Health
ප්‍රතිකාරයට වඩා ඉන් වැළකී සිටීම වඩාත් යෝග්‍යයි
ජීවිතයේ නිරෝගීකම හා සතුට ළඟාකර ගැනීමට ලෙඩරෝග ජීවිතයෙන් පළවා හැරිය යුතුයිග නමුත් ඒ සඳහා ජීවිතය අප හැඩගස්වා ගත යුත්තේ කෙළෙසදරෑ රෝගකාරකල ජීවිතයට ඇතුළුවන්නට පෙර මුලිනුපුටා දැමීමට වගබලා ගත යුතුයිග එවිට ලෙඩක් දුකක් වැළඳෙන්නට පෙර ඉන් බේරී ඉවත්වීමට අපිට හැකිවේග
කෙසේවෙතත් රෝගයක් වැළඳෙන්නට නොදී ඉන් වැළකෙන්නේ කෙසේදරෑ ආයුර්වේදයේදී හඳුන්වා දෙන ප්‍රධාන සිද්ධාන්තයක් ද වනල රෝගයක් වැළඳී ප්‍රතිකාර කර සුව වනවාට වඩා වැළෙඳන්නට එන රෝගයන්ගෙන් ආරක්ෂාවීම වඩා වැදගත් බව ආයුර්වේදය පෙන්වා දෙයිග
වසර 6000 ක ඈත අතීතයට දිවෙන ආයුර්වේදය ආයුෂය සෙවීම සඳහා ගොඩනැගුණු බවත් එය ජීවිතය යන්න කුමක්ද කියා සොයන අවධියක වූවක් බවත් විශ්වාස කෙරේග ඉන්දියාවේ පැවති යෝග දර්ශනයල පතංජලී දර්ශනයල වෛශේෂික දර්ශනය සමගාමීව ගොඩනැගෙන ආයුර්වේදය මේ සියල්ලන්ගෙන්ම ජීවිතය සෙවීමට පටන් ගනීග ඒ අනුව ආයුෂ පවත්වා ගන්නා වේදය ආයුර්වේදය යැයි නිගමනය කොට ඒ සඳහා නිරෝගීකම රඳවා ගැනීමට හෝ එය පවත්වා ගැනීමට වෙහෙසීම ප්‍රධානව ගනීග
ජීවිතය ගෙවන ආකාරය
ආයුර්වේදය උපතේ සිට මරණය දක්වා ජීවිතය ලෙඩ රෝග වලින් මිදෙන ආකාරය හා ගෙවන ආකාරය කියා දෙන හොඳ තෝතැන්නකිග එසේම ඍතු වර්ගීකරණයල වයස අනූව වර්ගීකරණයල ස්ත්රීල පුරුෂල දවසල ආදී වර්ගීකරණයන්ට අනූව ජීවිතය ගත කරන්නට උපදෙස් දී ඇතග
සද්වෘත්ත හෙවත් නිරෝගී බව ඇති කිරීම පංචේන්ද්‍රිය පාලනය මෙමඟින් සිදුවේග මෙලෙස මිනිස් ක්‍රියාකාරකම් නිසි පිළිවෙළකට සිදුකිරීමට උගන්වයිග
දින චර්යාව
පුද්ගලයකු දවස ගත යුතු ආකාරය දින චර්යාවයිග මින් පහදා දෙන්නේ අපගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය රැක ගැනීමට කුමක් කළ යුතුදැයි වටහා ගැනීමයිග
සාමාන්‍ය දින චර්යාව මෙලෙස සඳහන් වෙයිග
ෆබ්රහ්ම මූර්තියෙන් අවදිවීමග :හිරු උදාවට විනාඩි 48කට පෙර- මේ සඳහා ඉතාම යෝග්‍ය කාලය වන්නේ සිරුරෙහි නිර්නාල ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය වැඩිම අවධිය මෙය වීමයිග මේ අවධිය තුළ මනස නිරවුල්ව පවතියිග
ෆඅනෙක් කරුණ නම් කාල කළමනාකරණයට පහසුවීමග දවසේ අනෙකුත් වැඩ කටයුතු කර ගැනීමට කාලය ඉතිරි කර ගැනීමට මෙමඟින් යොමුවේග
ෆමනසේ නිරවුල් භාවය වැඩිවෙයිග
ෆමේ අවධිය තුළ පිරිසුදු වාතය ලැබීම තවත් වාසියකිග
ෆකුරුල්ලන්ගේ මිහිරි ශබ්ද කනට ඇසීමට සිරුර හා මනස ප්‍රබෝධමත් වන තවත් අවස්ථාවකිග
සිරුරට අහිතකර වන අවස්ථා
