2017 ඔක්තෝබර් මස 27 වෙනිදා සෙනසුරු මාරුව ගැන මෙන්ම එය රටටත් අපටත් බලපාන්නේ කෙසේදැයි කරන ලද සාකච්ඡාව තවමත් ඉවර වී නැත. 2017 ජනවාරි ධනු රාශියට සෙනසුරු මාරු වූ බවත් ජූනි මාසයේ ආපසු හිටපු තැනටම හෙවත් වෘශ්චික රාශියටම ගිය බවත් නැවත ඔක්තෝබර් 27 ධනුවට ආ බවත් ශනි 2020 දක්වා එහිම ගත කරන බවත් කියවිණි.
මේ අනුව පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි මාධ්‍ය වලින් පමණක් නොව විවිධ වෙබ් අඩවි වලින්ද මේ ග්‍රහ මාරුව ගැන සාකච්ඡා කෙරුණි. ඊට ප්‍රධාන හේතුව වූයේ ශනි හෙවත් සෙනසුරු දුක දෙන ග්‍රහයා බවට සමාජය තුළ පිළිගැනීමක් තිබීමයි. කවුරුත් දුකට කැමැති නැත. ඒ නිසා අපල තිබූ අය තම දුක් නිමාවට පත් වේ යෑයි ද සමහර අය දුක් කරදර උදාවේ යෑයිද විශ්වාසයෙන් මේ සුවිශේෂී ග්‍රහ මාරුව ගැන සොයා බැලුවෝය. අපල දුරු කර ගන්නා හැටිද සාකච්ඡා කරන ලදී.
මේ අතර දිවයින නැකත සංස්කාරක තුමා අප වෙත දන්වා සිටියේ විශේෂ ආරංචියකි. එනම් සෙනසුරු තවමත් මාරු වී නැති බවත් එය සිදු වන්නේ දෙසැම්බර් මාසයේ බවත් සමහර අය විශ්වාස කරන බවය. ඉතින් අපගේ හිතවත් පාඨක පිරිස වෙත මේ ගැන විස්තර කිරීමට 'නැකත' ට උවමනා වී තිබේ. එය කාලෝචිතය.
කුමන ග්‍රහයෙක් හෝ මාරුවන්නේ කවදාද යන්න ජනතාවට ප්‍රකාශ කරනු ලබන්නේ මෙරට පළවන ලිත් මගිනි. ජ්‍යෙdතීර්වේදීන්ගේ අත්පොත වන 'ලිත්' ගණනාවක් මෙරට පළවේ. වසර 162 පමණ පෙර සිට ප්‍රකාශයට පත් කෙරෙන ඈපා පංචාංග ලිත අනාදිමත් කාලයක සිට ජනතාව විශ්වාසයෙන් පරිහරණය කළ බව ඇත්තකි.
ඉන්පසුව ලංකා පංචාංග ලිත, ග්රස්ඵුට ලිත, ඉසිකර පංචාංග ලිත, ඉරණම පංචාංග ලිත වැනි ලිත් කිහිපයක් ප්‍රකාශයට පත් කෙරේ. මෙයට අමතරව කීර්තිමත් ගුරුවරයෙකු වූ බණ්ඩාරවෙල ඇස්. ඩබ්. කස්තුරිරත්න මහතා විසින් ප්‍රකාශයට පත් කළ 'ගෝචර ඵල' නම් පොතේ වසර දහස් ගණනක සිදුවන හා සිදු වූ ග්රහමාරු දක්වා තිබීම සුවිශේෂී.
ලංකාවේ සිංහල ජ්‍යෙdතීර්වේදීන් බහුලව මෙම ලිත් භාවිත කරන අතර ග්‍රහ මාරු ගැන දැනගත්තේaද මෙම ග්රහමාරු නිසා ඇතිවන සුබා සුබ ප්‍රකාශ කරන්නේද ඒ අනුවය. මේ අතර ඉන්දියාවේ පළකෙරෙන ලහිරී ලිත හා බ්‍රිතාන්‍යයේ පළකෙරෙන රµdයෙල් ලිත ද භාවිත කරන අය සිටී.
මෙයට අමතරව ද්‍රවිඩ භාෂාවෙන් පළකෙරෙන 'වාක්‍යම් පංචාංග' නම් ලිත යාපනයේ ප්‍රකාශයට පත් කෙරේ. මෙම ද්‍රවිඩ ලිත අනුව ද ග්‍රහ මාරු වන දිනයන් පළ වෙනවා ඇත. සෑම ලිතකම පංචාංගය යනුවෙන් කරුණු පහක් අන්තර්ගත වේ. දිනය, නැකත, තිථිය, යෝගය, කරණය යනු ඒ අංග පහයි. තවදුරටත් ඒ ග්‍රහයින් දැනට සිටින රාශිය හා මාරුවන දින, රාශි ආදිය ද සූර්ය ග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ ආදිය ද සුබ නැකත් ද මෙම ලිත් වල පල කරනු ලැබේ.
