Life
වකුගඩු ගල් පිළිබඳව අනතුරු අගවන ලක්ෂණ.
වකුගඩු ගල කුඩානම් වඩාත් පහසුවෙන් ශරීරයෙන් බැහැර කරගන්නට පුළුවන්. නමුත් එය විශාල එකක් නම් ශරීරයෙන් බැහැරවීමෙදී මුත්රාවාහිනී අවහිර වීම වැනි නොයෙකුත් සංකූලතාවයන්ට මුහුණ දීමට සිදුවෙනවා. අද අපි ඔබව දැනුවත් කරන්නේ වකුගඩු ගල් හඳුනාගැනීමට උපකාරී වෙන ලක්ෂණයන් කිහිපයක් පිළිබඳවයි.
* වකුගඩු වේදනාව
වකුගඩුවක ගලක් හිරවී තිබුනොත් යටිබඩ ප්රදේශයෙන් විටින් විට වේදනාවක් දැනීමට ඉඩ තිඛෙනවා. හදිසියේම ඇතිවන එම වේදනාව තියුණු එකක් බවට පත්වී කාලයත් සමග වඩාත් නරක අතට පත්වෙන්නට පුළුවන්. යමෙකුගේ ජීවිත කාලය තුල දැරිය හැකි දරුණුම වේදනාවක් ලෙසද එහා හඳුන්වන්නට හැකියාව තිඛෙනවා. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, එම වේදනාව ඉකිලි ප්රදේශයෙන්, ජනනේන්ද්රියෙන් සහ පසුපස ප්රදේශයෙන්ද දැනෙන්නට පුළුවන්.
* වෘක්ක පෞරිතතය
මෙම වේදනාත්මක තත්වය නොනැවතී දිගටම පැවතීමට හෝ විටින් විට නැවත පැමි