හිරු උදාවට පෙර අවදිවීම සමහර පුද්ගලයන්ට සුදුසු වන සෞඛ්‍ය කාරණයක් නොවෙයිග එසේ වන්නේ මේ සඳහා කුඩා දරුවන්ල රෝගී අයල ගර්භනී මුල් අවධිය සහ වයස්ගත අය ඇතුළත් වන නිසායග මෙහිදී විශේෂයෙන්ම කුඩා දරුවන්ට නින්ද අත්යවශ්යයයිග එබැවින් ඔවුනගේ ඒ නින්ද ලබා ගැනීම අවශ්‍ය නිසා අලුයම පිබිදීම සුදුසු නැතග
චර්යාවන්
තමාගේ පිරිසුදු බව ආයුර්වේදයේ ඉහළින්ම සලකන මූලධර්මයකිග බ්‍රහ්ම මූර්තියෙන් අවදි වී මුහුණ කට සෝදා හිස්බඩම පිරිසුදු ඇල් ජලය වීදුරුවක් පානය කිරීම සුදුසු ක්රියාවකිග මෙහිදී සිදුවන්නේ රෝග ඇතිවීමට බලපාන ආහාර මාර්ගයේ ගැටලු සමථයකට පත්වීමයිග ඒ සඳහා හොඳින් සිරුරේ ඉන්ද්රියයන් උත්තේජනය කර දීමග පසුව මුඛයල ඇස්ල නාසයල දත්ල දිව වැනි ඉන්ද්රියයන් පිරිසුදු කරයිග අතීතයේ මිනිසා මෙය පිරිසුදු කිරීම් විවිධ ලෙස කර ඇතග මෙම පිරිසුදු කර්ම අංජන කර්ම ලෙස ඇස්වලටදල නශ්යකර්ම ලෙස නාසයටදල ආලේපන කර්ම ලෙස මුහුණට ද සිදුකර ඇතග පසුකාලයේදී මේවා වර්ධනය වී රූපලාවන්‍ය කටයුතු ලෙස යොමුවී ඇතග නාසයෙන් වැගිරෙන සෙම් සොටු ආදිය අඩුකර දෙයිග නාසය පිරිසුදු කර දෙයිග එවිට හිසකෙස් වැටීම අඩුවී යයිග කටහඬ පැහැදිලි වෙයිග අකලට හිසකෙස් සුදුවීම නතර කර දෙයිග ආහාර රුචිය වැඩි කරයිග
ආහාර
සාමාන්‍යයෙන් දැඩි බඩගින්නක් එන්නට පෙර ආහාර ගත යුතුයිග සාමාන්‍යයෙන් උදෑසන ආහාරය වැඩිපුරද දහවල සාමාන්‍ය මට්ටමින්ද රාත්‍රී ආහාරය අවම ප්‍රමාණයෙන් ද ගත යුතුයිග එසේම රාත්‍රී ආහාරය ගත යුත්තේ ඉර අවරට යන්නට පෙරග පිරිසුදු ස්ථානයක මානසික නිරවුල්තාවයකින් යුතුව ආහාර ගත යුතුයග
උදාහරණ - දුකල සන්තාපයල ශෝකයල බය නැති අවස්ථාවක් වීම වැදගත්ග
ෂඩ් රසින් යුතු ආහාර වේලක් ගත යුතුයග මධුරල අම්ලල ලවණල කටුල තිත්තල ක්ෂාය ආදී රසින් යුතු සමබල ආහාරයක් ගත යුතුයිග සරලව සඳහන් කළහොත් දේදුන්නේ පාට මෙන් ඔබේ බත් පිඟාන වර්ණවත් විය යුතුයිග
අරමුණ
රෝගයක් ඇතිවන්නට පෙර වළක්වාලීම මෙහි ඇති ප්‍රධාන කරුණයිග
උදාහරණ - ව්‍යායාමය කරන අතරතුරදී අධික මහන්සියක් පැමිණෙයි නම් ව්‍යායාමය නතර කළ යුතුයිග
ප්‍රතිකාර
පරිසරයේ බලපෑම මිනිසාගේ සිරුරේ පවතින දෝෂවල වෙනස්වීමට ඉවහල්වේග ඒ නිසා රෝගයකට ප්‍රතිකාර කිරීමේදී රෝග විනිශ්චය වෛද්‍යවරයකුගේ නිර්දේශය අනුවම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයිග මන්දයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔහුගේ ස්වස්ථභාවය හෙවත් ශාරීරික නිරෝගීතාවය වෙනස්වන නිසාග එබැවින් මේ තත්ත්වය කෙසේ සරල වුවත් වෛද්‍ය නිගමන මෙහිදී ප්‍රධාන වේ
curtesy :
dinamina.lk