Life
තත්පර 30 කින් ඔබගේ හිසරදය සහ ආතති තත්වය මග හරවා ගත හැකි විශ්මිත ක්‍රමවේදය මෙන්න
හිසරදය කියන වචනයේ කරදරකාරී බව නොවිදපු පුද්ගලයෙක් මෙලොව නොමැත. එය එතරම් පුද්ගලයකුගේ සාමාන්‍ය ජීවිතයට බලපාන දෙයකි. බොහෝ දෙනකු හිසරදයක් ඇතිවූ විට සාමාන්‍යයෙන් එය දරාගෙන සිටින අතර සමහර වේලාවන්ට එය අතිශය උත්සන්න වේ. එවැනි වේලාවන්ට වේදනා නාශක ඛෙහෙත් පාවිච්චිකර එම තත්වය සමනයකර ගනී. මෙම හිසරදය සමග බහුලවම ඇසීමට ලැඛෙන අනික් වචනය නම් ආතතියයි. නමුත් හිසරදය ඇතිවීමට එකම හේතුව ආතතිය නොව. මේ සදහා නොයෙකුත් සාධක බලපායි.
ඔබ දන්නෙහිද මෙලෙස නිතරම වේදනා නාශක ඛෙහෙත් වර්ග පරිහරණය ඔබේ ශරීරයට නුසුදුසු බව? ඒ සදහා ඔබට භාවිත කල හැකි සරල පහසු ප්රතිපඵදායි විකල්ප ක්රමයකි ඇකියූප්රෙෂර්. මොකද්ද මේ ඇකියූප්රෙෂර් කියන්නේ? ඇකියූප්රෙෂර් යනු චීන කටුචිකිත්සාවේදී ඔවුන් සලකනු ලබන දේහයේ නිශ්චිත ස්ථාන මත අප විසින් කිසියම් ආකාරයක් පීඩනයක් ලබා දීමය. මෙය තමාටම කරගත හැකිවීම මෙහි ඇති විශේෂ වාසියයි. මෙහි අනික් වාසිය වනුයේ ඉක්මන් ප්‍රතිපල ලැබීමයි. එසේ නම් මෙය සිදුකරන්නේ කෙසේ දැයි දැන ගනිමු.
1. පළමුව ඔබේ අතේහි අල්ල ඇදෙන පරිදි ඇගිලි දිගහරින්න.
2. දෙවනුව ඔබේ මහපට ඇගිල්ල සහ දබර ඇගිල්ල ඇත් වන පරිදි තබන්න.
3. අනතුරුව ඔබේ අනෙක් අතේ ආධාර ඇතිව එම ඇගිලි දෙක අතර ඇති මන්සල ප්‍රදේශය තත්පර 30 ක පමණ කාලයක් තරමක ප්‍රමාණයේ පීඩනයක් යෙදෙන පරිදි අල්ලාගෙන සිටින්න.
4. ඔබ මෙම ක්‍රියාවලියේ නිරත වන අතරේ ඔබේ ආතතිය අඩුවෙනවාද නැද්ද ඔබම නිරීක්ෂණය කරන්න.
එසේනම් තවදුරටත් විවිධ වේදනා නාශක භාවිත කිරීමට අවශ්‍ය නැත. ඔබම අත්හදා බලන්න මෙම විශ්මිත ක්‍රමවේදය. විශ්ෂයෙන් සැලකිලිමත් විය යුතුයි ගර්භනී අවධියේ පසුවන කාන්තාවන් සදහා මෙය සුදුසු නැත. හේතුව මෙමගින් ඔවුන්ගේ අකුලතාවයන් වැඩි වන අතර සමහර විට ගබ්සා තත්වයක් වුවද ඇති විය හැක.