Life
ගර්භණී සමයේ වමනය යාමට බලපාන වෙනත් හේතු
පිළිසිඳ ගැනීමක සුබ පෙර නිමිත්තක් ලෙස සෑම විටම වමනය යාම සලකන්න බැහැ. වෙනත් හේතූන් නිසාද වමනය යාමට පුළුවන්. දරුවකු පිළිසිඳ ගත් මවක් වුවත් වෙනත් රෝගවලට ගොදුරු විය හැකියි. ඩයරියා, වමනයත් සමඟ රුධිරය පිටවීම, ඇස්, සම කහ වීම, අධික උෂ්ණත්වයක් තිබීම (උණ), උදර වේදනාව වැනි ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් පතන්න. අධිකව වමනය යාම නිසා මව විජලනයට පත්වීමට පුළුවන්. එනිසා තද බල ලෙස වමනය යනවා නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මුත්‍රා මාර්ගයේ ආසාදන නිසාද, ස්වසන මාර්ගයේ ආසාදන නිසාද, වමනය යාමට ඉඩ තිබෙනවා. හෙපටයිටීස් වමනයට හේතුවෙන තවත් කාරණයක්. වමනයට හේතුව මේ කිසිවක් නොවේනම් ගර්භණී සමයේදී ඇති වෙන හයිපොරෙමිසස් ග්රැවිඩාරුම් නම් අධිකව වමනය යාමේ තත්ත්වයට මව ගොදුරු වී සිටිනවා කියා අනුමාන කරනවා. එවිට වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින්ම අවශ්‍යයි.
වමනය ඇතුළු අපහසුතා අඩු කිරීමට කළ හැකි දේ...
* ආහාර වේලකට පෙර හෝ පසු පැය බාගයක් යන තුරු ජලය ඇතුළු පාන ගැනීම සිමා කරන්න. ආහාර සමග පාන වර්ග නො ගන්න.
* දවස පුරාම දියර වර්ග ස්වල්ප වශයෙන් පානය කරන්න. විජලනය ඇති නොවීම සඳහා ජලය, පාන වර්ග ස්වල්ප වශයෙන් පානය කරන්න. විජලනය ඇති නොවීම සඳහා ජලය, පාන වර්ග ස්වල්ප වශයෙන් හෝ ගත යුතුයි.
* උදෑසන ඇඳෙන් නැගිටීමට මිනිත්තු 15 කට පෙර කී්රම් ක්‍රැකර් වැනි යමක් කෑමටගන්න.
* කෑමට ආසා සිතෙන ඕනෑම කෑමක් ආහාරයට ගන්න.
* වෙනත් කෙනකුට කියා පිසූ ආහාර කෑමට ගන්න. ආහර සුවඳ අමිහිරි නම් එම තැනින් ඈත් වන්න. එසේත් නැත්නම් ආහාර සුවඳ බැහැර වනසේ ජනෙල් පියන් හැර තබන්න.
* දවස පුරා හැකි තරම් විවේක ගන්න. කෙටි නින්දක් ලබා ගන්න.
* උණුසුම් තැන්වලින් ඈත්වන්න. උණුසුම් පරිසරය නිසා වමනය ස්වභාවය වැඩිවෙනවා.
* දෙහි, ඉඟුරු සුවඳ විඳින්න. ලෙමනේඩ් පාන, ඉඟුරු බිස්කට් වැනි කෑම වමනය අඩු කරන ආහාරපානයි.
* අර්තාපල් පෙති කෑමෙන් ආහාර ගැනීමට ප්‍රිය මනාප බවක් ඇති වෙනවා.
නොකළ යුතු දේ.
* ආහාර ගත් පසු නිදා ගැනීමෙන් වළකින්න.
* ආහාර වේල් මග නොහරින්න.
* කුළු බඩු අධිකව යෙදූ ආහාර නොගන්න.
මෙලෙසින් ක්‍රියා කළහොත් ඔබේ අපහසුතාවයට සහනයක් ලබාගත හැකිවේවි.
curtesy :
lady.lk