ග්‍රහ චලිතය ගැන නවීන තාරකා විද්‍යාව දරන අදහස් හා සොයාගැනීම් ගැන සලකා බලන විට ඊට එහා දැනුම් සම්භාරයක් පුරාණ මුතුන් මිත්තන් සතුව පැවැති බව ලිත් පිළිබඳ ඉතිහාසය හදාරන්නකුට දැනගත හැකි වන්නේය.
මක් නිසාද යත් සූර්යයා වටා පෘථිවිය කැරකෙනවාද නැතිනම් පෘථිවිය සූර්යයා වටා කැරකෙනවාද යන ගැටළුවට පිළිතුර දුරේක්ෂය නිර්මාණය වීමත් සමඟම විසඳුවේ වර්ෂ 1600 පමණය. නමුත් ග්‍රහ චලන සටහන් වන ලිත ලෝකයට බිහි වී ඇත්තේ ඊට බොහෝ පෙරය. ඒ ගැන මඳක් විමසා බලමු.
ලිත
ලිත් පළ කිරීම ආරම්භ වූයේ පුරාණ බැබිලෝනියන් තාරකා විද්‍යාවේ අතුරු ඵලයක් ලෙස බව ඒ පිළිබඳ විමසන විට පෙනී යයි. එය බැබිලෝනිsයානු ලිත Babylonian Almanac යනුවෙන් හඳුන්වන ලදී. ලතින් භාෂාවෙන් ලියවුණු ලිත් ක්‍රිස්තු වර්ෂ 1088 තරම් ඈත කාලයේදී බිහි වූ බව සඳහන් වී තිබේ. මෙම ලිත් මගින් විවිධ ග්‍රහ මාරු, එම දිනයන් මෙන්ම ගොවිතැන් කිරීමට අවශ්‍ය නැකැත් වෙලාවන් ද ප්‍රකාශයට පත් කරන ලදී.
පසුව ග්‍රහ මාරු වලට සීමා නොවූ ලිත් එම ග්රහමාරු වලින් රටට හෝ ජනතාවට විය හැකි සුබා සුබ හෙවත් පලාපල ඉදිරිපත් කිරීම දක්වා සංවර්ධනය විය. දොළොස්වන සියවසේ බිහි වූ එවැනි ලිත් පිටපත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ මෙන්ම කේම්බ්‍රි- හා ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාල වලද තැන්පත් කර තිබේ. ප්‍රථම මුද්‍රිත ලිත බිහි වී ඇත්තේ 1497 දීය.
16 වන ශත වර්ෂය වනවිට එංගලන්තයෙන් වාර්ෂිකව ලිත් ප්‍රකාශයට පත් වීම ආරම්භ විය. එය අලෙවියෙන් දෙවැනි වූයේ ශුද්ධ බයිබලයට පමණි. (By the second half of the century, yearly, almanacs were being produced in England by men such as Anthony Ask ham…… ) In the 17th Century" English almanacs were bestsellers, second only to the Bible.)
මේ වනවිට ලෝකයේ බෙහෝ රටවල ලිත් පළ වෙයි. විකිපීඩියා වෙබ් අඩවිය අනුව බ්‍රසීලයේ ලිත් පහක්ද, කැනඩාවේ ලිත් දෙකක්ද, බ්‍රිතාන්‍යය, බෙල්ජියම, ප්‍රංශය හා ජර්මනිය, ග්‍රීසිය, ඇමෙරිකාව, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය රටවල ද විශේෂයෙන් ඉන්දියාවේද විවිධ ලිත් පළ කෙරේ. ජර්මනිය එරට ගොවියන්ට අවශ්‍ය නැකැත් ද මෙම ලිත් හා කැලැන්ඩර මගින් පළකරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ ලිත් පළ කිරීම ආරම්භයට පෙර හා පසුවද ශාස්ත්‍රඥයන් අතර භාවිත වූයේ එංගලන්තයේ රµdයෙල් හා ඉන්දියාවේ පළ කෙරෙන ලහිරි ලිත යන ලිත් දෙක වේ. ඇමෙරිකාවේ පමණක් ලිත් 17 ක් වාර්ෂිකව ප්‍රසිද්ධ කරනු ලැබේ.
ග්‍රහ මාරු සිද්ධවන දිනයන් ගණනය කොට ඇති මෙම ලිත් ඒ සඳහා පදනම් කර ගන්නේ ඒ ඒ රටවලට ආවේණික ජ්‍යෙdaතිෂ සිද්ධාන්ත වේ. පුරාණ සිද්ධාන්ත විවිධ රටවල වෙනස්ව භාවිත වේ. ප්‍රධාන වශයෙන් බැබිලෝනියාව ඉස්ලාම්, හින්දු හා චීන සම්ප්‍රදායන් තුලදී මේ ගණනය කිරීම් වල සුළු වෙනස්කම් දක්නට ලැබේ.
