SexEducation
ලිංගිකව එකතු වීම ඔබට වේදනාකාරී වෙයිද?
වේදනාකාරී සංසර්ගයට හේතු වන ශාරීරික ගැටළු
සමාජ රෝග
යෝනි මාර්ග ආශ්රිත ආසාදන
ගැබ් ගෙල ආශ්රිත ගැටළු
ගැබ් ගෙල ප්‍රදාහයන්
ඇතැම් මෛථුන්‍ය ඉරියව් නිසා ශිෂ්නය ගැබ් ගෙලෙහි තදින් වැදීම (Doggy ඉරියව්වේදී ශිෂ්නය යෝනි මාර්ගයේ ගැඹුරටම ගමන් කරයි)
ගැබ් ගෙල පිළිකා
ගර්භාෂ ගත ගෙඩි (ෆයිබ්‍රොයිඩ්) ආදිය නිසා
එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය
මෙය නම් ගර්භාෂගත සෛලයන් එයින් පිටත පිහිටීම නිසා , ඔසප් වීම සිදුවන විට ගර්භාෂයෙන් පිටත රුධිරය ගැලීම සිදුවේ.
හෝර්මෝන අසමතුලිතතාවය
වේදනාකාරී සංසර්ගයට හේතු වන මානසික ගැටළු
ලිංගිකත්වය පිළිබඳ මිත්‍යා විශ්වාස සහ දුර්මත.
සංසර්ගය පිළිබඳව ඇති අනිසි බිය.
තම සහකරු පිළිබඳව ඇති සැකය /අවිශ්වාසය.
ඉහත කී කරුණු නිසා යෝනිය සහ ඒ ආසන්න පෙදෙස් වල මාංශ පේශීන් තද වීමක් ඇති වීමට පුළුවන. එසේම යෝනි ශ්‍රාවයන් ඇති වීම හෝ එමගින් යෝනිය ලිහිසිකරණය වීමද නවතියි. එම නිසා ශිෂ්නය සමග රළු ඝර්ෂනයක් සහිත සංසර්ගයක් ඇති වේ. මෙහිදී ඇති වන වේදනාව මනසේ තදින් තැන්පත් වන අතර එය තවදුරටත් වේදනාකාරී සංසර්ගයක් සඳහා අඩිතාලමක් දමයි.
මානසික දුබලතා (ආතතිය, මානසික අවපීඩන ආදී)
මෙහිදී සංසර්ගයට කිසිදු කැමැත්තක් නොදක්වන අතර සහකරුගේ බලකිරීම් නිසා සංසර්ගය සිදුවේ. එවිටද යෝනි ශ්‍රාවයන් ඇති වීම හෝ එමගින් යෝනිය ලිහිසිකරණය වීමද නවතියි.