- Advertisement -

ලිංගිකව එක්වෙන වාර ගණන වැඩි වුනොත් ජීවිතයේ සතුට අඩුවෙනවලු අඹු සැමියන් බලන්න අනිවාර්යෙන් ඔබේ පවුල් ජිවිතය සර්තක කරගන්න

Nov 12, 2016 2580 Views Health


ලිංගිකව එක්වෙන වාර ගණන වැඩි වුනොත් ජීවිතයේ සතුට අඩුවෙනවලු අඹු සැමියන් බලන්න අනිවාර්යෙන් ඔබේ පවුල් ජිවිතය සර්තක කරගන්න

ලිංගික සංසර්ගයේ වැඩි වාර ගණනක් යෙදීම ජීවිතයේ සන්තුෂ්ටියට හේතු නොවන බව ඇමරිකානු පර්යේෂකයින් පිරිසක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
ඔවුන් පවසන්නේ විවිධ ආකාරයන් හරහා ගොඩනගා ඇති ලිංගික සංසර්ගය හා ජීවන තෘප්තිය අතර සබඳතාවය එතරම් සරල නොවන බවයි.
කාර්නෙගී මෙලන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් මේ පරීක්‍ෂණය වයස අවුරුදු 35-65 අතර විවාහක යුවල් සහභාගි කරගෙන තිබේ.
ඔවුන් මුලින්ම යුවල් කාණ්ඩ දෙකකට ඛෙදා වෙන්කර ඇති අතර එක් කණ්ඩායමකට පමණක් ඔවුන් ලිංගික ඇසුරේ යෙදෙන වාර ගණන දෙගුණයකින් වැඩිකරන ලෙස දැනුම් දී ඇත.
තෘප්තිය පිළිබඳ පදනම් අක්‍ෂයන් ගොඩනැගීම සඳහා එක් එක් පුද්ගලයාගේ සෞඛ්‍ය සම්පන්න භාවය, සතුට, සංසර්ගයේ යෙදුණු ආකාරය, සහකරුවාගේ ස්වභාවය හා එය තෘප්තිමත්ද යන්න දෛනිකව විමසා බලා ඇත.
තෙමසකින් පසු පර්යේෂකයින් අනාවරණය කරගෙන ඇත්තේ ලිංගිකව හැසිරෙන වාර ගණන ඉහළ නැංවීම මගින් ජීවිතයේ සතුට වැඩිවනු වෙනුවට අඩුවී ඇති බවයි.
පර්යේෂණයේ ප‍්‍රධාන විද්‍යාඥ මහාචාර්ය ජෝර්ජ් ලොවෙන්ස්ටයින් පවසා ඇත්තේ ලිංගික සංසර්ගයේ යෙදීමට එන පෙළඹුමක් මත එය සිදුකිරීම වෙනුවට දෛනික අවශ්‍යතාවයක් ලෙස එහි නිරතවීම මගින් මෙම තත්වය ඇතිවී ඇති බවයි.
සබඳතාවයක මුල් කාලයේදී වැඩි වාර ගණනක් ලිංගිකව එක්වුවද පසුකාලීනව එය වඩාත් තෘප්තිය ලැබිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කල් දමන බව ඔහුගේ අදහසයි.

- Advertisement -

Similar Post You May Like

  • Disease-still-is-the-older

    වයසට යන විට හැදෙන ලෙඩ...

    Mar 28, 2017 753 Views Health

    කාන්තාවන් වියපත් වන විට ආර්තවහරණයත් සමඟ විවිධ රෝගාබාධ හා අපහසුතාවන්ට මුහුණපායි. ඔබටත් මෙවැනි ගැටලු ඇතිවන්නේ දැයි සොයා බලන්න. වයස අවුරුදු 45 - 50 පමණ වන විට ආර්තවය ස්වභාවයෙන්

  • Thin-avocado-good-offer

    කෙටිටූ සිරුරක් හිමි අයට අලිගැට පේර හොඳයි

    Feb 23, 2017 1826 Views Health

    මෙම පලතුර එක් වාරයකදී පමණක් ඵල හටගන්නා නිසා ඇලිගැට පේර ගෙඩියක් දැක්කහම ඔබගේ සිතට නැගෙන්නේ එහි රස බැලීමට නේද?  අලිගැට පේර පලතුරක් ලෙස ආහාරයට ගන්නවා මෙන්ම එය ඉතා රසවත්

  • The-enemy-came-and-throat-heart-disease

    උගුරට ඇවිත් හදවත ලෙඩ කරන සතුරා

    Feb 23, 2017 1370 Views Health

    අද අපි රූමැටික් උණ කියන රෝගී තත්ත්වය ගැන කතා කරමූ. විශේෂයෙන් මෙම රෝගය බහූලව වැළඬෙන්නේ ළමා කාලයේදී. අවූරුදු පහත් පහළොවක් අතර දරුවන්ට තමයි රූමැටික් උණ බහූලව හැදෙන්නේ. උග

- Advertisement -