Beauty
ආයුර්වේද රූපලාවණ්යයෙන් දෙපා සත්කාර
නොගැළපෙන පාවහන්
තම පාදවලට වඩා කුඩා පාවහන් පැලඳීමෙන් විළුඹ පිටුපස හා ඇඟිලි ආශි්රත සම ඝනවී වේදනාකාරී විය හැකිය. ඒ පාදවලට ඉඩකඩ මඳවීමෙන් ඇතිවන අධික තෙරපුම නිසාය. මෙවිට නිරුවත් දෙපා අවලස්සනට පෙනීමට ඉඩ ඇත. සැබවිටම තම පාදවලට සරිලන ලෙස සුවපහසු පාවහන් තෝරා ගැනීමට කටයුතු කරන්න.
මේස් භාවිතය
ඔබ සපත්තු සමඟ දිනපතා පළඳින මේස් පිරිසුදු විය යුතුය. අපරිසුදු මේස් පැළඳීමෙන් සමෙහි සුළු සීරීම් ආදිය ආසාදනයට ලක්වෙන්න ඉඩ තිඛෙනවා. ඒ විතරක් නොවේ දිනපතා මේස් පිරිසුදු නොකරන විට සහ තෙතමනය සහිත මේස් පැලඳීමෙන් පාදවල දුර්ගන්ධයක් ඇතිවේ. මෙහි වැදගත් කාරණයක් වන්නේ වැඩිපුර උසින් යුතු පාවහන් පැලඳීමෙන් වැළකීමයි. පාවහන්වල අඩිය පමණට වඩා උසින් වැඩිවන විට සමබරතාවට හානියක් සිදුවනවා වගේම කාලීන වශයෙන් කොන්දේ වේදනාව වැනි රෝග අවස්ථා ඇතිවිය හැකිය.
නිය පිරිසුදු කරන්න
පාදවල නිය පිරිසුදුව තබා ගත යුතුය. ඒවායේ නිය දිරාපත් වී ඇත්නම් ඒ කොටස් කපා දැමිය යුතුය. නියමිත කාලයකට වරක් නිය කොටට කපා දැමිය යුතුය. එසේම නිය හොඳින් පිරිසුදු කළ යුතුය. මේ සඳහා ර්
(under the courtesy of goodhousekeeping.lk web)