Iranama Sinhala Articles
iranama
ජේයාතිෂය නම් වූ මෙම අද්විතීය ශාස්ත්රය තුළින් ඔබ උපන් මොහොත අරබයා ගොඩනඟනු ලබන ජන්ම පත්රය තුළින් ඔබේ ජීවිතයේ පාලනය බාරගත් සුවිශේෂී ග්රහයකු පිළිබඳ අපට හඳුන්වා දිය හැකියි. ඒ අපේ ජීවිතය පාලනය කරන ආත්ම කාරක ග්රහයායි. එසේ නම් අපේ ජීවිතය පාලනය කරන මේ ආත්ම කාරක ග්රහයා යනු කවරෙක්ද? එම ප්රධාන ග්රහයා පිළිබඳ මෙම ලිපිය තුළින් කරුණු රැසක් ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වෙමි. ඔබේ ආත්මය පාලනය කරන්නේ ඔබේ ලග්නයට අයිති ග්රහයා වෙයි. එසේ නම් ඔබ උපන්නේ මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන ලග්න 12න් ඔබ කිනම් ලග්නයකින් උපන්්නත් ඔබේ ආත්මය පාලනය කරන්නේ ඔබේ ලග්නයට අධිපති ලග්නාධිපති ග්රහයා බව ඔබ වටහා ගත යුතුයි. එසේ නම් අප මේ කතාකරන ආත්මකාරක ග්රහයා යනු ඔබේ ලග්නයට අධිපති ලග්නාධිපති ග්රහයා වෙයි.