Health
බත් කෑම නවත්වලා බිස්කට් කෑවට බර අඩුවෙන්නේ නැහැ
බාල මහලු කොයි කවුරුත් පැණි රස කෑමට දක්වන්නේ විශාල උනන්දුවක්ග ඒ අතරින් බිස්කට් වර්ගවල රස බලන්න අපි කවුරුත් කැමතියිග පැණි රසල ක්‍රීම් රසල චොකලට් රසල ක්රිස්පි්ර යන රසාකාර වලින් අනූන වූ කර කර ගා හැපෙන බිස්කට්වල රස බලන්න අපගේ දිව නිතැනින්ම යොමු වේග
ඒ වගේම විවිධ වූ ඖෂධීය ආහාර වර්ග එක්කාසු කරමින් විවිධ රසකාරක යොදාගනිමින් නිෂ්පාදනය කරන බිස්කට් වර්ග අද වෙළඳපොලේ නානා නම් වලින් දක්නට ලැබේග මේ අතර ඇතැම් බිස්කට්වල ඖෂධීය බව සඳහන් කළද බිස්කට් කර කර ගා හැපෙද්දී නම් දිවට දැනෙන්නේ රස කාරකාරකවල මිහිරි රසය පමණිග අපි සියලු දෙනා කෑමට ආශාවක් දක්වන බිස්කට්වලින් සිරුරට කිසිදු හානියක් සිදු නොවන බව බොහෝදෙනාගේ විශ්වාසයයිග ඇතැමුන් සිරුරේ බර අඩු කරගත හැකි හොඳම ක්‍රමය බත් ආහාරයම නොගෙන බිස්කට් කෑම යයි සිතයිග ඇතැමුන් බත් වේල මඟහරවා ගැනීම සඳහා බිස්කට් පැකැට්ටුවක්ම ආහාරයට ගනීග සත්තකින්ම මේ ක්‍රමයෙන් ශරීරයේ බර අඩු වේවිදරෑ
ඒ පිළිබඳව අප දැනුවත් වීම වඩාත් වටින්නේ අප සිතන තරමට බිස්කට් අපගේ සිරුරට එතරම් යෝග්‍ය නොවන නිසායග බිස්කට් සාදන්නේ පිටි හැකිතාක් දුරට වියළි බවට පත් කිරීමෙනිග ක්‍රැකර් බිස්කට් එකක සාමාන්‍ය පාන් පෙත්තක තිබෙන පිෂ්ඨය ප්‍රමාණයට වඩා පිෂ්ඨය අඩංගුයග යම් කිසි පුද්ගලයෙක් බිස්කට් 4ල5 ක් වරකට කෑවොත් එයින් ශරීරයට පාන්පෙති 4 ක් ආහාරයට ගන්නවාට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ලැබේග එනම් කිලෝ කැලරි 275ක් පමණ සිරුරට එකතු වන අතර එයින් උදරය අගල් 1ග5 ක් වැඩිවේග අප නොසිතුවාට මෙම කැලරි ප්‍රමාණය දහනය කර ගැනීමට හොඳින් දහඩිය දමන සේ අප ඇවිදිය යුතුයිග රාත්‍රී ආහාර වේලට පාන් පෙති 2 ක් හෝ 1 ක් තම්බාගත් එළවලු සහ මාළු සමඟ ආහාරයට ගන්නා විට එයින් පෝෂණ ගුණයක් ශක්තියක් අපට ලැබුණද ඇගේ බර අඩු කිරීමට විකල්පයක් ලෙස ගන්නා බිස්කට්වලින් අපේ බර දෙගුණ තෙගුණ වන අතර පෝෂණ ගුණයක්ද නොලැබේග
සීනි සහිත බිස්කට් වර්ග ආහාරයට ගැනීමේදී මේ තත්ත්වය තවත් බරපතල වේග තමාට දියවැඩියාව හැදේවි යන බයට සීනි කෑමෙන් වැළකුණද බිස්කට් කෑ විට සීනි ශරීරයට එකතු වන බව ඔබ හොඳින් මතක තබාගත යුතුයග
එබැවින් ඇග කෙට්ටු වේ යැයි සිතා බිස්කට් ආහාරයට ගන්නා අය තමන් විසින් තමාටම අයහපතක් සිදු කර ගන්නා බවට හොඳින් පැහැදිලි වනු ඇතැයි සිතමුග
