Beauty
වියළි සමකට නිවසේදීම ෆේෂල්
1. කෙසෙල් පැක්
ඉදුණු කෙසෙල් ගෙඩියක් ගෙන එයට මීපැණි තේ හැන්දක් සහ ඔලිව් තෙල් තේ හැන්දක් මිශ්ර කර මෘදු දැවටුමක් සාදාගන්න. මුහුණ හොඳින් සෝදා ක්ලේන්සර් කර එය මුහුණ පුරාවට ආලේප කර මිනිත්තු 10 ක් පමණ තබා ඇල් ජලයෙන් සෝදා හරින්න.
2. කොකෝ මාස්ක්
කොකෝවා පව්ඩර් තේ හැඳි භාගයකට මීපැණි තේ හැඳි භාගයක් සහ යෝගට් තේ හැන්දක් පොල්කිරි තේ හැඳි 2ක් දමා හොඳින් මිශ්ර කර මුහුණේ ආලේප කර මිනිත්තු 5කින් පමණ සෝදාහරින්න.
3.යෝගට් සහ රෝස පැක්
යෝගට් මේස හැඳි 2කටමීපැණි මේස හැඳි 2ක් සහ රෝස වතුර මේස හැඳි 2ක් රෝස මලක පෙති
රෝස පෙති මතට දමා පොඩිකර මිශ්ර කර මුහුණේ ආලේප කර මිනිත්තු 20ක් තබා සෝදාහරින්න.
4.කියුකම්බර් පැක්
පොතු හරින ලද පිපිඤඝඤ ගෙඩියක් ගෙන එයට සීනි මේස හැන්දක් එක් කොට ශීතකරණයේ මද වේලාවක් තබා, ගෙන මුහුණේ ආලේප කර මිනිත්තු 10ක් ගතවූ පසු එය ඇල් ජලයෙන් සෝදා ඉවත් කරන්න.
5.රෝස පැක්
අලුත පිපුණු රෝසමලක්. ඕට්ස් පිටි ස්වල්පයක් සහ ජලය එක් කොට හොඳින් අඹරා මුහුණේ ගල්වා මිනිත්තු 10 - 15 පමණ තබා සෝදාහරින්න.
(under the courtesy of goodhousekeeping.lk web)