාය. අද අපි මේ ලිපියෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ ඔබ වාසය කිරීම සඳහා තෝරාගෙන ඇති ප්‍රදේශය ඔබට වාසනාව රැගෙන එන ප්‍රදේශයක්ද එසේත් නොමැතිනම් ඔබේ ජීවිතයට නොගැළපෙන ප්‍රදේශයක්ද යන්න අංක විද්‍යාවට අනුව සලකා බැලීමටයි.
අංක විද්‍යාව යනු ජ්යෝතිෂයේම තවත් කොටසක් වන අතර ඉන්දියාවේ සෘෂිවරුන් හා නාඩි වාක්‍ය කියවන පිරිස ජ්‍යෝතිෂයේ ග්‍රහ පිහිටීම්වලට වඩා අංක විද්‍යාවට මුල්තැනක් දෙන බවද මෙහිදී කිවයුතුමය.
අංක විද්‍යාවට අනුව ඔබ ජීවත්වන ප්‍රදේශය ඔබට වාසනාව ගෙන දෙන ප්‍රදේශයක්ද එසේත් නොමැතිනම් අවාසනාව ගෙන දෙන ප්‍රදේශයක්ද යන්න දැන ගැනීමට ඔබ මුලින්ම කළ යුත්තේ ඔබේ ගමේ නම කොළයක ඉතා පැහැදිලිව ලිවීමයි. දැන් ඔබ ගමේ නමට ඇති අකුරු ගණන ගමට යටින් ලියන්න. එම අකුරුවලට ඉස්පිලි, කොම්බු, ඇලපිලි අයත් නොවන බවද මෙහිදී මතක් කරමි.
ඔබ ඊළඟට කළ යුත්තේ ගමේ නමට ආ අකුරු ගණන හතරෙන් ගුණ කිරීමයි. එම උත්තරය පසෙක සටහන් කොට දැන් ඔබේ නම එම කොළයේම ලියන්න. වාසගම සමඟ ඔබේ නම යාරයක් පමණ දිග වුවත් ඔබ ලිවිය යුත්තේ ඔබේ නමේ ඉතාම ප්‍රචලිත කොටස පමණකි.
ඔබට ඔබේ ගමේ නමට ආ අකුරු ගණන හතරෙන් ගුණකොට ලැබුණු උත්තරයට දැන් ඔබේ නමේ අකුරු ගණන එකතු කරන්න. ලැබුණු පිළිතුර දැන් හතෙන් ඛෙදන්න. හතෙන් ඛෙදූ විට ලැඛෙන ඉතිරි ගණන කොළයේ සටහන් කොට ඔබත් ඔබට ගැළපෙන ප්‍රදේශයක ජීවත් වන්නේද යන්න ඔබම තීරණය කරන්න.
ඉතිරි වූ සංඛ්‍යාව වේ නම් ඔබ තෝරාගෙන ඇති ගම ඔබේ දියුණුවට ගැළපෙන්නේ නැත. නමුත් හානියක් නොමැත. ඔබ ගමට පැමිණි දා පටන් මියයන මොහොත දක්වාම එකම තත්ත්වයකින් ඔබට ජීවත් වීමට සිදුවෙයි.
ඉතිරිය 1 නම් සියලු දෙනාගේ උදව් උපකාර ඔබට ලැඛෙනු ඇත. ගමේ කා අතරත් ඔබ ජනප්‍රිය වූ අයෙකි. ගමේ නායකත්වය පවා අන් අය ඔබට ලබාදීමට කැමැත්තක් දක්වයි. දියුණුව සැලසීම අනිවාර්යෙන්ම සිදුවෙයි. ගම තුළින්ම ඔබට දේශපාලනයට පිවිසීමටද භාග්‍යය හිමිවේ.
ඉතිරි වුණේ 2 ක් නම් ඒත් හොඳය. දියුණුව සැලසේ. එම ගමේ ඔබට හොඳ ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදාවේ. නමුත් ඉතිරිය 1 ක්වූ ප්‍රතිඵලය තරමටම ඔබට වාසනාව උදානොවේ. නමුත් හොඳය.
ඉතිරිය 3 ක් වන්නේ නම් එම ගම්මානය ඔබට සුදුසු ගම්මානයක් නොවේ. හතුරන් එමටය. ජීවත්වීම සඳහා දැඩි ජීවන අරගලයක් ගෙනයාමට සිදුවේ. යමක් සාර්ථක කරගැනීමට ඔබට ගොඩක් මහන්සි විය යුතුවේ.
ඉතිරිවන අගය 4 ක් වන්නේ නම් දියුණුව අඩුය. ඔබට ඒ ගම්මානය තුළ යමක් සාර්ථක කරගැනීම සඳහා බොහෝ වෙහෙස දැරීමට සිදුවේ. අනාගත අපේක්ෂාවන් බලාපොරොත්තු කිසිවිටකත් සාක්ෂාත් නොවේ.
ඉතිරිය 5 නම් ගමේ අයගෙන් ඔබට උදව් උපකාර ලැඛෙන අතර ආර්ථික වශයෙන් දියුණුවක් ලබන්නට එම ගම්මානය ඔබට තෝතැන්නක් වනවාට කිසිම සැකයක් නොමැත. ඔබගේ කීර්තියද ඒ ගම්මානය තුළ පැතිරයයි.
ඉතිරිවූයේ 6 ක් නම් වස්තුව ඵලදාව ඒ ගමේ අන් අයට වඩා ඔබට ලැඛෙනු ඇත. යස ඉසුරින් පිරි ජීවිතයක් ගතකිරීමට හැකියාව ලැඛෙයි. ගමේ දේපළවලින් වැඩි කොටසක් ඔබේම වන්නටත් වාසනාව ඇත.
මේ ලිපිය ජ්‍යෝතිෂයට අනුව කොතරම් ගැළපීමක් ඇත්දැයි විමසනවාට වඩා ඔබ ජීවත්වන ගම ඔබට වාසනාව ගෙන එන තැනක් දැයි අංක විද්‍යාවට අනුව ඔබම වටහා ගන්න.