ඉන්දියානු ග්‍රහ ගණිතයේදී ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ Surya Siddhantha සහ Grahalaghava යන ක්‍රම වේ. මේ යටතේ වසර 1957 සිට 'නැෂනල් පංචාංග' හෙවත් 'ඉන්දියන් නැෂනල් කැලැන්ඩර්'ප්‍රකාශයට පත්කරයි.
කෙසේ නමුත් මෙම ලිත්වල අයනාංශ ගණිතය පිළිබඳව ඇති සුළු සුළු වෙනස්කම් හේතුවෙන් ග්රහමාරු ආදී විස්තර වලද වෙනස් දිනයන් සඳහන් වනු දැකිය හැක. එයට හේතුව නිරයන රාශි චක්‍රය ආරම්භ වූ ස්ථානයේ තිබුණ ලෙස සැලකෙන රේවතී නම් ප්‍රධාන පන්තියේ තාරකාව විනාශ වීම නිසා ඒ ඒ ජ්‍යෙdතිෂ්ශාස්ත්රඥවරු තමාගේ ගණින ක්‍රම අනුව සාදා වෙනස් අයනාංශ ඉදිරිපත් කිරීමයි. ඒ මෙසේය. (ක්‍රි.ව.1900 ජන.)
හින්දු ජ්‍යෙdතිර් ගණිතය 18දු 39දු 25'
සිද්ධාන්ත ශිරෝමනි 20දු 59' 22'
බී.වී. රාමන් 20දු 59' 11'
සූර්ය සිද්ධාන්තය 21දු 39' 49'
තාජිත නීලකන්ඨ 22දු 07' 23'
ලහිරි ඉන්දියන් ලිත 22දු 27' 23'
ක්‍රිෂ්ණමූර්ති මහාබාලා ලිත් 22දු 22' 09''
මෙයින් පෙනී යන්නේ ලෝකය පුරා ප්‍රකාශයට පත් කෙරෙන ලිත්වල සුළු සුළු වෙනස්කම් සහිතව ග්රහමාරු පෙන්වන බවය. කෙසේ නමුත් එම දින ගණන් ආසන්න දින ගණන් වනවා මිස මාස ගණනින් වෙනස් වන්නේ නැත.
ඉහත සදහන් කළේ විවිධ ග්රහයින්ගේ ගමන සම්බන්ධව ප්‍රකාශයට පත්කෙරෙන ලිත පිළිබදව කෙටි සටහනකි. මෙම සාකච්ඡාවට මුල්වූයේ සෙනසුරු ග්‍රහයා ඔක්තෝබර් 26 වැනිදා මාරුවීම නිවැරදිද යන්නයි.
ශ්‍රී ලංකාවේ ප්‍රසිsද්ධියට පත්කෙරෙන විවිධ ලිත් වල සෙනසුරු මාරුවීම ගැන සඳහන් වන්නේ මෙසේය.
ඈපා පංචාංග ලිත ඔක්තෝබර් 26 සවස 3.32 ධනු
ලංකා පංචාංග ගෘහස්ඵුට ලිත ඔක්තෝබර් 26 සවස 3.31 ධනු
ඉසිකර පංචාංග ලිත ඔක්තෝබර් 26 සවස 3.28 ධනු
ලංකා පංචාංග ලිත ඔක්තෝබර් 26 සවස 3.28 ධනු
එම සටහන් දෙස බලනවිට පෙනී යන්නේ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයාගේ මාරුවීම ගැන සිංහල භාෂාවෙන් පළවන සෑම ලිතක්ම බොහෝදුරට සමානකම් දක්වන බවයි. විනාඩි දෙක තුනක වෙනසක් පමණක් පවතී.
එසේ වුවත් ද්‍රවිඩ භාෂාවෙන් පළවෙන 'වාක්‍යම් පංචාංග ලිතේ' ශනි මාරුව පමණක් නොව අනෙකුත් ග්‍රහ මාරු ද පෙන්වන්නේ දින ගණන වෙනස්කම් සහිතව බව පෙනේ. කෙසේ නමුත් දැනට අවුරුදු 163 පෙර සිට ප්‍රකාශයට පත්කෙරෙන සාම්ප්‍රදායික ඈපා පංචාංග ලිතත් , අනෙකුත් ලිත් කිහිපයත් අතර සමානකම් දක්වන බැවින් චිරාත් කාලයක් මුළුල්ලේ ලක්වාසීන් භාවිත කළ මෙම ගණිත ක්‍රම විශ්වාසදායක බව තහවුරු කළ හැකි වේ.
එබැවින් සෙනසුරු ඔක්තෝබර් 26 වෙනිදා ධනු රාශියට මාරු වූ බවත් එය සිදුවන්නේ දෙසැම්බර් මාසයේ විය නොහැකි බවත් නිගමනය කළ හැකිය. තවද වසර 2020 ජනවාරි මස 24 වැනි දින උදේ 9.50 දක්වා ශනි ධනු රාශියේ ගමන් කරනවා ඇත. අප මීට පෙර නැකතට ලියා ඇති පලාපල හා ග්‍රහ ශාන්තිකර්ම එසේම අනුගමනය කිරීම මැනවි.