Beauty
අඩු වියදමින් ගෙදරදීම ලස්සන වෙන්න..
කාන්තාවන් වශයෙන් අපි කවුරුත් ලස්සනට ඉන්න ඛෙහෙවින්ම කැමැතියි. ලොකු මුදලක් වැය කරලා එක එක වර්ගයේ ආලේපන මුහුණේ ගැල්වීමෙන් ඔබට අහිතකර ප්‍රතිවිපාක රාශියක් උරුම වෙන්න පුළුවන්. ඉතා සුළු ගාණක් වියදම් කරලා තමන් විසින්ම නිපදවා ගන්නා පුංචි ප්‍රතිකාරයක් අපට මොනතරම් විශ්වාසවන්තද?
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී රංජනී ගුණරත්න
ස්වාභාවික දේවල් අනුසාරයෙන් නිපදවා ගන්නා ඕනෑම ආලේපනයකට එකතු කරගන්නේ අපි ජීවත්වෙන පරිසරයේම අඩංගු දේවල්. ඒ වගේම නැවුම් පලතුරු මෙන්ම එළවළු වර්ග දෛනිකව ආහාරයට ගැනීම තුළින්ද අපට පැහැපත් මෙන්ම නිරෝගී පෙනුමක් ලබාගන්න පුළුවන්. කෘත්‍රිම ආලේපන නිෂ්පාදනය කරලා නිකුත් කරන දවසේ ඉඳන් අවුරුදු එකක් හෝ දෙකක් භාවිත කරන්න හැකියාව තිඛෙනවා. නමුත් ස්වාභාවික ආලේපන එහෙම එතරම් කාලයක් භාවිත කිරීමට කිසිදු හැකියාවක් නැහැ.
ලස්සන වෙන්න කියලා අපි වෙළෙඳසල්වලින් මිලදී ගන්නා නිෂ්පාදන ඕනෑ තරම් තිඛෙනවා. නමුත් එම ආලේපනය තුළ මොනවද ඇතුළත් වෙලා තියෙන්නේ, මොනවද ආලේපනයෙන් ලැඛෙන්නේ කියන දේ ගැන අප කවමදාකවත් අවධානය යොමු කරන්නේ නැහැ. ඒ නිසා අපට අහිතකර තත්ත්ව, ගැටලුකාරී තත්ත්වවලට මුහුණදීමට සිදුවෙනවා. ඒ අතර මුහුණ තුවාල වීම, සමට හානි පැමි
(under the courtesy of goodhousekeeping.lk web)