ඒ සමඟම දරුවන් බිස්කට් කෑමට ඉතා පි‍්‍රය කරන බව අප හොඳින් දනිමුග දරුවන් පි‍්‍රය කරන දේ දීම දෙමාපියන් විසින් සැමදාම සිදු කරන දෙයකිග එහෙත් දරුවා ආසා යැයි කී පමණින් බිස්කට් පැකට්ටුවක්ම කන්නට දීම එතරම් යෝග්‍ය
නොවේග නිතර දෙවේලේ සෙල්ලම් කරන දුව පැන ඇවිදින කාර්යක්ෂම දරුවෙකුට නම් බිස්කට් 4ල5 ක් දීම වරදක් නැතග හේතුව ඔහු හෝ ඇය බිස්කට්වලින් ලබා ගන්නා සීනි ප්‍රමාණය හෝ කැලරි ප්‍රමාණය දුව පැන ඇවිදින විට දහනය වන බැවිණිග නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්යග පාසලට උදේම පිටවන දරුවා නිවසට පැමිණි පසු දවල් ආහාර ගෙන එක තැන වාඩි වී විිවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ ප්‍රචාරය වන කාටුන් නරඔතිග නැතිනම් අතිරේක පන්තිවලට යයිග කිසිදු ක්‍රීඩාවක හෝ සෙල්ලමකට සහභාගී නොවේග
එවිට රාත්රියේදී පොත් පාඩම් කර නින්දට යයිග මෙවැනි දරුවන් පැණි රස මෙන්ම බිස්කට් වර්ග ආහාරයකට ගැනීමෙන් ඔවුන්ගේ සිරුරේ මේදය තැන්පත් වෙයිග දරුවෙකුට දවසකට ශක්තිය කිලෝ කැලරි 2500 ක් අවශ්‍යයග වැඩි හිටියෙකුට ක්‍රිලෝ කැලරි 1500 ක් අවශ්‍යයග නමුත් වර්තමානය අපේ ජීවිත රටාව සැකසී ඇති අන්දම අනුව බලන කළ දරුවන් මෙන්ම වැඩිහිටියන්ද මේ ප්‍රමාණය ඉක්මවා සිටීග
අප ගන්නා ආහාර ශරීරයේදී දහනය විය යුතුයග ආහාර ගෙන එකතැන වාඩි වී සිටියොත් හෝ කම්මැලිකමට නිදාගෙන සිටියොත් දහනය වන්නේ නැතග ආහාර ශරීරයේ දහනය කරවීමට නම් වැඩිපුර ශක්තිය යොදා සෙල්ලම් කිරීමග දිවීමල ව්‍යායාම් කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතුයග එසේ නොමැති නම් පිටි කෙටීමල මිදුල් අතුගෑම ල කුඹුරු වැඩල කම්කරු වැඩ ආදි කය වෙහෙස වන වැඩවලට දායක විය යුතුයග එවිට අප ගන්නා ආහාර දහනය වී අනවශ්‍ය ප්‍රමාණයක් සිරුරේ තැන්පත් නොවේග මේ අනවශ්‍ය කාබෝහයිඩ් ප්‍රමාණය මේදය බවට පත්ව ශරීරයේ තැන්පත් වේග දිගින් දිගටම බහුල වශයෙන් ආහාර ගෙන මේදය නිසා ස්ථුලතාවය ඇතිවෙයිග ස්ථුලතාවය බෝ නොවන රෝග වන දියවැඩියාවල හෘද රෝගල පිළිකා රෝග යනාදි අධි රුධිර පීඩනයල වැනි රෝගවල මඟ පාදා දේ එබැවින් සිරුරේ බර හැමවිටම අඩු කරගන්නට උත්සාහ කරන්නග
සෞඛ්‍ය අධ්‍යාපන කාර්්‍යාංශයේ දේශනයක් ඇසුරෙනි
දීප්ති ෆොන්සේකා
curtesy :dinamina.lk/